Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 20:5 - Sinhala New Revised Version

5 නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 20:5
65 හුවමාරු යොමු  

නුඹ ඒවාට නමස්කාර නොකරන්න; වැඳුම්පිදුම් නොකරන්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකුන් වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි.


මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ගින්නකි, ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි.


“නුඹ අන් දෙවියෙකුට නමස්කාර නොකළ යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ වන මාගේ නාමය, ‘ප්‍රතිවාදීන් නොඉවසන උතුමාණෝ’ යනු බැවින් මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි.


ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ඔබට නොහැකි ය. මන්ද, උන් වහන්සේ ශුද්ධ දෙවි කෙනෙකි; ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. එබැවින් උන් වහන්සේ ඔබේ අපරාධ ද පාප ද කමා නොකරන සේක.


ඔහුගේ පියවරුන්ගේ අයුතුකම සමිඳුන් ඉදිරියෙහි සිහිකරනු ලැබේ වා! ඔහුගේ මවගේ පාප නොමැකේ වා!


එසේ කර ඔබ අතරේ ඉතිරි ව සිටින මේ ජාතීන් සමඟ නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නම් සඳහන් නොකර, ඔවුන්ගේ නාමයෙන් නොදිවුරා, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර නොකරන්නට වග බලාගන්න.


ඔබ එලෙස කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු බැවින්, උන් වහන්සේගේ කෝපය ඔබට විරුද්ධ ව ඇවිළී උන් වහන්සේ ඔබ මිහිතලයෙන් වනසාලන්නට පුළුවන.


සමිඳාණන් වහන්සේ ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි; උන් වහන්සේට විරුද්ධ වන්නන්ට උන් වහන්සේ දඬුවම් කරන සේක; උදහසින් ඔවුන්ට දඬුවම් දෙන සේක. උන් වහන්සේ තම එදිරිකාරයන්ට දඬුවම් කරන සේක; උන් වහන්සේ තම සතුරන් කෙරෙහි උදහසින් සිටින සේක.


ඔබ වහන්සේ දහස් ගණන් මිනිසුන්ට කරුණාව පෙන්වන සේක; පියවරුන්ගේ දුෂ්ටකම නිසා ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ට ප්‍රතිවිපාක දෙන සේක. ඔබ වහන්සේ මහෝත්තම පරාක්‍රමවත් දෙවියන් වහන්සේ ය, ඔබ වහන්සේගේ නාමය සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.


නුඹලාගේ දරුපරපුර අවුරුදු හතළිහක් තුළ මේ පාළුකරයේ ඒ මේ අත යමින්, නුඹලාගේ මළකඳන් පසට හැරෙන තෙක්, නුඹලාගේ අවිශ්වාසවන්තකම නිසා දුක් විඳින්නහු ය.


අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව. ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත.


නුඹලා ඔවුන්ගේ දෙවිවරුන්ට හිස නමා වැඳුම්පිදුම් නොකළ යුතු ය. ඔවුන් ක්‍රියා කරන ලෙස ක්‍රියා නොකළ යුතු ය. තවද, නුඹලා ඔවුන්ගේ රූප සහමුලින් ම වනසා, ඔවුන්ගේ ශිලාස්තම්භ කඩා බිඳදැමිය යුතු ය.


අවිශ්වාසී ජනයෙනි, ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද් ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.


මාංසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේ ම යටත් නොවන්නකි.


දෙවියන් වහන්සේට වෛර කරන, නින්දා කරන, උඩඟු වූ, පාරට්ටු කරගන්න, නපුරු උපා යොදන, මව්පියන්ට අකීකරු වන,


“එබැවින් මාගේ සෙනඟට හා ඔවුන්ගේ දරුවන්ගේ දරුවන්ටත් විරුද්ධ ව මම නැවතත් පැමිණිල්ලක් කරමි.


තමා එක ම ලීයක කොටසකින් දර ලබාගෙන, රොටි පුළුස්සා, මස් බැද කන බවත්, ඉතිරි කොටසින් පිළිකුල් දේව රූපයක් කපාගෙන ලී කඳකට නමස්කාර කරන බවත් දැනගන්නට ඔවුන්ට තේරුමක් නැත.


එය වැඩුණු විට ගසෙන් කොටසක් ගිනි දැල්වීම පිණිස යොදාගන්නේ ය. ඒ කොටසෙන් ගිනි තපින්නේ ය; එය පත්තු කොට රොටි ද පුළුස්සන්නේ ය. ඉතිරි කොටසින් ඔහු දේව රූපයක් නෙළා ගෙන ඊට නමස්කාර කරන්නේ ය; ඊට වැඳ වැටෙන්නේ ය.


සමිඳුන් හට වෛර කරන්නෝ එතුමන් අබිමුව බියෙන් පැකිළෙන්නෝ ය. ඔවුන්ගේ විපත සදහට ම තිර වන්නේ ය.


ඔහුගේ දරුවන්ට සුරැකියාවක් නැත; නඩුහබවල දී පිහිට වන්න කිසිවෙක් නැත. උසාවියේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නැත.


