Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 30:23 - Sinhala New Revised Version

23 එවිට දාවිත් මෙසේ කී ය: “මාගේ සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේ අපට දුන් දේවල් ගැන එසේ නොකරන්න. උන් වහන්සේ අප ආරක්ෂා කර, අපට විරුද්ධ ව පැමිණි හමුදාව අප අතට පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එවිට දාවිත් මෙසේ කී ය: “මාගේ සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේ අපට දුන් දේවල් ගැන එසේ නොකරන්න. උන් වහන්සේ අප ආරක්ෂා කර, අපට විරුද්ධ ව පැමිණි හමුදාව අප අතට පාවා දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 එකල දාවිත්: මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ අපට දුන් දේවල් ගැන එසේ නොකරන්න, උන්වහන්සේ අප ආරක්ෂාකර අපට විරුද්ධව ආවාවූ සමුදාව අප අතට පාවාදුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 30:23
16 හුවමාරු යොමු  

ඔබට ධන සම්පත උපයාගැනීමට බල පුළුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතු ය. උන් වහන්සේ එසේ කරන්නේ, අද පවතින පරිදි උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ගිවිසුම ඉටු කරන පිණිස ය.


“සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය.


ස්තේපන් මෙසේ පිළිතුරු දුනි: “සහෝදරවරුනි, පියවරුනි, සවන් දෙන්න. අපගේ පිය වූ ආබ්‍රහම් හාරාන්හි පදිංචි වන්නට පෙර මෙසොපොතේමියාවේ සිටි කාලයෙහි, මහිමාන්විත දෙවියන් වහන්සේ ඔහුට පෙනී,


සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක; පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක.


එවිට ගෘහ මූලිකයා වන මහලු මිනිසා පිටතට ගොස්, ඔවුන්ට කතා කොට, “අනේ සහෝදරයෙනි, එසේ නොවේ වා! එපමණ දූෂ්‍යකම් නොකරන්න. ඒ මිනිසා මාගේ ගෙට පැමිණ සිටිය දී ඔය නින්දිතකම් නොකරන්න.


ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් සරුසාර රට උදෙසා උන් වහන්සේට ස්තුති පිදිය යුතු ය.”


ඔහු ඔවුන් අමතා, “මිතුරෙනි, මම වැඳ ඔබට කියමි: මෙවැනි නපුරුකමක් නොකරන්න.


ඔව්හු දැල්වලට පූජා ද අතංගුවට සුවඳ දුම් ද ඔප්පු කරති. මන්ද, ඒවායින් ම සැප විහරණයෙන් කල් යවමින් පුෂ්ටිමත් ආහාර අනුභව කරන බැවිනි.


දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විචාරමින්, “මම මේ හමුදාව ලුහුබැඳ ගියොත්, ඔවුන් කරා පැමිණෙන්නට මට පුළුවන් වේ දැ”යි ඇසුවේ ය. උන් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න; මන්ද, නුඹ සැබැවින් ම ඔවුන් කරා පැමිණ නොවරදවා සිරකරුවන් සියලු දෙනා ම නැවත ලබාගනු ඇතැ”යි වදාළ සේක.


එවිට දාවිත් සමඟ ගිය සෙනඟ අතරෙන් නපුරු, දුදන මිනිසුන් සියලු දෙනා කතා කොට, “අප සමඟ නොගිය මිනිසුන්ට අප ගළවා ගත් කොල්ලයෙන් කිසිවක් නොදෙමු. ඔවුන් එකිනෙකාට තම තමන්ගේ භාර්යාවන් ද දරුදැරියන් ද රැගෙන යන්නට පමණක් දෙමු”යි කී හ.


ඔබ කියන දේට සවන් දෙන්නේ කවරෙක් ද? සියලු දෙනා ම එක හා සමාන ව බෙදාගත යුතු ය; යුද්ධයට යන අයගේ කොටසත්, බඩු ළඟ නැවතී සිටින අයගේ කොටසත් එක හා සමාන විය යුතු ය.”


‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්