දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල්ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය.
ද්විතීය නීතිය 32:5 - Sinhala New Revised Version එහෙත් එතුමන්ගේ සෙනඟ, දූෂ්‍ය වී ඇත; දෙවි දරුකම ඔවුන්ට නැත; වංක, අදමිටු පරපුරක් වී ඇත. Sinhala New Revised Version 2018 එහෙත් එතුමන්ගේ සෙනඟ, දූෂ්‍ය වී ඇත; දෙවි දරුකම ඔවුන්ට නැත; වංක, අදමිටු පරපුරක් වී ඇත. Sinhala Revised Old Version ඔව්හු උන්වහන්සේට විරුද්ධව දුෂ්ටකම් කළෝය, ඔව්හු උන්වහන්සේගේ දරුවෝ නොවෙති, ඔව්හු කැලල් ඇත්තෝය; වංකවූ වංචාකාරවූ වංශයක |
දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල්ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය.
මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය. මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ. ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “යන්න, හනික කන්දෙන් බසින්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන සිටිති.
අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.
‘ඔව්හු මාගේ සෙනඟ ය, ඔව්හු වංචා නොකරති’යි සමිඳාණෝ වදාළ සේක. ඒ නිසා එතුමාණෝ ඔවුන්ගේ ගැළවුම්කාරයාණෝ වූ සේක.
ගිබියාහි දී මෙන් ඔව්හු අතිශයෙන් දූෂණය වී සිටිති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පව් සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් දෙන සේක.”
මාගේ සෙනඟ මට බිය වී මාගේ උපදෙස් පිළිගනු ඇතැ යි මම බලාපොරොත්තුවෙන් සිටියෙමි. ඔවුන්ට මා ඉගැන්වූ පාඩම ඔවුන් කිසි කලෙක අමතක නොකරති යි මම සිතුවෙමි. එහෙත්, ඔව්හු වැඩි වැඩියෙන් දූෂ්‍ය ලෙස හැසුරුණෝ ය.
ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපෙනේ. ඉශ්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමාණෝ නුදුටු සේක. දෙවි සමිඳාණෝ ඔවුන් සමඟ ය. එතුමාණන් සිය රජු බව ඔව්හු පවසති.
අදමිටු අදේවදෘෂ්ටික පරම්පරාවක් හාස්කමක් සොයන්නේ ය. එහෙත්, දිවැසිවර ජෝනා පිළිබඳ හාස්කම හැර වෙන හාස්කමක් නොදක්වනු ලැබේ ය”යි කියා ඔවුන් අත්හැර නික්ම ගිය සේක.
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “අහෝ! ඇදහිල්ල නොමැති හිතුවක්කාර පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.
එහෙත්, බව්තීස්ම-ස්නාපනය ලබන පිණිස පරිසිවරුන්ගෙන් ද සද්දුසිවරුන්ගෙන් ද බොහෝ දෙනෙකු එනු දුටු ඔහු ඔවුන්ට කතා කොට, “පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යාමට ඔබට අවවාද කෙළේ කවරෙක් ද?
ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “අහෝ! ඇදහිලි හීන මුරණ්ඩු පරම්පරාව, මා කොතෙක් කල් ඔබ සමඟ සිටිමින් ඔබ ගැන ඉවසන්න ද? ඔබේ පුත්‍රයා මෙහි ගෙනෙන්නැ”යි වදාළ සේක.
ඔබ කරන්නේ ඔබේ පියාගේ ක්‍රියා ය”යි වදාළ සේක. එවිට ඔව්හු; “අපි අවජාතක දරුවෝ නොවෙමු. අපට ඇත්තේ එක ම පියෙකි; එනම්, දෙවියන් වහන්සේ ම ය”යි කී හ.
ඔහු තවත් බොහෝ වචනවලින් උදක් ම අයැදිමින්, “මේ කුහක පරම්පරාවෙන් ගැළවෙන්නැ”යි ඔවුන්ට අනුශාසනා කෙළේ ය.
“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.
එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.
මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.”
එතුමාණෝ මෙසේ වදාළ සේක: මම ඔවුන්ගෙන් මුහුණ සඟවාගනිමි. ඔවුන්ගේ ඉරණම කුමක් දැ යි බලමි. ඔව්හු කපටි පෙළපතකි; අවිශ්වාසී පරපුරකි.
එබැවින් ඔබ පවට නොවැටෙන පිණිස කිසි ම නෙළූ පිළිමයක් වත්, ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ සමාන කිසි ම රූපයක් වත්,
“ඔබ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලබා, බොහෝ කාලයක් එම රටෙහි විසූ පසු, නෙළූ පිළිම හෝ යම්කිසි රූපයක් හෝ සාදා පවට වැටෙමින් ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුර කොට උන් වහන්සේ කුපිත කළහොත්
එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව,
එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය.