එලිෂා කතා කොට, “ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවන්න හැරී ආ විට මාගේ ආත්මානුභාවය ඔබ සමඟ ගියේ නැද් ද? මේ මුදල් පිළිගන්නත්, ඇඳුම් ද ඔලීව වතු ද මිදි වතු ද බැටළුවන් ද ගවයන් ද දාස දාසීන් ද පිළිගන්නත් අවස්ථාවක් ද?
දේශනාකාරයා 3:1 - Sinhala New Revised Version හැම දෙයට ම ප්‍රස්තාවක් ද මේ මහ පොළොවෙහි හැම කාරණයට ම නිසි කාලයක් ද ඇත. Sinhala New Revised Version 2018 හැම දෙයට ම ප්‍රස්තාවක් ද මේ මහ පොළොවෙහි හැම කාරණයට ම නිසි කාලයක් ද ඇත. Sinhala Revised Old Version සෑම දේටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත. |
එලිෂා කතා කොට, “ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවන්න හැරී ආ විට මාගේ ආත්මානුභාවය ඔබ සමඟ ගියේ නැද් ද? මේ මුදල් පිළිගන්නත්, ඇඳුම් ද ඔලීව වතු ද මිදි වතු ද බැටළුවන් ද ගවයන් ද දාස දාසීන් ද පිළිගන්නත් අවස්ථාවක් ද?
ඔහු තමාගේ විපතේ දී තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කොට, තම පියවරුන්ගේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත් වී,
සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි; තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි.
කලින් වැඩකටයුතු පිළියෙළකොට කෙතක් වවා සරු වන තුරු, ගෙයක් දොරක් තනා පවුලක් වීමට නොසිතන්න.
මේ මිනිස් ලොවෙහි සිදු වන හැම දෙය ම ප්‍රඥා ඇසින් විමසා බැලීමට මාගේ සිත යොමු කෙළෙමි. දෙවියන් වහන්සේ මිනිසාට පවරා ඇති ඒ කටයුත්ත කෙතරම් කරදර සහිත ද?
මෙසේ මුළු මිනිස් ලොවෙහි හැම කටයුත්තක් ම අයහපත් බව මට පෙනිණි. මම ජීවිතයට අප්‍රිය කෙළෙමි. හැම දෙය ම සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් නිසරු බව දිටිමි.
ප්‍රඥාව සෙවීමේ අදහස තිබිය දී ම මුළු මිනිස් ලොවෙහි මනුෂ්‍යයා යා යුතු යහ මඟ කුමක් ද කියාත්, මිනිස් වර්ගයාට ප්‍රීතිය දෙන්නේ කුමක් ද කියාත් දැනගන්න පිණිස මාගේ සිත ගත පිනවීමට මම තීරණය කර ගතිමි.
එවිට, “දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයාත්, දුෂ්ටයාත් එක සේ විනිශ්චය කරනු ඇත; සියලු කාරණාවලටත්, සියලු වැඩවලටත් නියමිත කාලයක් පැමිණේ යැ”යි මම සිතාගත්තෙමි.
සැප සම්පත් ඇති කල ප්‍රීති වන්න; විපත ඇති කල මෙය කල්පනාවට ගන්න; සැපත හා විපත යන දෙක ම එවන්නේ දෙවියන් වහන්සේ ය. ඉන්පසු කුමක් වේ දැ යි කිසිවෙක් නොදනිති.
උදයෙහි අහස රතු හා අඳුරු ව තිබෙන නිසා අද කුණාටු ඇති දවසක් වන්නේ ය කියා ද ඔබ දන්නහු ය. ඔබ අහස බලා කාලගුණය තීරණය කරන්න දන්නහු ය. එහෙත්, තත්කාලීන ලකුණු විමසා දැනගන්න ඔබට නුපුළුවන.