ඔහු තවදුරටත් කතා කරමින්, “ෂෙම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! කානාන් ෂෙම්ගේ වහලෙක් වේ වා!”යි ද,
දානියෙල් 3:28 - Sinhala New Revised Version එවිට, නෙබුකද්නෙශර් මෙසේ කීවේ ය: “ෂද්‍රක්ගේත්, මේෂක්ගේ හා අබෙද්නෙගෝගේත් දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! මන්ද, උන් වහන්සේ සිය දූතයා එවා තමන්ගේ මේ සේවකයන් තිදෙනා ගළවාගත් සේක. ඔව්හු රජුගේ නියමයට පිටුපා තමන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ හ. තමන්ගේ දෙවියන් වහන්සේ හැර අන් දෙවියෙකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා ගින්නට ගොදුරුවන්නට ඔව්හු සතුටු වූ හ. Sinhala Revised Old Version නෙබුකද්නෙශර් කථාකොට: ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවයකරන්ටවත් නමස්කාරකරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූසේක. |
ඔහු තවදුරටත් කතා කරමින්, “ෂෙම්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! කානාන් ෂෙම්ගේ වහලෙක් වේ වා!”යි ද,
ඒ අයට විරුද්ධ ව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරු ද ඔවුන් සමඟ සිටි සියල්ලෝ ද ඔවුන් අතට පාවා දෙන ලද්දෝ ය. මන්ද, සටනේ දී ඔව්හු දෙවියන් වහන්සේට යාච්ඤා කළෝ ය. ඔවුන් උන් වහන්සේ කෙරෙහි විශ්වාස කළ බැවින් උන් වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන් සේක.
ඔව්හු පසු දා අලුයම නැඟිට තෙකෝවා පාළුකරයට පිටත් ව ගියෝ ය. ඔවුන් පිටත් වෙද්දී ජෙහෝෂාපාට් නැඟිට කතා කොට, “ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වන්නහු ය. උන් වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ ජයග්‍රාහී වන්නහු ය”යි කීවේ ය.
එවිට සමිඳාණන් වහන්සේ දේව දූතයෙකු එවූ සේක. ඔහු අසිරියාවේ රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධ භටයන් ද ප්‍රධානීන් ද අධිපතීන් ද මරා දැමුවේ ය. මෙසේ සෙනකෙරීබ් රජ අපකීර්තියට පත් වී හැරී තම දේශයට ආපසු ගියේ ය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාගේ ම පුත්‍රයෝ එහි දී ඔහු කඩුවෙන් මැරුවෝ ය.
උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින කවර මිනිසකේ හෝ වේවා, දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටින සේක් වා! ඔහු ජුදාහි ඇති ජෙරුසලමෙහි සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට ජෙරුසලමට යා යුතු ය. උන් වහන්සේ වූ කලී, ජෙරුසලමේ වැඩ සිටින දෙවියන් වහන්සේ ය.
තවද, යමෙකු මේ ආඥාව කඩ කළොත්, ඔහුගේ ගෙයින් බාල්කයක් ගලවාගෙන, ඔහු එහි මත උල තැබිය යුතු ය. ඒ හැර මේ අපරාධය නිසා ඔහුගේ ගෙය ද කසළ ගොඩක් කළ යුතු ය.
සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමන්ගේ වචනයට සවන් දෙන, එතුමන්ගේ බලවන්ත දූතයෙනි, එතුමන් පසසන්න.
එහෙත් සමිඳාණෝ, තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට, තමන්ගේ ප්‍රේමය පතන්නන්ට, ප්‍රසන්න වන සේක.
අපි එතුමන්ගේ සුවිශුද්ධනාමය කෙරේ විශ්වාසය තැබුවෙමු. එබැවින් අපේ සිත් ප්‍රීතියෙන් පිනා යයි.
හිමි තුමාණෝ සිය මෙහෙකරුවන් මුදන සේක. එතුමන්ගේ රැකවරණය සොයන කිසිවෙක් දඬුවම් නොලබන්නෝ ය.
ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න; එතුමාණෝ අප සරණය වන සේක. එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න.
නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.
බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”
ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.
ඔබ අතරෙන් සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති අය එතුමන්ගේ සේවකයා කියන දේට සවන් දෙන්න. තමන්ට ආලෝකයක් නැති ව, අන්ධකාරයෙහි ඇවිදින අය සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන්න: එතුමන් කෙරෙහි බලාපොරොත්තුව තබන්න!
රජතුමා දානියෙල්ට කතා කොට, “නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය.
එවිට රජතුමා, “අන්න, මිනිසුන් සතරදෙනෙකු සිටිනු මට පෙනේ, කිසි පීඩාවක් නැති ව ඔව්හු ගින්න මැද ඇවිදිති. සතරවැනියා පෙනුමෙන් දේව පුත්‍රයෙකු වැනි ය”යි කී ය.
අවුරුදු සත ගත වූ පසු, නෙබුකද්නෙශර් රජු වන මම මාගේ ඇස් ස්වර්ගය දෙස එසවීමි. මාගේ සිහිය මට නැවත ලැබුණේ ය. මම සදහට ම ජීවත් වන මහෝත්තමයාණන්ට ප්‍රශංසා කෙළෙමි; ගෞරව කෙළෙමි. මන්ද, එතුමාණන්ගේ පාලනය සදාතනික ය; එතුමාණන්ගේ රාජ්‍යය පරපුරෙන් පරපුරට පවත්නේ ය.
එවිට රජතුමා දානියෙල් ගෙනවුත් සිංහ ගුහාවේ දැමීමට නියමයක් කෙළේ ය. එහෙත්, ඔහු දානියෙල්ට කතා කොට, “ඔබ නිරන්තරයෙන් ම නමස්කාර කරන, ඔබේ දෙවියන් වහන්සේ ඔබ ගළවන සේක් වා!”යි කී ය.
මාගේ අධිරාජ්‍යයේ සකල විජිතයන්හි සිටින සියලු දෙනා දානියෙල්ගේ දෙවියන් වහන්සේට ගරුබිය දක්වා නමස්කාර කළ යුතු යයි මම අණ කරමි. මන්ද, එතුමාණෝ ජීවමාන සදාතනික දෙවිඳාණෝ ය. එතුමාණන්ගේ රාජ්‍යය පහ නොවන්නේ ය; එතුමාණන්ගේ පාලනය ද අවසන් නොවන්නේ ය.
එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්, “සාතන් පලා යව! ‘නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න’ කියා ලියා ඇතැ”යි ඔහුට වදාළ සේක.
එහෙත් පේදුරු ද ජොහන් ද පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරි දැ යි, දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ම විනිශ්චය කරගන්න.
එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දුතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට,
සහෝදරයෙනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන් වූ බැවින්, ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ, උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක් ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.
දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්, මාගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්, ප්‍රේමය මට නැත්නම් මට කිසි පලක් නැත.
මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය.
එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.
ඔව්හු ගල් පහර ලැබූ හ. කියතෙන් දෙකට ඉරනු ලැබූ හ, කඩුවෙන් මරනු ලැබූ හ. ඔව්හු අනාථ ව දුක් පීඩා විඳිමින්, බැටළු හම් හා එළු හම් ඇඳ, ඔබමොබ ගියහ.
ඔබ මෙම ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ අදහන්නහු ය. මෙලෙස දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද බලාපොරොත්තුව ද ඔබට ඇත.
ඔව්හු බැටළු පෝතකයාණන්ගේ යාගික රුධිරය නිසා ද, තමන් සාක්ෂි දැරූ පණිවුඩය නිසා ද ඔහුගෙන් ජය ගත්තෝ ය. මන්ද, ඔව්හු මරණයට වත් බිය නොවී දිවි දීමට සූදානම් ව සිටියහ.