Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 4:11 - Sinhala New Revised Version 2018

11 “ඔබ කඳු පාමුලට විත් සිටගත්තහු ය. කන්ද ගිනිගෙන ඇවිලෙමින්, ඒ ගින්න අහස් කුසට බුර බුරා නැංගේ ය. අඳුරු වලා පටල නිසා කන්ද ඝනාන්ධකාරයෙන් වැසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 “ඔබ කඳු පාමුලට විත් සිටගත්තහු ය. කන්ද ගිනිගෙන ඇවිලෙමින්, ඒ ගින්න අහස් කුසට බුර බුරා නැංගේ ය. අඳුරු වලා පටල නිසා කන්ද ඝනාන්ධකාරයෙන් වැසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 නුඹලා වනාහි ළංවී කන්ද මුල සිටියහුය; කන්දද අඳුරත් වලාපටලත් ඝනාන්ධකාරයත් ඇතුව අහස මැද දක්වා ගින්නෙන් ඇවිළී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 4:11
10 හුවමාරු යොමු  

“කන්ද ගින්නෙන් දැවෙමින් තිබිය දී, අඳුර මැදින් ඔබට කටහඬ ඇසුණු විට, ඔබේ ගෝත්‍රවල ප්‍රධානීන් සියල්ලෝ ද ප්‍රජා මූලිකයෝ ද මා සමීපයට පැමිණ,


නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.


සමිඳාණන් වහන්සේ ගින්න මැද වැඩ සිට ඔබට කතා කළ සේක. ඔබ කටහඬක් ඇසූ නමුත් රූපයක් නුදුටුවහු ය. ඔබට ඇසුණේ කටහඬ පමණ ය.


එතුමාණෝ අඳුර තමන්ට පොරෝනාවක් කරගත් සේක; වැහි වලා පටල තමන්ට මණ්ඩපයක් කරගත් සේක.


වලාකුළු සහ අඳුර එතුමාණෝ වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමාණන්ගේ සිහසුනේ පදනම් ය.


එතුමාණෝ අහස නමා බැස වැඩිය සේක, එතුමන්ගේ පා යට ගන’ඳුර වී ය.


පොළෝ කම්පාවට පසු ගින්නක් විය. එහෙත්, සමිඳාණන් වහන්සේ ගින්නෙහි නොවූ සේක. ගින්නට පසු නිසලතාව තුළින් සියුම් හඬක් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්