Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 10:24 - Sinhala New Revised Version

24 සියොන්හි ජීවත් වන තමන් සෙනඟට සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මිසර වැසියන් නුඹලාට පීඩා කළාක් මෙන් අසිරියන්වරුන් පොලු මුගුරුවලින් තැළුවත් ඔවුන්ට භය නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 සියොන්හි ජීවත් වන තමන් සෙනඟට සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මිසර වැසියන් නුඹලාට පීඩා කළාක් මෙන් අසිරියන්වරුන් පොලු මුගුරුවලින් තැළුවත් ඔවුන්ට භය නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක්: සියොන්හි වසන මාගේ සෙනඟෙනි, අෂූරියයා පොල්ලෙන් නුඹට ගසා, මිසරය කළාක්මෙන් තමාගේ සැරයටිය නුඹට විරුද්ධව ඔසවන නුමුත්, ඔහුට භය නොවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 10:24
28 හුවමාරු යොමු  

සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.


ඔහු වෙත මේ පිළිතුර යැවී ය: “අසිරියාවේ රජුගේ සේවකයන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කිවූ මේ අපහාස වචන ඇසූ විට ඒ ගැන බිය නොවන්න.


ගැළවීමේ දවස මම ළඟා කරන්නෙමි. එය වැඩිදුර නොවේ; මාගේ ජය ප්‍රමාද නොවේ. මම ජෙරුසලමට ගැළවීම ගෙන දී මාගේ ගෞරවය ඉශ්රායෙල්වරුන්ට පවරන්නෙමි.”


ඔහු ගැන සමිඳාණන් වහන්සේ වදාරන වචනය මෙසේ ය; “සියොන් කන්‍යා දියණිය, නුඹට අවඥාවෙන් සරදම් කරන්නී ය. ජෙරුසලම් දියණිය, නුඹට සමච්චල් කරමින් සිනාසෙන්නී ය.


බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; “බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”


ජෙරුසලමේ සිටින සෙනඟෙනි, ඔබ තවත් අඬන්නේ නැත. සමිඳාණන් වහන්සේ දයාන්විත ය. ඔබේ මොරගැසීමට උන් වහන්සේ සවන් දී ඔබට පිළිතුරු දෙන සේක.


ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට සමිඳුන් දැඩි ලෙස දඬුවම් කළාක් මෙන් ඉශ්රායෙල්ටත් දඬුවම් කර ඇද් ද? ඔවුන් මරණයට පත් කළ සතුරන් විනාශ කළාක් මෙන් ඔවුනුත් විනාශ කර ඇද් ද?


“අහෝ පිලිස්තියේ ජනයෙනි, නුඹලාට පහර දුන් යෂ්ටිය දැන් කැඩී ඇත. එහෙත්, ප්‍රීති නොවන්න. මන්ද, එක සර්පයෙකු මළ විට ඊට වඩා විසිකුරු සර්පයෙක් එන්නේ ය. උගේ බිජුවෙන් ඉගිලෙන ගිනි සර්පයෙක් ඇති වන්නේ ය.


සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”


මාගේ උදහසට ලක් වූ ජාතියට දඬුවම් කරන පිණිස මම අසිරියාව මුගුරක් හෙවත් සැරයටියක් සේ පාවිච්චි කරමි.


මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය.


ජෙරුසලමේ ඉතිරි ව සිටින අය එනම්, විනාශ නොවී ජීවත් ව සිටින පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අය, ‘ශුද්ධවන්තයෝ යැ’යි කියනු ලබන්නෝ ය.


මිසර වාසීහු ඔවුන් ලුහුබැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන් ද යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද හමුදාව ද සමඟ ඔවුන් ලුහුබැඳ ගොස්, බාල්-ශෙපොන් නම් ස්ථානයට මූණ ලා පී-හාහිරොත් නම් ස්ථානය අසල මුහුදුබඩ කඳවුරු බැඳ සිටි ඔවුන්ට ළඟා වූ හ.


තවද, ඔව්හු පාරාවෝගේ විධායකයන් විසින් පත් කරන ලද ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීන්ට පහර දී, “මෙතෙක් කළ පරිදි ඊයෙත්, අදත් නියමිත ගඩොල් ගණන සාදා නිම නොකළේ මන්දැ”යි ඇසූ හ.


පරීක්ෂාකාරී ව, සන්සුන් ව, නිර්භය ව, නොකැළඹී සිටින්න ඔහුට කියන්න. රෙශීන් සහ සිරියන්වරුන්ගේත්, රෙමලියාගේ පුත්‍රයාගේත් කෝපාග්නිය දුම් නඟින ගිනිපෙනෙලි දෙකක් වැනි ය. එහි භය වන්න කිසි දෙයක් නැත.


බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”


සමිඳාණන් වහන්සේ නැවත නැවත අසිරියන්වරුන්ට පහර දෙන අතර, උන් වහන්සේගේ සෙනඟ රබන් හා වීණා නාදය අනුව ප්‍රීති වන්නෝ ය. දෙවියන් වහන්සේ සිය බලය මෙහෙයවමින් අසිරියන්වරුන්ට විරුද්ධ ව සටන් කරන සේක.


අහස විහිදුවා පොළොවේ අත්තිවාරම දැමූ නුඹලාගේ මැවුම්කාරයා අමතක කළහු ද? නුඹලා විනාශ කිරීමට අරමුණු කරගත් පීඩා කරන්නන්ගේ කෝපය නිසා නුඹලා දවස මුළුල්ලේ ම වෙවුළන්නේ කුමට ද? පීඩා කරන්නන්ගේ කෝපයෙන් නුඹලාට කිසි හානියක් නොවන්නේ ය.


එතුමාණෝ සාමදානය ගෙන දෙන සේක. අසිරියන්වරුන් අපේ රට ආක්‍රමණය කොට අපේ බලකොටු බිඳගෙන ඇතුළු වූ විට ඔවුන් සමඟ සටන් කිරීමට අපි අපේ පාලකයන් සත්දෙනා සහ ප්‍රධානීන් අටදෙනා යවන්නෙමු.


යෙසායා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබට ඇසුණු අසිරියාවේ රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කියන ලද වචනවලට බිය නොවන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්