එම්බා මිසරය! තී මැදට, පාරාවෝට සහ ඔහුගේ සියලු මෙහෙකරුවන්ට එරෙහි ව එතුමාණෝ අරුමපුදුම දේ හා හාස්කම් පැමිණෙවු සේක.
ද්විතීය නීතිය 6:22 - Sinhala New Revised Version තවද, උන් වහන්සේ අප බලා සිටිය දී ම මිසර දේශයට, එනම් පාරාවෝ රජු හා ඔහුගේ ගෙවැසියන් හට අති බියජනක හාස්කම් සහ අරුමපුදුම දේ පමුණුවා Sinhala New Revised Version 2018 තවද, උන් වහන්සේ අප බලා සිටිය දී ම මිසර දේශයට, එනම් පාරාවෝ රජු හා ඔහුගේ ගෙවැසියන් හට අති බියජනක හාස්කම් සහ අරුමපුදුම දේ පමුණුවා Sinhala Revised Old Version මිසරයද ඵාරාවෝද ඔහුගේ ගෙදර වාසී සියල්ලන්ද කෙරෙහි ස්වාමීන්වහන්සේ අපේ ඇස් හමුයෙහි මහත්වූ භයානකවූ ලකුණුද ආශ්චර්යද කොට, |
එම්බා මිසරය! තී මැදට, පාරාවෝට සහ ඔහුගේ සියලු මෙහෙකරුවන්ට එරෙහි ව එතුමාණෝ අරුමපුදුම දේ හා හාස්කම් පැමිණෙවු සේක.
ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.
මම ද මාගේ බාහු බලය පා, මා එහි කරන්ට යන හාස්කම් සියල්ලෙන් මිසරයට පහර දෙන්නෙමි. ඉන්පසු ඔහු නුඹලාට යන්ට අවසර දෙනු ඇත.
ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි යන සේක. මිසරයේ දී ඔබ ඇස් ඉදිරියෙහි උන් වහන්සේ ඔබ වෙනුවෙන් ඉෂ්ට කළ සියල්ල අනුව, උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක.
“එකල මම ජෝෂුවාට කතා කොට, ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අන් රජුන් දෙදෙනාට කළ දේ දෑසින් ම ඔබ දුටුවෙහි ය. ඔබ ආක්‍රමණය කරන සියලු රාජධානිවලට උන් වහන්සේ එලෙස කරන සේක.
බාල්-පෙයොර්හි සිද්ධියට අදාළ ව සමිඳාණන් වහන්සේ කළ දේ ඔබේ දෑසින් ම ඔබ දුටුවහු ය. පෙයොර්හී දී බාල් නම් දෙවියා අනුගාමී වූ සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් වනසා ලූ සේක.
ඔබ බලා සිටිය දී ම මිසරයේ දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක්, අභියෝග දක්වා, හාස්කම් සහ අරුමපුදුම දේ පා, යුද්ධයෙන් ද, බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් ද මහා බියජනක දේ කර, එක් ජාතියක් තවත් ජාතියක් මධ්‍යයෙන් තෝරාගන්නට වැඩිය සේක් ද?
ඔබ ඔහුට පිළිතුරු දෙමින් මෙසේ කිව යුතු ය: ‘මිසරයේ දී අපි පාරාවෝ රජුගේ වහලුන් මෙන් සිටියෙමු. එහෙත්, සමිඳාණන් වහන්සේ තම බාහු බලය පාමින් මිසරයෙන් අප ගෙනා සේක.
උන් වහන්සේ අපේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ රට අපට දීම සඳහා එහි අප ඇතුල් කිරීමට, මිසරයෙන් පිටතට අප ගෙනා සේක.
ඔබේ ම ඇසින් ඔබ දුටු භයානක වසංගත ද, හාස්කම් හා අරුමපුදුම දේ ද හොඳින් සිහි කරන්න. දෙවි සමිඳාණන් වහන්සේ ඔබ මුදාලීමට යෙදු බාහු බලය ද, දිගු කළ හස්තය ද සිහි කරන්න. ඔබ බිය වන්නේ යම් සෙනඟකට ද ඔවුන් සියල්ලන්ට ම උන් වහන්සේ පෙර සේ ම කරන සේක.