ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 15:14 - Sinhala New Revised Version

මේ ඇසූ ජනතාවෝ වෙව්ලති; පිලිස්ති වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මේ ඇසූ ජනතාවෝ වෙව්ලති; පිලිස්ති වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ජනයන්ට ඇසුණේය, ඔව්හු වෙවුලති, වේදනාව වනාහි පිලිස්තියාවේ වැසියන් අල්වා ගත්තේය.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 15:14
20 හුවමාරු යොමු  

දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළ වී ගියේ ය. සමිඳාණන් වහන්සේ සියලු ජාතීන් තුළ ඔහු කෙරෙහි භයක් ඇති කළ සේක.


ඔව්හු බියෙන් හා සන්තාපයෙන් ඇලළී, ප්‍රසූතියට ළං වූ කතුන් මෙන් වූ හ;


තද කුණාටුවට අසු වී, සැලෙන, පෙරළෙන මහ නැව් මෙන් වූ හ.


“අහෝ පිලිස්තියේ ජනයෙනි, නුඹලාට පහර දුන් යෂ්ටිය දැන් කැඩී ඇත. එහෙත්, ප්‍රීති නොවන්න. මන්ද, එක සර්පයෙකු මළ විට ඊට වඩා විසිකුරු සර්පයෙක් එන්නේ ය. උගේ බිජුවෙන් ඉගිලෙන ගිනි සර්පයෙක් ඇති වන්නේ ය.


පිලිස්ති ජනයෙනි, උදව් උපකාර ඉල්ලා කෑමොර ගසන්න; භීතියෙන් ඇලළී යන්න. උතුරෙන් දූවිලි වලාකුළක් මෙන් හමුදාවක් පැමිණෙන්නේ ය. එය වනාහි බිය සුලු ව ආ අය කිසිවෙකු නැති යුද හමුදාවකි.


තීර් විනාශ කරනු ලැබූ බව මිසර වාසීන්ට ආරංචි වූ විට ඔව්හු තිගැස්සී ශෝක වන්නෝ ය.


“නුඹ නොදත් රටවලට, ජාතීන් අතරට, නුඹ වහල්කමට ගෙන යන කල, මම බොහෝ ජනයන්ගේ සිත් ශෝක කරවන්නෙමි.


උන් වහන්සේ නවතින විට පොළොව කම්පා කරවන සේක; උන් වහන්සේ බලන විට ජාතීන් වෙවුළුවා හරින සේක. පුරාතන පර්වත දෙදරා යයි; සදාකාල කඳු කිඳා බසියි. උන් වහන්සේගේ ගමන් පුරාණයෙහි මෙන් ය.


කුෂාන්හි සෙනඟ බිය වෙනවාත්, මිදියන්හි ජනයා වෙවුලනවාත් මම දිටිමි.


එරට වැසියන්ට ද එය කියනු ඇත. තවද, සමිඳාණන් වහන්සේ වන ඔබ මේ සෙනඟ මැද වැඩ වසන බවත්, ඔබ ඔවුන්ට මුහුණට මුහුණ ලා පෙනෙන බවත්, ඔබගේ ලකුණ වන වලාකුළ ඔවුන්ට ඉහළින් රඳා සිටින බවත්, ඔබ ඔවුන්ට පෙරටුව, දවල් කාලයේ දී වලා ටැඹක් මඟින් ද, රාත්‍රි කාලයේ දී ගිනි ටැඹක් මඟින් ද වැඩම කරන බවත් ඔවුන් අසා ඇත.


මොහු අමවු නම් රටේ යුප්‍රටීස් නදිය අසල වූ පෙතෝර් නම් නගරයේ විසූ බෙයෝර්ගේ පුත් බාලාම් කැඳවීමට දූතයන් යවමින්, ඔහුට මෙසේ දැන්විය: “බලන්න, මිසරයෙන් පිටතට පැමිණි සෙනඟක් මෙහි ඇත. ඔව්හු මගේ රට පුරා පැතිරී, එය අල්ලාගැනීමට තර්ජනය කරති.


මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.”


ගිබියොන් රාජකීය නගරයක් මෙන් විශාල නගරයක් ව තිබුණ නිසා ද එය ආයි නගරයටත් වඩා විශාල නිසා ද එහි වැසියන් සියලු දෙනා බලසම්පන්න නිසා ද ජෙරුසලම් වැසියෝ බියපත් වූවෝ ය.


මේ කරුණු ඇසූ කෙණෙහි ම අපි අධෛර්ය වී අතිශයෙන් කලකිරුණෙමු. ඔබට විරුද්ධ ව නැඟී සිටින්නට අප කිසිවෙකුට ධෛර්යයක් නො වී ය. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඉහළ අහසෙහිත්, පහළ පොළොවෙහිත් දෙවියන් වහන්සේ වන බැවිනි.


ඔව්හු ජෝෂුවාට පිළිතුරු දෙමින්, “මුළු දේශය ඔබ හැමට දෙන්නටත්, ඔබ හැම ඉදිරියෙන් දේශයේ සියලු වැසියන් විනාශ කරදමන්නටත්, ඔබ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු මෝසෙස්ට අණ කළ බව අපට දැනගන්නට ලැබුණ බැවින්, ඔබ විසින් මරනු ලබනු ඇත යන බියෙන් අපි මෙසේ කෙළෙමු.


ඔව්හු පිළිතුරු දෙමින් මෙසේ කී හ: “ඔබේ දාසයන් වන අපි ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගැන අසා බොහෝ දුර රටකින් ආවෙමු. උන් වහන්සේගේ කීර්තිය ද උන් වහන්සේ මිසරයේ කළ සියල්ල ද


ඒ නිසා පිලිස්තිවරු බිය වූ හ. මන්ද, “දෙවියන් වහන්සේ කඳවුරට වැඩිය සේකැ”යි ඔව්හු කී හ. තවද, ඔව්හු කතා කොට, “අපට වන විපතක මහත! මන්ද, මෙබඳු දෙයක් මීට පෙර නො වී ය.


අනේ, අපට වන විපතක මහත! මේ බලසම්පන්න දෙවිවරුන්ගේ අතින් අප ගළවාගන්නෝ කවුරු ද? මේ දෙවිවරු වනාහි කාන්තාරයේ මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහර දුන් දෙවිවරු ය.