යාකොබ් 1:26 - Sinhala New Revised Version යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත. සිංහල කාලීන පරිවර්තනය යමෙක් තම දිව පාලනය නො කර, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු තමාම රවටා ගනී. ඔහුගේ භක්තිවන්තකම ද හිස් එකකි. Sinhala New Revised Version 2018 යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත. Sinhala Revised Old Version යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය. |
දෙවිඳුන් මා දුබලයෙකු, අසරණයෙකු කළ බැවින් ඔව්හු මා අබිමුව කිසි බියක් නැති ව හැසිරෙති.
අශ්වයෙකු හෝ කොටළුවෙකු හෝ මෙන් මෝඩ නොවන්න; උන් දමනය කිරීමට කටකලියාව හා පටිය අවශ්‍ය ය. නැතහොත් නුඹට උන් පාලනය කළ නොහැකි ය.”
දවස පුරා ඔහු ආශා වන දෙය ඔහුට ලැබෙන්නේ නැත; එහෙත් දැහැමි මිනිසා දෙයි, නොමසුරු ව ම දෙයි.
ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජා මට ඉවසිය නොහැකි ය. අමාවක් උත්සව ද සබත් දවස් ද ආගමික රැස්වීම් ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත.
ඔහු කරන දේ ගඟට ඉණි කැපීමක් වැන්න. ඔහු රැවටී, මුළා වී සිටින බැවින්, ඔහු අතින් අල්ලාගෙන සිටි දේව රූපය කිසි සේත් දෙවි කෙනෙකු නොවන බව ඔහුට තේරුම්ගත නොහැකි ය.
‘දෙවියන් වහන්සේට සේවය කිරීම නිෂ්ඵල ය. උන් වහන්සේගේ ආඥා ඉටු කිරීමෙන් වත්, කණගාටුවෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හැසිරීමෙන් වත් වැඩක් ඇද් ද?
එබැවින් ඔබ සවන් දෙන්නේ කෙසේ දැ යි විමසිල්ලෙන් සිටින්න. මන්ද, යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ; යමක් නැති තැනැත්තාගෙන්, තමාට ඇතැ යි සිතන දෙය පවා පැහැරගනු ලැබේ.”
මළවුන් උත්ථාන කරනු ලැබීමක් නැත්නම්, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ උත්ථාන කෙළේත් නැත. එසේ නම් දෙවියන් වහන්සේ උන් වහන්සේ උත්ථාන කළ සේකැ යි අප සාක්ෂි දුන් බැවින්, අපි බොරු සාක්ෂිකාරයෝ වම්හ.
ඒ මඟින් ඔබ ගැළවීම ලබන්නහු ය. එසේ වන්නේ මා ඔබට දෙසූ ලෙස ම, ඒ සුබ අස්න නිසැක ව පිළිගෙන, එය නිෂ්ඵල නොවන ලෙස විශ්වාස කළොත් පමණකි.
කිසිවෙක් තමා ම රවටා නොගනිත් වා. ඔබ අතර යමෙක් තමා ප්‍රඥාවන්තයෙක් යයි සිතන්නේ නම්, ඔහු නියම ප්‍රඥාවන්තයෙකු වන පිණිස, ලෝක මිම්ම අනුව ඔහු මෝඩයෙක් වේ වා.
ප්‍රධානීන් යයි සිතූ ඒ අයගෙන් අමුතු අදහසක් ලැබුණේ නැත. ඔවුන්ගේ වැදගත්කම ගැන මට කමක් නැත. දෙවියන් වහන්සේ කිසි ම පුද්ගලයෙකුගේ තරාතිරම් නොබලන සේක.
මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ.
කිසි වැදගැම්මකට නැති කෙනෙක් තමා වැදගත් කෙනෙක් යයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනියි.
කිසි දූෂිත වචනයක් ඔබේ කටින් පිට වෙන්න ඉඩ නෑර, අසන්නන්ගේ වර්ධනය සඳහා අවස්ථාවෝචිත මනහර වචන කතා කරන්න.
අශික්ෂිත, මෝඩ කතා හා නීච කවටකම් යන මේවාත් සුදුසු නැත. ඒ වෙනුවට ස්තුති දීමේ වචන පවසන්න.
එහෙත්, අන් මඟක ගොස්, අන් දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරන සේ නොරැවටෙන්නට වගබලාගන්න.
රස මුසු, සිත් පිණවන බසින් කතා කරන්න. හැම කෙනෙකුට නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ යි දැන ගන්න.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න.
ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ජීවිතයට ප්‍රේම කරන, වාසනාවන්ත දවස් දැකීමට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන් ද තොල් වංචා සහගත වදනින් ද වළක්වාගනී වා!