ද්විතීය නීතිය 8:17 - Sinhala New Revised Version ‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න. Sinhala New Revised Version 2018 ‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න. Sinhala Revised Old Version මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි නුඹේ සිතින් නොකියන හැටියටද බලාගන්න. |
ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.
සොයාගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත; තබාගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයක් ඇත;
මිනිස් ලොවෙහි තව දෙයක් මම තේරුම්ගතිමි. ශීඝ්‍ර ධාවකයාට නිතර ම දිනුම නොලැබේ. යුද බිමෙහි විකුම් පාන අයට නිතර ම ජය නොලැබේ. ප්‍රඥාවන්තයාට නිතර ම තම ජීවිකාව කරගත නොහැකි ය. බුද්ධිමත් අය නිතර ම ධනවත් අය නොවෙති. දක්ෂ විචක්ෂණ අය නිතර ම ඉහළ තනතුරු නොලබති. ඔය කාටත් අවසානය එළඹිය හැකි ය.
මළසිරුරු පොහොර ගොඩවල් මෙන් ද ගොයම් කපන්නන් ඉතිරි කර ගිය ගොයම් මිටි මෙන් ද විසුරුවනු ලබන විට කිසිවෙකු ඒවා එකතු කරන්නේ නැත. සමිඳාණන් වහන්සේ මට ප්‍රකාශ කරන්නට කී දේ මේ ය.”
නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ.
එබැවින් රජතුමනි, මාගේ දැනමුතුකම පිළිගැනීමට සතුටු වුව මැනව. දැහැමිකම් කිරීමෙන් ඔබේ පාප ද දිළිඳුන්ට කරුණා කිරීමෙන් ඔබේ අපරාධ ද පහකළ මැනව. එසේ කිරීමෙන් සමහර විට දීර්ඝ කාලයක් ඔබට සාමදානයෙන් සිටින්නට පුළුවන් වනු ඇත.”
සක්මන් කරමින් සිටිය දී ඔහු මෙසේ කීවේ ය: “එම්බා ශ්‍රේෂ්ඨ බබිලෝනිය, මාගේ රජවාසල වශයෙන් ද මාගේ රාජශ්‍රීයේ ගෞරවය උදෙසා ද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනඟන ලද නගරය තී නොවේ ද?”
එසේ වුව ද, “අපි ධනවත් ය; වස්තු සම්භාර රැස් කරගෙන සිටිමු; ‘වංචාවෙන් ඔව්හු පොහොසත් වූ හ’යි අපට චෝදනා කරන්නට කිසිවෙකුට බැරි ය”යි එප්‍රායිම් සෙනඟ කියති.
ඔව්හු දැල්වලට පූජා ද අතංගුවට සුවඳ දුම් ද ඔප්පු කරති. මන්ද, ඒවායින් ම සැප විහරණයෙන් කල් යවමින් පුෂ්ටිමත් ආහාර අනුභව කරන බැවිනි.
ඔබට එතරම් ප්‍රමුඛත්වයක් දුන්නේ කවරෙක් ද? දෙවියන් වහන්සේ දුන් දේ හැර අන් කිසිවක් ඇද් ද? ඉතින්, එය දෙන ලද දෙයක් නම් ඔබ සතු දෙයක් සේ ම සලකා පාරට්ටු කරගන්නේ මන් ද?
“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් නෙරපා දැමූ පසු, ‘සමිඳාණන් වහන්සේ මේ රට මට අයිති කර දීමට මා ගෙනාවේ මාගේ දැහැමිකම නිසා ය’යි නොසිතන්න. එසේ නොව ඔබ ඉදිරියට යන විට උන් වහන්සේ ඔවුන් පන්නා දැමුවේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය.
එවිට සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “මිදියන්වරුන් නුඹ අතට පාවා දීමට නුඹ සමඟ සිටින සෙනඟගේ ගණන වැඩි ය, මා එසේ කළොත්, ‘අපේ ශක්තියෙන් ම අපි ගැළවුණෙමු’යි ඉශ්රායෙල් සෙනඟ මට ගෞරවය නොදී අහංකාර වනු ඇත.
එවිට දාවිත් මෙසේ කී ය: “මාගේ සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේ අපට දුන් දේවල් ගැන එසේ නොකරන්න. උන් වහන්සේ අප ආරක්ෂා කර, අපට විරුද්ධ ව පැමිණි හමුදාව අප අතට පාවා දුන් සේක.