ඒ රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහසකට පහර දුන්නේ ය. මිනිසුන් අලුයම නැඟිට බලන විට, ඒ සියල්ලෝ මැරී සිටියහ.
යෙසායා 10:26 - Sinhala New Revised Version සියලු බලැති ස්වාමීන් වන මම ඕරෙබ් පර්වතය ළඟ දී මිදියන්වරුන්ට පහර දුන්නාක් මෙන් කසයකින් අසිරියන්වරුන්ට තළන්නෙමි. මිසර වැසියන්ට මා පහර දුන්නාක් මෙන් මම අසිරියාවට ද පහර දෙමි. Sinhala New Revised Version 2018 සියලු බලැති ස්වාමීන් වන මම ඕරෙබ් පර්වතය ළඟ දී මිදියන්වරුන්ට පහර දුන්නාක් මෙන් කසයකින් අසිරියන්වරුන්ට තළන්නෙමි. මිසර වැසියන්ට මා පහර දුන්නාක් මෙන් මම අසිරියාවට ද පහර දෙමි. Sinhala Revised Old Version සේනාවල ස්වාමීන්වහන්සේ ඕරෙබ් පර්වතය ළඟදී මිදියන් මරාදැමූ ලෙස, ඔහුට විරුද්ධව කසයක් ඔසවා තමන්ගේ සැරයටිය මුහුදට උඩින් තබනවා ඇත, මිසරයේදී කළාක් මෙන් එය ඔසවනවා ඇත. |
ඒ රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහසකට පහර දුන්නේ ය. මිනිසුන් අලුයම නැඟිට බලන විට, ඒ සියල්ලෝ මැරී සිටියහ.
මාගේ දෙවිඳුනි, මාගේ සමිඳුනි, මා වෙනුවෙන් ඉදිරිපත් වුව මැනව; මාගේ නඩුව අසා, යුක්තිය ඉටු කළ මැනව.
ඔබ ඕරෙබ්ට සහ ශිබ්ට කළ පරිදි ඔවුන්ගේ නායකයන්ටත් කළ මැනව. ඔබ සෙබා සහ ශල්මුන්නා පරාජය කළ පරිදි ඔවුන්ගේ පාලකයන් ද පරාජය කළ මැනව.
තවද, ඔවුන්ට මුහුද මැදින් වියළි බිම දිගේ යන්න හැකි වන පරිදි ඔබ ද ඔබේ සැරයටිය ඔසවා, අත මුහුද දෙසට දිගු කොට මුහුද දෙබෑ කරවන්න.
සියොන්හි ජීවත් වන තමන් සෙනඟට සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මිසර වැසියන් නුඹලාට පීඩා කළාක් මෙන් අසිරියන්වරුන් පොලු මුගුරුවලින් තැළුවත් ඔවුන්ට භය නොවන්න.
ඉශ්රායෙල් සෙනඟට මිසරයෙන් පිට වන්න මඟ සැලසුණාක් මෙන් අසිරියාවේ ඉතිරි පිරිසටත් ඒ රටෙන් පිට වන්න මහා මාවත් ඇති වන්නේ ය.
සමිඳාණන් වහන්සේ තමන්ගේ මහිමාන්විත හඬ සියල්ලන්ට ඇසෙන්නට සලස්වා තමන්ගේ උදහසේ තද පරුෂකම සියල්ලන්ට දැනෙන්නට සලස්වන සේක. එවිට ගිනි දලු ද ධාරානිපාත වර්ෂාව ද වැහි කුණාටු ද ගල් වර්ෂා ද ඇති වන්නේ ය.
දෙවියන් වහන්සේගේ හඬ අසා, උන් වහන්සේගේ දඬුවමේ පහරට ගොදුරු වන විට අසිරියන්වරු භීතියෙන් ඇලළී යන්නෝ ය.
සමිඳාණන් වහන්සේ නැවත නැවත අසිරියන්වරුන්ට පහර දෙන අතර, උන් වහන්සේගේ සෙනඟ රබන් හා වීණා නාදය අනුව ප්‍රීති වන්නෝ ය. දෙවියන් වහන්සේ සිය බලය මෙහෙයවමින් අසිරියන්වරුන්ට විරුද්ධ ව සටන් කරන සේක.
ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.
මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය.
මනුෂ්‍ය ජාතීහු කෝපාවිෂ්ට වූ හ. ඔබගේ උදහස ද මළවුන් විනිශ්චය කිරීමේ කාලය ද දැන් පැමිණ තිබේ. ඔබගේ සේවක දිවැසිවරයන්ට හා සැදැහැවතුන්ට ද ඔබගේ නාමයට භය වන ලොකු කුඩා සියල්ලන්ට ද විපාක දීමටත් පොළොව වනසන්නන් වැනසීමටත් කාලය පැමිණ තිබේ.”
ජාතීන්ට පහර දෙනු පිණිස උන් වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මේ. උන් වහන්සේ යගදාවකින් ඔවුන් පාලනය කර, සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ කෝපයේ උදහස නමැති මිදි යන්ත්‍රයේ මිදි මඬින සේක.
ඔව්හු මිදියන්වරුන්ගේ අධිපතීන් දෙදෙනා වන ඔරෙබ් ද ශීබ් ද අල්ලාගෙන, ඔරෙබ් නම් පර්වතය ළඟ දී ඔරෙබ් ද ශීබ්හි ඇති මිදි යන්ත්‍රය ළඟ දී ශීබ් ද මරාදමා, මිදියන්වරුන් පස්සේ එළවාගෙන ගියෝ ය. ඔව්හු ඔරෙබ්ගේ ද ශීබ්ගේ ද හිස් දෙක ජොර්දානෙන් එතෙර සිටි ගිඩියොන් වෙත ගෙනාවෝ ය.