Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 5:6 - Sinhala New Revised Version

6 විරෝධයක් නොපෑ නිදොස් මිනිසාට වුව ද ඔබ වරද එල්ල කොට ඔහු මරාදැමුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 ඔබ, ඔබට විරෝධය නො දැක්වූ අහිංසක මිනිසුන් වරදකරුවන් කොට ඔවුන් මරා දැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 විරෝධයක් නොපෑ නිදොස් මිනිසාට වුව ද ඔබ වරද එල්ල කොට ඔහු මරාදැමුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 නුඹලා ධර්මිෂ්ඨයා වරදට පත්කොට මැරුවහුය; ඔහු නුඹලාට විරුද්ධව සිටින්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 5:6
24 හුවමාරු යොමු  

ඔබ යමකට ආසා වන්නහු ය; එහෙත් එය ඔබට ලැබෙන්නේ නැත; ඒ නිසා ඔබ මිනී මරන්නහු ය. ඔබ ඊර්ෂ්‍යා කරන්නහු ය; ඔබට තෘප්තියක් නැත. ඔබ දබර කරන්නහු ය; සටන් කරන්නහු ය. නො ඉල්ලන නිසා ඔබට ලැබෙන්නේ නැත.


ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය මෙසේ ය: “මරණයට ගෙනයනු ලබන බැටළුවෙකු මෙන් ද උගේ ලොම් කපන්නා ඉදිරිපිට ගොළු ව සිටින බැටළු පැටවෙකු මෙන් ද උන් වහන්සේ තමන් මුඛය නාරින සේක.


එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.


සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටිය හ; නිහතමානී ලෙස එය දැරූ හ. මරන්න ගෙන යන බැටළු පොව්වකු සේ ද බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬ ව සිටින සේ ද එතුමෝ මුඛය නෑර සිටිය හ.


ඉදින් මාගේ දැහැමි තැනැත්තා ඇදහිල්ලෙන් ජීවත් වේ. එහෙත් ඔහු පසුබට වන්නේ නම්, ඔහු ගැන මට සතුටක් නැත.”


ඔහු කතා කොට, ‘අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ කැමැත්ත දැනගන්නටත්, ධර්මිෂ්ඨයාණන් දකින්නටත්, උන් වහන්සේගේ මුඛයෙන් වචනය අසන්නටත් ඔබ තෝරා ගත් සේක.


එහෙත් ඔබ දිළිඳුන්ට අවමන් කළහු ය. ඔබට පීඩා කරන්නෝ ධනවත්තු නොවෙත් ද? නඩු ශාලාවලට ඔබ ඇදගෙන යන්නෝත්,


ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත.


එහෙත්, නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද බරබ්බස් ම ඉල්ලන්ටත්, ජේසුස් වහන්සේ නසාලන්ටත් ජනකාය කැමැති කරවාගත්හ.


එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, ‘මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු’යි ඔවුනොවුන් අතර කතා කොට,


අල්ලස් ගෙන දුෂ්ටයා නිදොස් කර, ධර්මිෂ්ඨයන්ගේ අයිතිවාසිකම් පැහැරගත් ඔබට වන විපතක මහත!


ශුද්ධ ලියවිල්ලේ කියා ඇති පරිදි: “දැහැමි කෙනෙකුට ගැළවීම දුෂ්කර වේ නම්, අභක්තිකයාට හා පාපිෂ්ඨයාට කුමකින් කුමක් වෙයි ද?”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්