Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 7:11 - Sinhala New Revised Version

11 එවිට අර අඟ කතා කරන ආඩම්බර වචන නිසා මම බලා සිටියෙමි. මා බලා සිටිය දී සතර වන මෘගයා මරා, උගේ ශරීරය විනාශ කර ඇවිලෙන ගින්නට දමනු ලැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 එකල ඒ අඟ කථාකරන උඩඟු වචනවල ශබ්දය නිසා බලාසිටියෙමි; මා බලාසිටින අතර මෘගයා මරනු ලැබ, උගේ ශරීරය නාස්තිකර, ඌ ඇවිළෙන ගින්නෙහි දමනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 7:11
14 හුවමාරු යොමු  

එකල මෘගයා ද ඌ ඉදිරියෙහි හාස්කම් කර, උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාර කළවුන් රැවටූ බොරු දිවැසිවරයා ද අල්ලාගනු ලැබූ හ. ඔව්හු දෙදෙනා ම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබූ හ.


එවිට ඔවුන් මුළාවට පත් කළ යක්ෂයා, මෘගයා හා බොරු දිවැසිවරයා සිටින, ගින්නෙන් හා ගෙන්දගමින් යුත් විලට හෙළනු ලැබී ය. ඔව්හු සදහට ම, දිවා රෑ දෙක්හි දරුණු ලෙස වධයට පත් කරනු ලබන්නෝ ය.


එවිට නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වකීය මුඛයේ හුස්මෙන් ඔහු නසා, උන් වහන්සේගේ ආගමනයේ තේජශ්‍රීයෙන් ඔහු වනසා ලන සේක.


ඒ අං දෙස මා බලා සිටිය දී, ඒවා අතරේ තවත් කුඩා අඟක් හටගත්තේ ය. එයට ඉඩ දෙන පිණිස පළමු වන අං තුනක් උදුරාදමනු ලැබී ය. මේ අඟට මනුෂ්‍ය ඇස් වැනි ඇස් ද පුරසාරම් දොඩන කටක් ද තිබුණේ ය.


එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය. ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය. මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.”


ඔහු කපටි නුවණින් තමාගේ උපායයන් සාර්ථක කරගන්නේ ය. ඔහු තම උපායයන් හිතා මතා බොහෝ දෙනෙකු ඔවුන් නොදැනුවත් ව සිටිය දී විනාශ කරන්නේ ය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. එහෙත්, ඔහු කිසි පිහිටක් නැති ව බිඳ හෙළනු ලබයි.


මළා වූ, ලොකු කුඩා සියල්ලන් සිංහාසනය ඉදිරියෙහි සිටිනු දිටිමි. පොත් ද දිගහරිනු ලැබී ය. ජීවන පොත වන තවත් පොතක් ද දිග හරිනු ලැබී ය. පොතේ ලියා තිබෙන හැටියට ඒ මියගිය අය තමන්ගේ ක්‍රියා අනුව විනිශ්චය කරනු ලැබුවෝ ය.


එවිට සිංහාසන දිටිමි. ඒවායේ හිඳ ගත්තවුන්ට විනිශ්චය කිරීමේ වරම දෙන ලද්දේ ය. තවද, ජේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාත්, දෙවියන් වහන්සේගේ වචනය නිසාත් හිස් ගසාදමනු ලැබූවන්ගේ ද, මෘගයාට වත් උගේ රූපයට වත් නමස්කාර නොකළ, උගේ සලකුණ සිය නළල්වල හා අත්වල නොදැරූ තැනැත්තන්ගේ ද ආත්මයන් දිටිමි. ඔව්හු යළි ජීවනය ලබා ක්‍රිස්තුන් වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ.


මොවුහු මැසිවිලි කියති, කොඳුරති, සිය තෘෂ්ණා අනුව හැසිරෙති. ඔවුන්ගේ මුඛයෙන් අහංකාර වචන ගලා එයි; සිය වාසිය තකා අනුන්ට චාටුවෙන් ප්‍රශංසා කරති.


ඔව්හු අහංකාර නිෂ්ඵල වචන දොඩමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවී යන අය, කාම තෘෂ්ණාවෙන් පොළඹවා ගනිති.


ඔහු මාලිගාවක් වැනි ඔහුගේ මණ්ඩපය මුහුදටත්, අලංකාර කන්දටත් අතරේ පිහිටුවන්නේ ය. එහෙත්, ඔහුගේ අවසානය පැමිණෙන්නේ ය. ඔහුට උපකාර කරන්නට කිසිවෙක් නොවන්නේ ය.”


සෙසු මෘගයන්ගෙන් උන්ගේ ආණ්ඩු බලය පහ කරනු ලැබූ නමුත්, සීමාසහිත කාලයක් උන්ට ජීවත් වන්නට ඉඩ දෙන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්