Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 1:4 - Sinhala New Revised Version

4 ඔවුන් ශරීරාබාධ නැති, ශෝභා සම්පන්න, සිප්සතරෙහි සමත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, විචක්ෂණ, රාජ මාලිගාවේ සේවා කරන්නට සුදුසුකම් ඇති, අය විය යුතු යයි ද ඔවුන් ගෙනා පසු, කල්දිවරුන්ගේ භාෂාවත් සාහිත්‍යයත් ඔවුන්ට ඉගැන්විය යුතු යයි ද රජතුමා අශ්පෙනස්ට නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ශෝභමානවූ, සකල ශාස්ත්‍ර දැනුම් ඇත්තාවූ, දැනගැන්මද ඥානයද ඇත්තාවූ, රජුගේ මාළිගාවෙහි සිටින්ට පුළුවන්කම ඇත්තාවූ යෞවනයන් ගෙන්වාගන, කල්දිවරුන්ගේ අකුරුත් භාෂාවත් උගන්වන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 1:4
23 හුවමාරු යොමු  

දේවාත්මානුභාවය ඇති මනුෂ්‍යයෙක් ඔබේ රාජ්‍යයේ සිටියි. ඔබේ පියාණන්ගේ කාලයේ දී මොහු පැහැදිලි කල්පනාව ද නුවණ ද දෙවියන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවක් ද ඇති කෙනෙකු ලෙස ප්‍රසිද්ධ ව සිටියේ ය. ඔබේ පියා වූ නෙබුකද්නෙශර්ගේ කාලයේ දී, ඔහු මන්ත්‍රකාරයන්ගේ ද අනවිනකාරයන්ගේ ද දෛවඥයන්ගේ ද පේන කියන්නන්ගේ ද ප්‍රධානියා වශයෙන් පත් කරන ලදී.


මෝසෙස් මිසරයන්ගේ සකල සිප්සතරෙහි පුහුණු කරනු ලැබ, කතාවෙහි ද ක්‍රියාවෙහි ද දක්ෂපක්ෂ තැනැත්තෙක් විය.


තම කටයුතු ගැන දස්කම් පාන මනුෂ්‍යයෙක් සිටී නම්, ඔහු පොදු ජනයා අතර නොව රජුන් අබියස වැජඹෙනු ඇත.


අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්රායෙල්හි නො‍සිටියේ ය. පතුල පටන් හිස් මුදුන දක්වා ඔහුට කිසි කැළලක් නො‍ වී ය.


ඔව්හු පිළිතුරු දෙමින්, “රජුගේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට හැකි සමතෙක් මේ මුළු පොළෝ තලයෙහි ඇත්තේ නැත. ඇරත්, කිසි ම රජෙක් හෝ අධිපතියෙක් හෝ ආණ්ඩුකාරයෙක් හෝ මෙවැනි ඉල්ලීමක් මන්ත්‍රකාරයෙකුගෙන් වත් අනවිනකාරයෙකුගෙන් වත්, දෛවඥයෙකුගෙන් වත් කර නැත.


මෝසෙස් උපන්නේ මේ කාලයේ දී ය. ඔහු දෙවියන් වහන්සේට ප්‍රිය වූ සුන්දර දරුවෙක් විය. ඔහු ස්වකීය පියාගේ ගෙදර තුන් මසක් ඇතිදැඩි කරනු ලැබී ය.


එකල රජ තෙම අනවිනකාරයන් ද කල්දිවරුන් ද පේන කියන්නන් ද කැඳවාගෙන එන ලෙස කෑ ගසා කී ය. රජ තෙම බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් අමතා, “මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වා දෙන කවුරු හෝ වේවා, ඔහුට රත්නිල් වස්ත්‍රයක් අඳවා, ගෙල වටා රන් මාලයක් පළඳවා, රාජ්‍යයේ තුන් වන ආණ්ඩුකාරයා වශයෙන් ඔහු පත් කරනු ලබන්නේ ය”යි කී ය.


එවිට මන්ත්‍රකාරයෝ ද අනවිනකාරයෝ ද දෛවඥයෝ ද පේන කියන්නෝ ද මා වෙත ආවෝ ය. මම ඔවුන් ඉදිරියේ මා දුටු ස්වප්නය කීවෙමි. එහෙත්, ඔවුන්ට එහි තේරුම මට කියා දෙන්නට නොහැකි විය.


ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි.


එවිට ගිඩියොන් ශෙබාට හා ශල්මුන්නාට කතා කොට, “ඔබ තාබෝර්හි මැරූ අය කොයි ආකාර මිනිස්සු දැ”යි ඇසුවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “ඒ අය ඔබ වාගේ ය. එකිනෙකා පෙනීමෙන් රාජ කුමාරයන්ට සමාන ය”යි කීවෝ ය.


එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්, රැල්ලක් වත්, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව, නිකෙලෙස් ව, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය.


ඒ අවස්ථාවේ දී කල්දිවරු සමහර දෙනෙක් ඉදිරිපත් වී ජුදෙව්වරුන්ට විරුද්ධ ව චෝදනාවක් කළහ.


එවිට රජු දුටු ස්වප්නය ඔහුට දන්වන පිණිස මන්ත්‍රකාරයන් ද අනවිනකාරයන් ද මායාකාරයන් ද කල්දිවරුන් ද කැඳවන්න රජතුමා අණ කෙළේ ය.


එවිට එලියාකිම් ද ෂෙබ්නා ද ජෝවා ද රබ්-ෂාකේට කතා කොට, “අරමීය භාෂාවෙන් අපට කතා කරන්න, එය අපට තේරේ. පවුර පිට සෙනඟට ඇසෙන පිණිස හෙබ්‍රේව් භාෂාවෙන් කතා නොකරන්නැ”යි කී හ.


ඉශ්රායෙල් ජනයෙනි, සමිඳාණන් වහන්සේ ඔබට විරුද්ධ ව දුර සිට ජාතියක් ගෙනෙන සේක. ඔව්හු බලවත් පැරණි ජාතියක් ය. ඔව්හු ඔබ නොදන්න භාෂාවක් කතා කරති. ඔවුන් කියන දේ ඔබට තේරෙන්නේ නැත.


මේ වනාහි කල්දිවරුන්ගේ රාජ්‍යය කෙරෙහි රජකමට පත් කරනු ලැබූ, මේදවරුන්ගේ වංශයේ අහෂ්වේරො‍ෂ්ගේ පුත්‍ර වූ දාරියුස් රජුගේ පළමු වන අවුරුද්දේ සිදු වූවකි.


ඔහු පළමු දූතයාට මෙසේ කී ය: “ඔබ දුව ගොස් අර තරුණයාට කතා කොට මෙසේ කියන්න: ජෙරුසලම පවුරකින් සීමා නොකළ හැකි නගරයක් වනු ඇත. මන්ද, එහි ජනගහණය ද ගවමහිෂයන් ද වැඩි වන්නට යන නිසා ය.


මිසරයේ රජ වන පාරාවෝගේ සේවයට ජෝසෙප් බැඳෙන විට ඔහුට වයස අවුරුදු තිහකි. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්