Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 5:23 - Sinhala New Revised Version

23 “කන්ද ගින්නෙන් දැවෙමින් තිබිය දී, අඳුර මැදින් ඔබට කටහඬ ඇසුණු විට, ඔබේ ගෝත්‍රවල ප්‍රධානීන් සියල්ලෝ ද ප්‍රජා මූලිකයෝ ද මා සමීපයට පැමිණ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 “කන්ද ගින්නෙන් දැවෙමින් තිබිය දී, අඳුර මැදින් ඔබට කටහඬ ඇසුණු විට, ඔබේ ගෝත්‍රවල ප්‍රධානීන් සියල්ලෝ ද ප්‍රජා මූලිකයෝ ද මා සමීපයට පැමිණ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 කන්ද ගින්නෙන් ඇවිළෙද්දී අන්ධකාරය මැදින් පැමිණි හඬ නුඹලාට ඇසුණු කල්හි නුඹලා එනම් නුඹලාගේ ගෝත්‍රවල සියලු ප්‍රධානියෝද නුඹලාගේ වැඩිමහල්ලෝද මා ළඟට අවුත් කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 5:23
6 හුවමාරු යොමු  

හොරෙබ් කන්ද ළඟ ජනතාව රැස් වූ දින, දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ කටහඬ අපට යළි ඇසෙන්න ඉඩ නොතබනු මැනවි; අප මිය නොයන ලෙස මේ මහා ගින්න ද අපට තවත් පෙනෙන්න ඉඩ නොදෙනු මැනව’යි ඉල්ලුවහු ය.


“කන්දේ දී ගින්න ද වලා පටලය ද ඝනාන්ධකාරය ද මැද වැඩ සිට මුළු ජනතාව අමතා, මහා හඬකින් සමිඳාණන් වහන්සේ වදාළ වචන මේවා ය. ඒවාට අමතර ව කිසිවක් එකතු නොකොට, ගල් පුවරු දෙකක උන් වහන්සේ ඒවා ලියා මට භාර දුන් සේක.”


‘පුදුමයකි! අපේ දෙවි සමිඳාණන් වහන්සේ සිය තේජශ්‍රීය සහ ශ්‍රේෂ්ඨත්වය අපට පෙන්වා වදාළ සේක. ගින්න මැදින් අපි උන් වහන්සේගේ කටහඬට සවන් දුනිමු. දෙවියන් වහන්සේ මිනිසා සමඟ කතා කළ පසු පවා ඔහුට ජීවත් විය හැකි බව අද අපි දුටිමු.


“මම ද ආපසු හැරී කන්දෙන් බැස ආවෙමි. කන්ද ගින්නෙන් දැවි දැවී තිබිණි. ගිවිසුමේ ගල් පුවරු දෙක ද මා දෑතෙහි විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්