ඔබ පීඩිත සෙනඟ ගළවන සේක. එහෙත්, උඩඟු වූවන් පහත් කරන පිණිස ඔබේ ඇස් ඔවුන් දෙස යොමා තිබේ.
යෙසායා 2:12 - Sinhala New Revised Version ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක; Sinhala New Revised Version 2018 ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක; Sinhala Revised Old Version මක්නිසාද උඩඟුවූ අහංකාරවූ සියල්ලට විරුද්ධවද උසස්ව තිබෙන සියල්ලට විරුද්ධවද |
ඔබ පීඩිත සෙනඟ ගළවන සේක. එහෙත්, උඩඟු වූවන් පහත් කරන පිණිස ඔබේ ඇස් ඔවුන් දෙස යොමා තිබේ.
“සව් බලැති දෙවිඳාණන්ගේ විනිශ්චය දවස නියම නොකරන්නේ මන් ද? එතුමන් නමදින දනන් ඒ දිනය නොදන්නේ මන් ද?
සමිඳුනි, මාගේ සිත තුළ අහංකාරයක් නැත. උදාරම් ලෙස මම ඇස් නොඔසවමි. වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි.
එහෙත්, සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සියොන් කන්දෙහි හා ජෙරුසලමෙහි මා කරන දේ නිම කළ පසු අසිරියාවේ රජුගේ පාරට්ටුවත්, අහංකාරයත් නිසා මම ඔහුට දඬුවම් කරමි.”
ගස්වලින් කපාදමන අතු සේ සව් බලැති සමිඳාණෝ ඔවුන් බිඳදමන සේක. ඔවුන් අතරෙන් ඉතා අසහනකාරී අය සිඳදමනු ලබන්නෝ ය. උසස් අය පහත් කරනු ලබන්නෝ ය.
මම ලෝකයාට ඔවුන්ගේ නපුරුකම් නිසාත්, දුෂ්ටයන්ට ඔවුන්ගේ අයුතුකම් නිසාත් දඬුවම් කරමි. උඩඟු අයගේ අහංකාරය නවත්වා, බලහත්කාරකම් කරන්නන්ගේ ආඩම්බරය පහකරන්නෙමි.
දේශය පාළු කරදමා, එහි වසන පව්කාරයන් එයින් මුලිනුපුටා දමන පිණිස සමිඳුන්ගේ ඒ දවස රෞද්‍ර ව, කෝපයෙන් හා බලවත් උදහසින් එන්නේ ය.
ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය.
උඩ සිටින, ඉහළ අහසේ බල මණ්ඩලවලටත්, පොළොවේ සිටින පාලකයන්ටත්, සමිඳුන් දඬුවම් කරන කාලයක් පැමිණෙන්නේ ය.
මුළු පොළොව මැලවී, වියළී යන්නේ ය; මුළු ලෝකය අබල දුබල වන්නේ ය; අහසත්, පොළොවත් ජරාවාසයක් වන්නේ ය.
මම කඳු හා හෙල් පාළු කර, එහි සියලු පලා ජාති වේළී යන්න සලස්වන්නෙමි. ගංගා වැලිකතර කරන්නෙමි. සියලු පොකුණු හිඳී යන්න සලස්වන්නෙමි.
සමිඳුන්ගේ කරුණාවේ දවස, සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරන පිණිස ද වැලපෙන සියල්ලන් සනසන පිණිස ද එතුමා මා ආලේප කළ සේක.
මා තෝරාගත් සෙනඟ වනාහි සතුරු ගිජු පක්ෂීන්ගෙන් වට වූ උකුස්සෙකු වැන්න. වනයේ සියලු සතුනි, ගොදුරට රැස් වන්න.
අහෝ! භයානක දවසක් පැමිණෙන්නේ ය; ඊට සම කළ හැකි අන් දවසක් නොවන්නේ ය. එය ජාකොබ්ගේ පරපුරට විපත් දවසක් වන්නේ ය. එහෙත්, ඔවුන් එයින් ද ගළවනු ලබනු ඇත.”
ඒ දවස වනාහි ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන්ගේ දවස ය. එතුමන්ගේ සතුරන්ට දඬුවම් දීමේ දවස ය. එතුමන්ගේ කඩුව ඔවුන් නසා වනසා සෑහීමට පැමිණෙන්නේ ය; ඔවුන්ගේ ලේවලින් මත් වන්නේ ය. මන්ද, එය වනාහි උතුරු දේශයේ යුප්‍රටීස් ගංගාව ළඟ ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන් වෙත කළ යාගයකි.
“බබිලෝනිය, එම්බා අහංකාර ජාතිය! ඒ නිසා සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වන මම නුඹට විරුද්ධ ව සිටිමි. නුඹට දඬුවම් කිරීමේ කාලය දැන් පැමිණ තිබේ.
නුඹලා කපොලු මුර කෙළේ වත්, සමිඳාණන් වහන්සේගේ දවසේ දී ඇති වන සටනේ දී සවි සම්පන්න ව සිටීමට නුඹලා ඉශ්රායෙල් ජාතිය වටකර පවුරක් ගොඩනැඟුවේ වත් නැත.
දැන් නෙබුකද්නෙශර් රජු වන මම ස්වර්ගයේ රජ්ජුරුවන් වහන්සේට ප්‍රශංසා කරමි, තුති පුදමි, ගරු කරමි, මන්ද, උන් වහන්සේගේ පොරොන්දු ඉෂ්ට වන්නේ ය. උන් වහන්සේගේ ක්‍රියා මාර්ග සාධාරණ ය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත් කරන්නට උන් වහන්සේට පුළුවන.
සමිඳාණන් වහන්සේගේ පැමිණීමේ දවස ආසාවෙන් බලා සිටින ඔබට වන්නට යන විපතක මහත! ඒ දවසේ ඔබට කිසි යහපතක් වෙයි ද? එය ආලෝකයේ දවසක් නොව, අන්ධකාරයේ දවසක් වන්නේ ය.
ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹලා පිට එවැනි විපත්ති පමුණුවන්නට යෝජනා කරන්නේ මම ය. නුඹලාට බේරෙන්න නොහැකි වන්නේ ය. නුඹලාට උඩඟුකමින් හැසිරෙන්න නොහැකි වන්නේ ය. මන්ද, එය නුඹලාට නපුරු කාලයක් වනු ඇත.
පවුරු ඇති නගරවලටත් උස් කොත්වලටත් විරුද්ධ ව යුද්ධ හොරණෑ පිඹීමේ ද රණ හඬ නැඟීමේ ද දවසක් ය.
ඒ කාලයේ දී, මාගේ සෙනඟ වන නුඹලා මට විරුද්ධ ව කළ ද්‍රෝහි ක්‍රියා නිසා ලජ්ජාවට පත් නොවන්නහු ය. මන්ද, අහංකාරි, අභිමානවත් සියලු දෙනා මම නුඹලා අතරෙන් පහ කරන්නෙමි. ඉන්පසු නුඹලා කිසි කලෙක මාගේ ශුද්ධ කන්දෙහි කැරලි නොගසන්නහු ය.
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උඩඟු අය ද නපුරු අය ද පිදුරු පෝරණුවක දැවෙන්නාක් මෙන් දැවී යන දවසක් පැමිණෙන්නේ ය. ඒ දවසේ දී කිසිවෙක් ඉතිරි නොවන සේ දැවී යන්නෝ ය.
“සමිඳාණන් වහන්සේගේ මහා භයානක දවස පැමිණෙන්නට පෙර මම දිවැසිවර එලියා නුඹලා වෙත එවන්නෙමි.
තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.
තමා ම උසස් කරගන්න හැම දෙනා ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලැබේ ය”යි වදාළ සේක.
අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ බලයෙන් ඒ පුද්ගලයාගේ ආත්මය සමිඳාණන් වහන්සේගේ දවසේ දී ගැළවෙන පිණිස, ඔහුගේ ශරීරය නාස්ති වන පිණිස ඔහු සාතන්ට භාර කළ යුතු ය.
මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය.
එහෙත් උන් වහන්සේගෙන් එන වරප්‍රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි.