අහස්වේරොෂ් රජකමට පත් වූ මුල් කාලයේ දී ඔව්හු ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට විරුද්ධ ව චෝදනාවක් ලියා ඉදිරිපත් කළහ.
දානියෙල් 9:1 - Sinhala New Revised Version මේ වනාහි කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත් කරනු ලැබූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරොෂ්ගේ පුත්‍ර වූ දාරියුස් රජුගේ පළමු වන අවුරුද්දේ සිදු වූවකි. Sinhala Revised Old Version කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත්කරනු ලැබුවාවූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරොෂ්ගේ පුත්‍රව දාරියුස්ගේ පළමුවෙනි අවුරුද්දේදී, |
අහස්වේරොෂ් රජකමට පත් වූ මුල් කාලයේ දී ඔව්හු ජුදාහි ද ජෙරුසලමෙහි ද වැසියන්ට විරුද්ධ ව චෝදනාවක් ලියා ඉදිරිපත් කළහ.
ඉන්දියාවේ පටන් එතියෝපියාව දක්වා රටවල් එකසිය විසිහතක රජකම් කළ අහෂ්වේරොෂ්ගේ දවස්වල දී සිදු වූ සිදුවීම් මෙහි විස්තර කර ඇත. ඒ කාලයේ දී ඔහු සූසා නම් අගනුවර සිංහාසනාරූඪ ව සිටියේ ය.
ඔවුන් ශරීරාබාධ නැති, ශෝභා සම්පන්න, සිප්සතරෙහි සමත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, විචක්ෂණ, රාජ මාලිගාවේ සේවා කරන්නට සුදුසුකම් ඇති, අය විය යුතු යයි ද ඔවුන් ගෙනා පසු, කල්දිවරුන්ගේ භාෂාවත් සාහිත්‍යයත් ඔවුන්ට ඉගැන්විය යුතු යයි ද රජතුමා අශ්පෙනස්ට නියම කෙළේ ය.
මම මේදීය ජාතික දාරියුස්ගේ පළමු වන අවුරුද්දේ දී ඔහුට උපකාරයක් ද ආරක්ෂාවක් ද පිණිස සිටියෙමි.
දාරියුස් රජතුමා තමාගේ මුළු රාජ්‍යය භාර ව සිටින පිණිස දිශාධිපතීන් එකසිය විසිදෙනෙකු පත් කිරීමට සතුටු විය.
මේ නිසා දාරියුස්ගේ රාජ්‍ය කාලයේ දී ද පර්සියානු ජාතික සයිරස්ගේ රාජ්‍ය කාලයේ දී ද දානියෙල් තෙමේ සෞභාග්‍යයෙන් වැජඹුණේ ය.