Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 4:8 - Sinhala New Revised Version

8 අනේ, අපට වන විපතක මහත! මේ බලසම්පන්න දෙවිවරුන්ගේ අතින් අප ගළවාගන්නෝ කවුරු ද? මේ දෙවිවරු වනාහි කාන්තාරයේ මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහර දුන් දෙවිවරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 අනේ, අපට වන විපතක මහත! මේ බලසම්පන්න දෙවිවරුන්ගේ අතින් අප ගළවාගන්නෝ කවුරු ද? මේ දෙවිවරු වනාහි කාන්තාරයේ මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහර දුන් දෙවිවරු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 අපට දුක්වේ! මේ බලවන්ත දෙවිවරුන්ගේ අතින් අප ගළවන්නේ කවුද? මේ වනාහි කාන්තාරයේදී මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහරදුන් දෙවිවරුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 4:8
8 හුවමාරු යොමු  

ඒ මන්ද, මම මේ වතාවේ ඔබ පිට ද ඔබේ නිලධාරීන් හා සෙනඟ පිට ද වසංගත සියල්ල ම එවන්නෙමි. එවිට මුළු මිහි පිට මා වැනි අන් කෙනෙකු නැති බව ඔබ දැනගන්නෙහි ය.


මිසරයට විරුද්ධ ව මාගේ හස්තය දිගු කොට ඔවුන් අතුරින් ඉශ්රායෙල් ජනයා පිටත ගෙනෙන විට මා සමිඳාණන් වහන්සේ බව මිසර දේශ වාසීහු දැන ගන්නෝ ය.”


තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.


ඒ නිසා පිලිස්තිවරු බිය වූ හ. මන්ද, “දෙවියන් වහන්සේ කඳවුරට වැඩිය සේකැ”යි ඔව්හු කී හ. තවද, ඔව්හු කතා කොට, “අපට වන විපතක මහත! මන්ද, මෙබඳු දෙයක් මීට පෙර නො වී ය.


පිලිස්තිවරුනි, ධෛර්ය සම්පන්න වී වීර පුරුෂයන් මෙන් සටන් කරන්න. එසේ නොකළොත් ඔවුන් අපේ වහලුන් වූවාක් මෙන් අපි හෙබ්‍රෙව්වරුන්ගේ වහල්ලු වන්නෙමු. ඒ නිසා වීර පුරුෂයන් මෙන් සටන් කරන්නැ”යි කී හ.


මේ ඇසූ ජනතාවෝ වෙව්ලති; පිලිස්ති වැසියෝ විලිරුදාවෙන් මෙන් පෙළෙති;


අෂ්දොද් වැසියෝ සිදු වූ දේ දැක, “ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟ නොතිබිය යුතු ය; මන්ද, උන් වහන්සේ සිය බාහු බලයෙන් අපටත්, අපේ දෙවියා වන දාගොන්ටත් තදින් දඬුවම් කරන සේකැ”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්