Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 4:3 - Sinhala New Revised Version

3 බාල්-පෙයොර්හි සිද්ධියට අදාළ ව සමිඳාණන් වහන්සේ කළ දේ ඔබේ දෑසින් ම ඔබ දුටුවහු ය. පෙයොර්හී දී බාල් නම් දෙවියා අනුගාමී වූ සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් වනසා ලූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 බාල්-පෙයොර්හි සිද්ධියට අදාළ ව සමිඳාණන් වහන්සේ කළ දේ ඔබේ දෑසින් ම ඔබ දුටුවහු ය. පෙයොර්හී දී බාල් නම් දෙවියා අනුගාමී වූ සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ අතරෙන් වනසා ලූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 බාල්-පෙයෝර් නිසා ස්වාමීන්වහන්සේ කළ දෙය නුඹලාගේ ඇස්වලින් දුටුවහුය. මක්නිසාද බාල්-පෙයෝර් පස්සේ ගිය සියලු මනුෂ්‍යයන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙන් විනාශකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 4:3
9 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් සෙනඟ මට හමු වූයේ කාන්තාරයේ මුද්‍රික පල මෙන් ය. මා නුඹලාගේ මුතුන්මිත්තන් මුලින් ම දුටු විට, පළමු සෘතුවේ අත්තික්කාවල නාඹුල් පල දැකීමක් මෙන් විය. එහෙත්, බාල්-පෙයොර් නම් ස්ථානයට පැමිණි විට ඔව්හු නින්දිත බාල් දේවතාවන්ට කැප වූ හ. එබැවින් ඔවුන් දේවතාවන්ට ඇළුම් වූ තරමට ම මම ඔවුන් පිළිකුල් කෙළෙමි.


පෙයොර්හි දී කරන ලද අපරාධය මතක නැද් ද? සමිඳාණන් වහන්සේගේ සෙනඟ පිටට වසංගතයක් පැමිණි හැටි සිහි කරන්න. ඒ අපරාධයෙන් අප තවමත් නිදහස් වී නැත.


බලන්න, පේයොර් නම් ස්ථානයේ දී, බාලාම්ගේ උපදෙස් පිට ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අපරාධ කෙළේ මොවුන් නිසා ය. සමිඳාණන් වහන්සේගේ ජනතාව අතර වංසගතයක් පැතිර ගියේත් ඒ නිසා ම ය.


එහෙත්, සීනයි පාළුකරයේ දී මෝසෙස් සහ පූජක ආරොන් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන විට සිටි අයගෙන් එක් කෙනෙක් වත්, මෙහි නොසිටියේ ය.


එහෙත්, ඔබගේ දෙවි සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව සිටි ඔබ සියල්ලෝ අද පණපිටින් සිටින්නහු ය.


මම කාන්තාරයේ දී ඔවුන්ගේ දරුවන්ට කතා කොට: ‘නුඹලාගේ පියවරුන්ගේ පණත් ප්‍රකාර නොහැසිර, ඔවුන්ගේ නියෝගයන් නොපවත්වා, ඔවුන්ගේ දේව රූපවලින් අපවිත්‍ර නොවී සිටින්න.


එහෙත්, සමිඳාණන් වහන්සේ කළ සියලු ප්‍රබල ක්‍රියා ඔබේ දෙනෙතින් ඔබ දුටුවහු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්