ද්විතීය නීතිය 4:11 - Sinhala New Revised Version “ඔබ කඳු පාමුලට විත් සිටගත්තහු ය. කන්ද ගිනිගෙන ඇවිලෙමින්, ඒ ගින්න අහස් කුසට බුර බුරා නැංගේ ය. අඳුරු වලා පටල නිසා කන්ද ඝනාන්ධකාරයෙන් වැසිණි. Sinhala New Revised Version 2018 “ඔබ කඳු පාමුලට විත් සිටගත්තහු ය. කන්ද ගිනිගෙන ඇවිලෙමින්, ඒ ගින්න අහස් කුසට බුර බුරා නැංගේ ය. අඳුරු වලා පටල නිසා කන්ද ඝනාන්ධකාරයෙන් වැසිණි. Sinhala Revised Old Version නුඹලා වනාහි ළංවී කන්ද මුල සිටියහුය; කන්දද අඳුරත් වලාපටලත් ඝනාන්ධකාරයත් ඇතුව අහස මැද දක්වා ගින්නෙන් ඇවිළී ගියේය. |
පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු මඳ පවනක හඬක් විය.
වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.
නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.
සමිඳාණන් වහන්සේ ගින්න මැද වැඩ සිට ඔබට කතා කළ සේක. ඔබ කටහඬක් ඇසූ නමුත් රූපයක් නුදුටුවහු ය. ඔබට ඇසුණේ කටහඬ පමණ ය.
“කන්ද ගින්නෙන් දැවෙමින් තිබිය දී, අඳුර මැදින් ඔබට කටහඬ ඇසුණු විට, ඔබේ ගෝත්‍රවල ප්‍රධානීන් සියල්ලෝ ද ප්‍රජා මූලිකයෝ ද මා සමීපයට පැමිණ,