ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 7:10 - Sinhala New Revised Version

ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේ ය. ලක්ෂ සංබ්‍යාත පිරිසක් උන් වහන්සේට උපස්ථාන කළහ. කෝටි ප්‍රකෝටි සංබ්‍යාත පිරිසක් උන් වහන්සේ ඉදිරියේ සිටියහ. අධිකරණ සභාව අසුන් ගත්තා ය. පොත් දිගඅරින ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගන ගියේය. දහසක් වර දහස් දෙනෙක් උන්වහන්සේට සේවයකළෝය, දස දහසක් වර දසදහස් දෙනෙක්ද උන්වහන්සේ ඉදිරියේ සිටියෝය. විනිශ්චයකාර සභාව හිඳගත්තාය, පොත්ද දිග අරිනලද්දේය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 7:10
26 හුවමාරු යොමු  

මීකායා කතා කොට, “එබැවින් ඔබ සමිඳාණන් වහන්සේගේ වචනය ඇසුව මැනව. සමිඳාණන් වහන්සේ තම සිංහාසනයේ වැඩ හිඳිනු ද, මුළු ස්වර්ග සේනාව උන් වහන්සේ ළඟ උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනු ද මම දිටිමි.


මීකායා කතා කොට මෙසේ කී ය: “එබැවින් සමිඳාණන් වහන්සේගේ වචනය අසන්න. සමිඳාණන් වහන්සේ තමන් සිංහාසනයෙහි වැඩහිඳිනවා ද මුළු ස්වර්ග සේනාව උන් වහන්සේගේ දකුණු පැත්තේ ද වම් පැත්තේ ද සිටිනවා ද මම දිටිමි.


එතුමන්ගේ දෙව් බළ සෙන් අති විශාල ය; එතුමන්ගේ එළිය උදා නොවන තැනක් ලොවෙහි ඇද් ද?


සමිඳුන්ගේ සේනා සියල්ලෙනි, එතුමන්ගේ කැමැත්ත ඉටු කරන මෙහෙකරුවෙනි, සමිඳුන් පසසන්න.


එතුමාණන්ගේ නාස්පුඩුවලින් දුම් වලා නැඟිණි; මුවින් අග්නි ජාලා නික්ම සියල්ල දවා දැමී ය.


අපේ දෙවිඳාණෝ වඩින සේක; නිහඬ ව නොසිටින සේක. එතුමන් අබිමුව විනාශකාරී ගින්නක් ඇත; එතුමන් සිසාරා චණ්ඩ මාරුතයක් හමයි.


යුද්ධ රථ දසදහස් ගණන් සමඟ සමිඳාණෝ සීනයි කන්දෙන් ශුද්ධස්ථානයට වඩින සේක.


සමිඳුන්ගේ බලය හා තේජස දුර තියා ම පෙනෙන්නේ ය. ගින්න හා ඉන් නඟින දුම් එතුමන්ගේ උදහස දක්වන්නේ ය. කතා කළ විට එතුමන්ගේ වචන දැවෙන ගින්නක් හා සමාන වන්නේ ය.


මීට කලකට පෙර අසිරියාවේ රජ්ජුරුවන් පුළුස්සාදමන මහා ගින්නක් ඇති තැනක් සූදානම්කර තිබුණේ ය. එය ඉතා ගැඹුරු ය, පළල් ය. එහි උසට දර ගොඩ ගසා ඇත. එහි ගිනි දල්වන පිණිස සමිඳාණන් වහන්සේ ගිනි වැනි හුස්මක් ඒ පිට හෙළන සේක.


ඒ මිනිසා තවදුරටත් මෙසේ කීවේ ය: ඒ කාලයේ දී, නුඹේ සෙනඟ භාර ව සිටින උතුම් අධිපතියා වන මිකායෙල් නැඟී සිටින්නේ ය. ඒ කාලය වනාහි, මනුෂ්‍ය ජාතිය ඇති වූ කාලය පටන් මේ දක්වා කිසි කලක නුවූ විරූ විපත්ති කාලයක් වන්නේ ය. එහෙත්, නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා ඇති සියල්ලන් ගැළවෙන්නේ ඒ කාලයේ දී ය.


එසේ වූයේ, පෞරාණිකයාණන් පැමිණ මහෝත්තමයාණන්ගේ ශුද්ධවරයන්ට යුක්තිය ඉටු කර දී ශුද්ධවරයන් රාජ්‍යය භුක්ති විඳින කාලය පැමිණෙන තුරු ය.


එහෙත්, අධිකරණ සභාව රැස් වී, ඔහු නැත්තට ම නැති වී යන පිණිස ඔහුගේ පාලනය ඔහු අතින් පැහැරගන්නී ය.


නුඹලා ද මාගේ කන්දේ මිටියාවත මැදින් බේරී පලා යන්නහු ය. මන්ද, ඒ මිටියාවත කන්දෙන් එහා පැත්ත දක්වා ඇත. ජුදාහි රජ වූ උශ්ශියාගේ කාලයේ දී භූමිකම්පාවක් ඇති වූ විට නුඹලාගේ මුතුන්මිත්තන් පලා ගිය පරිදි නුඹලාත් පලා යන්නහු ය. එවිට මාගේ දෙවි සමිඳාණන් වහන්සේ සියලු ශුද්ධවන්තයන් පිරිවරා වඩින සේක.


“මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක.


“සමිඳාණෝ සීනයි කන්දේ සිට වැඩිය සේක. සේයිර් පෙදෙසේ සිට ඔවුන්ට උදා වූ සේක. පාරාන් කන්දේ සිට බැබළුණු සේක. දස දහසක් දේව දූතයන් ඇති ව පැමිණි සේක. දකුණත ගිනි දැල්ලක් සමඟ වැඩිය සේක.


එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.


එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කෝටි සංබ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය;


ආදම්ගේ පෙළපතෙහි සත්වැන්නා වූ ඒනොක් මොවුන් ගැන දිවැස් වැකි පවසමින්: “බලන්න, සමිඳාණන් වහන්සේ දස දහසක් ගණන් ස්වකීය ශුද්ධ දූතයන් සමඟ වැඩම කළ සේක.


මනුෂ්‍ය ජාතීහු කෝපාවිෂ්ට වූ හ. ඔබගේ උදහස ද මළවුන් විනිශ්චය කිරීමේ කාලය ද දැන් පැමිණ තිබේ. ඔබගේ සේවක දිවැසිවරයන්ට හා සැදැහැවතුන්ට ද ඔබගේ නාමයට භය වන ලොකු කුඩා සියල්ලන්ට ද විපාක දීමටත් පොළොව වනසන්නන් වැනසීමටත් කාලය පැමිණ තිබේ.”


එවිට මා බැලූ කල, සිංහාසනය ද ජීවමාන සත්ත්වයන් ද කුලදෙටුවන් ද සිසාරා සිටි මහා දේව දූත පිරිසක් දිටිමි. ඔවුන්ගේ හඬ ද මට ඇසුණේ ය. ඔවුන්ගේ ගණන දස දහසක් වර දස දහසක් ද දහස් වර දහසක් ද විය.