ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුයෙහි මරා, ඔහුගේ ඇස් අන්ධ කොට, ඔහුට විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝ ය.
දේශනාකාරයා 8:9 - Sinhala New Revised Version මෙකී සියල්ල ම දැක මම මිහි මත කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමු කෙළෙමි. වෙන අයට වද දීමේ බලය මනුෂ්‍යයෙකුට ලබාගත හැකි ය. Sinhala New Revised Version 2018 මෙකී සියල්ල ම දැක මම මිහි මත කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමු කෙළෙමි. වෙන අයට වද දීමේ බලය මනුෂ්‍යයෙකුට ලබාගත හැකි ය. Sinhala Revised Old Version මෙකී සියල්ලම මම දැක, ඉර යට කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමුකෙළෙමි. මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ. |
ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුයෙහි මරා, ඔහුගේ ඇස් අන්ධ කොට, ඔහුට විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝ ය.
ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.
මේ මුළු මිනිස් ලොවේ කෙරෙන හැම දෙය මම දිටිමි; ඒ හැම දෙය ම නිස්සාර ය; සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් වැන්න.
මේ මිනිස් ලොවෙහි යුක්තිය තිබිය යුතු තැන අයුක්තිය ද සාධාරණකම තිබිය යුතු තැන අසාධාරණකම ද තිබෙන බව මම දිටිමි.
මේ මහ පොළොවෙහි කෙරෙන සියලු අයුක්තිය දෙස බැලූ විට පීඩා ලබන්නන්ගේ කඳුළු මම දිටිමි; ඔවුන්ට සනසන්නෙක් ද නො වී ය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේ ය. එහෙත්, සනසන්නෙක් නො වී ය.
හිස් වූ ස්වප්න රාශියකින් මෙන් ම, වචන රාශියකින් ද වැඩක් නැත. එබැවින් ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන්න.
දිළිඳුන්ට පීඩා කිරීම ද යුක්තිය හා සාධාරණකම පෙරළීම ද රටේ ඇති වන බව ඔබ දකින විට ඒ ගැන පුදුම නොවන්න. හැම නිලධාරියාට ම ඉහළින් ඊට වඩා උසස්, වෙන නිලධාරියෙක් ඇත.
මම ප්‍රඥාව ද කාරණාවලට හේතුව ද දැනගැනීමටත්, සෙවීමටත් ගවේෂණය කිරීමටත් සිත යොමු කෙළෙමි. එවිට නපුරුකම අඥානකම බව ද මෝහය උතුම්කම බව ද සනිටුහන් කර ගතිමි.
“එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.