එසේ වී නමුත්, මනස්සේ විසින් සමිඳාණන් වහන්සේ කෝප කරවන ලද සියලු කාරණා නිසා ජුදාට විරුද්ධ ව ඇවිළී තිබූ උන් වහන්සේගේ ඉමහත් උදහසේ බලවත්කම උන් වහන්සේ පහකර නොගත් සේක.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනයා සමඟ ගිවිසුමක් කරමින්, “අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොදක්වා ඔවුන්ට නමස්කාර නොකොට, සේවය නොකොට, පූජා නොකොට,


“ආහබ් මා ඉදිරියෙහි යටත් වූ අයුරු නුඹ දුටුවෙහි ද? ඔහු මා ඉදිරියෙහි යටත් වූ බැවින් ඒ විපත ඔහුගේ කාලයේ දී නොව, ඔහුගේ පුත්‍රයාගේ කාලයේ දී ඔහුගේ වංශය පිට පමුණුවන්නෙමි”යි කී ය.


ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.


දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේ ම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසාත් ය”යි වදාළ සේක.


බොරු දෙවිවරුන් නිසා ඔව්හු මා කුපිත කළහ. එවැනි නිසරු දෙයින් මා උදහස් කළහ. එබැවින් වැදගැම්මක් නැති ජාතියක් ලවා මම ඔවුන් කුපිත කරවමි. අනුවණ සෙනඟක් ලවා මම ඔවුන් උදහස් කරවමි.


උන් වහන්සේට වෛර කරන්නන් වනසාලමින්, ඔවුන්ගේ මුහුණ ඉදිරිපිට ම ඔවුන්ට විපාක දෙන සේක. උන් වහන්සේට වෛර කරන්නන්ට මුහුණ ඉදිරිපිට දී ම විපාක දීමට උන් වහන්සේ ප්‍රමාද නො වන සේක.


කුසගිනි වාවාගනු නොහැකි ව, නුඹලාගේ දරුදැරියන්ගේ මාංස නුඹලා කන්නහු ය.


“නුඹලාගේ දේශයෙහි නුඹලාගේ වන්දනාව පිණිස දේව පිළිම හෝ කැටයම් කළ ප්‍රතිමා හෝ ශිලාස්තම්භ හෝ නෙළූ ගල් රූප හෝ නොසෑදිය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


මම එවැන්නෙකුට ද එවැන්නෙකුගේ මුළු පවුලට ද මට අවිශ්වාසවන්ත වී මොලෙක් වැළඳගෙන ඔහුට පුද පූජා පවත්වන සියලු දෙනාට ද විරුද්ධ වී ඔවුන්ගේ සෙනඟ අතරෙන් ඔවුන් නෙරපා දමමි.


අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද?


“ලෝකයා ඔබට ද්වේෂ කරත් නම්, ඔබට පෙර මටත් ද්වේෂ කළ බව දැනගන්න.


ඔබට ද්වේෂ කරන්නට ලෝකයාට නොහැකි ය. එහෙත්, ලෝකයා මට ද්වේෂ කරති. මන්ද, ‘ලෝකයාගේ ක්‍රියා නපුරු ය’යි මා සාක්ෂි දරන බැවිනි.


“ඔබ දණින් වැටී මට නමස්කාර කරන්නෙහි නම්, මේ සියල්ල ඔබට දෙන්නෙමි”යි උන් වහන්සේට කී ය.


සමිඳාණන් වහන්සේ ඔහුගේ අතට ජුදාවේ රජ වූ ජෙහෝයාකිම් පාවා දුන් සේක; ඔහු සමඟ දෙවියන් වහන්සේගේ මාලිගාවේ බඩු බාහිරාදිය සමහරක් ද පාවා දුන් සේක. නෙබුකද්නෙශර් ඒ බඩු බාහිරාදිය ශීනාර් දේශයේ තමාගේ ම දෙවියන්ගේ දේවාලයට ගෙන ගොස් දේවාල භාණ්ඩාගාරයේ ඒවා තැන්පත් කෙළේ ය.


එතුමා අතක් වැන්නක් දිගු කොට මාගේ හිසේ කෙස් රො‍දකින් මා අල්ලාගත්තේ ය. දේවාත්මානුභාවය ද දෙවියන් වහන්සේගෙන් වූ දර්ශනය මඟින් පොළොවටත්, අහසටත් අතරේ මා උසුලාගෙන ගොස්, ජෙරුසලමේ උතුරු දෙස තිබෙන, දේව උදහස උපදවන ද්වේෂ සහගත රූපයක් ඇති ඇතුළු දොරටුවට මා පැමිණෙවුවේ ය.


එහෙත් මා සොයා නොඑන්නා තමාට ම අනතුරු කරගනියි. මට වෛර වන සියල්ලෝ මරණයට පෙම් කරති.”


මිසදිටු ගිරිකුළු දේවාලවලින් ඔව්හු එතුමාණන් කුපිත කළෝ ය. ඔවුන්ගේ පිළිම රූපවලින් එතුමාණන්ගේ කෝපය ඇවිස්සුවෝ ය.


‘දෙවිඳුන් ඔවුන්ගේ අපරාධ ඔවුන්ගේ දරුවන් පිට පමුණුවනු ඇතැ’යි ඔබ කියන්නහු ය. එය එසේ නොවේ; තම පව් තමන්ට ම දුක් දෙන බව ඔවුන් දැනගන්න පිණිස, එතුමාණෝ ඔවුන් පිට ම විපත් පමුණුවන සේක.


අමශියා ඒදොම්වරුන් මරා පැමිණි පසු, සේයිර්වරුන්ගේ දෙවිවරුන් ගෙන වුත් තමාට දෙවිවරුන් කොට තබාගෙන, ඒවා ඉදිරියෙහි වැඳ වැටී ඒවාට සුවඳ දුම් ඔප්පු කෙළේ ය.


මෙසේ මේ විජාතීහු සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පවත්වමින් තමන්ගේ රූපවලට සේවය කළහ. එලෙසම ඔවුන්ගේ දරුවෝ ද දරුවන්ගේ දරුවෝ ද තමන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කරති.


එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ගිවිසුම ඔබ කඩ කළහොත්, අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කළහොත්, උන් වහන්සේගේ උදහස ඔබට විරුද්ධ ව ඇවිළී ඔබට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඔබ විගසින් නැති කරදමනු ඇත.”


මා දිළිසෙන කඩුව මුවහත් කොට, මම යුක්තිය ඉටු කරමි. සතුරන්ට දඬුවම් දෙමි; මට වෛර කරන අයට දුර්විපාක දෙමි.


“ගුරුදේවයෙනි, මොහු අන්ධ ව ඉපදුණේ මොහු හෝ මොහුගේ දෙමවුපියන් හෝ පව් කළ නිසා දැ”යි ශ්‍රාවකයෝ උන් වහන්සේගෙන් ඇසූ හ.


එහෙත්, මට ප්‍රේම කරමින්, මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.


ඔහු පිළිතුරු දෙමින්, “මම සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා බොහෝ‍ උද්‍යෝගයෙන් සේවය කෙළෙමි. කුමක්හෙයින් ද, ඉශ්රායෙල් ජනයා ඔබේ ගිවිසුම අත්හැර, ඔබේ පූජාසන කඩාදමා, ඔබේ දිවැසිවරුන් ද කඩුවෙන් මැරුවෝ‍ ය. ඉතුරු ව සිටින්නේ මම පමණක් ය. ඔව්හු මාගේ ප්‍රාණයත් නැති කරන්න සොයති”යි කී ය.


“එහෙත්, පියාගේ අපරාධ නිසා පුත්‍රයා දඬුවම් නොලබන්නේ මන්දැ යි නුඹලා අසනු ඇත. පුත්‍රයා නීති ගරුක ව අවංක ව සිට මාගේ සියලු පණත් පිළිපැද, ඒවා ඉටු කර තිබේ නම්, ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය.


“නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියාව පහකරදමා, මිසරයේ දේව රූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය’යි ඔවුන්ට වදාළෙමි.


“එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. දැන් මම ජාකොබ්ගේ වංශයේ හිරකරුවන් ආපසු ගෙනෙන්න යන්නෙමි. මුළු ඉශ්රායෙල් සෙනඟට අනුකම්පා කරමි; මාගේ සුවිශුද්ධ නාමය ආරක්ෂා කරන්නෙමි.


“පූජක ආරොන්ගේ පුත්, එලෙයාසර්ගේ පුත්‍රයා වන පිනෙහාස් මගේ උදහස ඉශ්රායෙල් ජනයා වෙත පැමිණීමෙන් වැළැක්විය. ඔවුන් අතර ඔහු පමණක් මට ඉතා ලැදි ව සිටි බැවින්, ඒ ලැදිකම නිසා ම, මම ඉශ්රායෙල් ජනයා වනසා නොදැමීමි.


මේ කාරණය ගැන සමිඳාණන් වහන්සේ ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා! එනම්, මාගේ ස්වාමියා, රිම්මොන්ගේ දේවාලයෙහි වඳින්නට මාගේ අතේ හේත්තු වී එහි යන විට මාත් රිම්මොන්ගේ දේවාලයෙහි දී වැන්දොත්, එසේ වඳින විට සමිඳාණන් වහන්සේ ඒ කාරණය ගැන ඔබේ මෙහෙකරුවාට කමා වන සේක් වා”යි කී ය.


එබැවින් නාමන්ගේ කුෂ්ඨය ඔබටත්, ඔබේ වංශයටත් නිරතුරු ම වැළදෙන්නේ ය”යි ඔහුට කී ය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨයක් ඇති ව ඔහුගෙන් ඉවත් ව ගියේ ය.


එහෙත්, නුඹලා මා වෙතින් ඉවත් ව ගොස්, මා නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ පණත් ද ආඥා ද අත්හැර ගොස්, වෙන දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කරන්නහු නම්,


“ ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඉශ්රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද?


රජතුමනි, උන් වහන්සේ එසේ නොකළත්, අප ඔබේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නේ වත්, ඔබ පිහිටුවා ඇති රන් රූපයට නමස්කාර කරන්නේ වත් නැති බව ඔබට දන්වන්නට කැමැත්තෙමු.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්