Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 7:51 - Sinhala New Revised Version

51 “හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

51 “මිථ්‍යාදෘෂ්ටික සිත් හා කන් ඇති මුරණ්ඩු ජනයිනි! නුඹලා නුඹලාගේ පියවරුන් වගේම ය. නුඹලා හැම විට ශුද්ධාත්මයාණන්ට හරස්වන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

51 “හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

51 තදවූ කුලල් ඇත්තෙනි, සිතින්ද කන්වලින්ද අචර්මඡේදිතයෙනි, නුඹලා නිතරම ශුද්ධාත්මයාණන්ට විරුද්ධව සිටිහුය. නුඹලාගේ පියවරුන් කළාක් මෙන් නුඹලාත් කරහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 7:51
38 හුවමාරු යොමු  

එබැවින් ඔබේ සිත් සතන්හි පාප මල කපා හැර, මින්පසු මුරණ්ඩු නොවන්න.


මම ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පමුණුවන්නෙමි. එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්,


ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න. මන්ද, මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති, සහතිකයේ මුද්‍රාව උන් වහන්සේ ය.


ජුදාහි වැසියෙනි, ජෙරුසලමේ වැසියෙනි, නුඹලාගේ සිතෙන් පාප මල කපා හරින්න. එසේ නොකළොත්, නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්නට බැරි ලෙස ඇවිලෙනු ඇත.”


එහෙත්, ඔව්හු කැරලි ගසා, උන් වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දුන්නෝ ය. ඒ නිසා, එතුමාණෝ ඔවුන්ට සතුරු වී ඔවුන්ට විරුද්ධ ව සටන් කළ සේක.


උන් වහන්සේ මෝසෙස් අමතා, “නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟකි. මම මොහොතකට වත් නුඹලා අතරට පැමිණියොත් නුඹලා වනසාලමි. එබැවින් දැන් නුඹලාගේ කනකර ආභරණ ගලවා දමන්න. එවිට නුඹලාට කුමක් කළ යුතු ද කියා මම දන්නෙමි’යි ඉශ්රායෙල් ජනයාට කියන්නැ”යි වදාරා තිබිණි.


තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.


නියම චර්මඡේදිතයෝ නම්, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් උන් වහන්සේට නමස්කාර කරන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න, බාහිර වත්පිළිවෙත් පිට විශ්වාසයක් නොතබන අපි වම්හ.


කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට යන්න. එහෙත්, නුඹ සමඟ මම නොයමි. මන්ද, නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟක් බැවින් මා අතරමඟ දී නුඹලා වනසාලන්නට පිළිවනැ”යි වදාළ සේක.


ඔහුගේ කතාවෙහි ගැබ් වූ ප්‍රඥාව හා ශුද්ධාත්ම බලය අභිබවා නැඟී සිටීමට ඔවුන්ට නොහැකි විය.


මම මෙසේ පිළිතුරු දිනිමි: “සවන් දෙන හැටියට මම කාට කතා කර අවවාද කරම් ද? ඔවුන් මුරණ්ඩු වී ඔවුන්ගේ කන් වසාගෙන ඇති බැවින් සවන් දෙන්නට ඔවුන්ට බැරි ය. සමිඳාණන් වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී ඇත. ඔව්හු එයට ප්‍රිය නොවෙති.


මෙසේ ඔව්හු ඔවුන්ගේ පියවරුන් මෙන් හිතුවක්කාර, කැරලිකාර පරපුරක් නොවන්නෝ ය. මන්ද, ඒ පරපුරේ අය දෙවිඳුන් කෙරෙහි ස්ථිර ව නොසිටියහ. ඔව්හු දෙවිඳුන්ට පක්ෂපාත ව නොසිටියෝ ය.


උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබ චර්මඡේදනය කරනු ලැබුවහු ය. ඒ වනාහි සැත්කමකින් කරන ලද චර්මඡේදනයක් නොව, මාංසික ක්ලේශයන් ඉවත් කිරීමේ චර්මඡේදනයකි. ක්‍රිස්තුන් වහන්සේගේ චර්මඡේදන පිළිවෙත එය යි.


ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නහු නම් ඔබේ චර්මඡේදන පිළිවෙ‍තින් වැඩක් ඇත. එහෙත්, ඔබ ව්‍යවස්ථාව කඩ කරන්නාහු නම්, ඔබේ චර්මඡේදන පිළිවෙතෙහි තේරුමක් නැත.


“එහෙත් අපේ පියවරු ඔහුට කීකරු වන්නට අකමැති ව ඔහු නෙරපා දමා, ආපසු මිසරයට යන රිසියෙන්,


එහෙත් අසල්වැසියාට අයුතුකම් කරමින් සිටි මිනිසා මෝසෙස් තල්ලු කර දමා, ‘අප කෙරෙහි අධිපතියෙකු ද විනිශ්චයකාරයෙකු ද කර ඔබ පත් කෙළේ කවරෙක් ද?


“ඒ කුලපතියෝ ජෝසෙප්ට ඊර්ෂ්‍යා කොට ඔහු මිසරයෙහි වහල්කමට විකුණූ හ. එහෙත් දෙවියන් වහන්සේ ඔහු සමඟ සිට,


“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටින විදේශීන්ගෙන් ගතින් හා සිතින් පාප මල පහකර නොදැමූ කිසි ම කෙනෙක් මාගේ ශුද්ධස්ථානයට ඇතුළු නොවෙත් වා!


නුඹලා මාගේ ආහාර වන තෙල ද ලේ ද ඔප්පු කරන විට, මාගේ මාලිගාව කෙලෙසන හැටියට මාගේ ශුද්ධස්ථානයෙහි සිටීමට ගතින් හා සිතින් පාප මල කපා නොදැමූ විදේශීන් එය ඇතුළට ගෙනාවහු ය. නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා මදිවාට නුඹලා මාගේ ගිවිසුමත් කඩ කළහු ය.


එහෙත්, ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබේ ආත්මානුභාවයෙන් ඔබේ දිවැසිවරුන් මඟින් ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු සවන් නුදුන්හ. ඔබ ද දේශවල ජනයන් අතට ඔවුන් පාවා දුන් සේක.


මම ඔබේ කැරලිකාරකමත්, මුරණ්ඩුකමත් දනිමි. මා අද ජීවත් ව සිටිය දී ම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ කැරලිගසන්නහු නම්, මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහු ද?


ඒ සෙනඟ මුරණ්ඩු දැඩි සිත් ඇත්තෝ වෙති. මම ඔවුන් වෙත නුඹ යවමි. නුඹ ද, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න.


නුඹලාගේ පියවරු මා දෙසට කන් යොමු කර මට සවන් නුදුන්නෝ ය. ඒ වෙනුවට නුඹලා සිත් දැඩි කරගෙන, මට කීකරු වුණේ වත්, මාගේ අවවාද පිළිගත්තේ වත් නැත.


යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි.


මහෝත්තමයාණන්ට විරුද්ධ ව අහංකාර නොවන්න; මැවුම්කරුන් හට විරුද්ධ ව උඩඟුවෙන් කතා නොකරන්න.


ඔබ ඔවුන්ට දෙන බවට දිවුරුම් දුන් දේශය හිමි කරගැනීමට ඇතුළුවන්නට කියා ද ඔවුන්ට අණ කළ සේක. එහෙත්, අපේ පියවරු මුරණ්ඩු ව ඔබේ ආඥාවන්ට අකීකරු වූ හ.


ඉතින් ඔබේ පියවරුන් මෙන් ඔබ මුරණ්ඩු නොවී සමිඳාණන් වහන්සේට ගිවිසුම් දී, උන් වහන්සේ සදහට ම පවිත්‍ර කළ උන් වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුළු වී උන් වහන්සේගේ තද උදහස ඔබ කෙරෙන් පහවන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට වන්දනා නමස්කාර කරන්න.


ඔබ ඒ රට පදිංචි ව ජීවත් වෙමින් ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන පිණිස උන් වහන්සේ ඔබේ සිතෙන් ද ඔබේ දරුමුණුබුරන්ගේ සිත්වලින් ද පාප මල කපා හරින සේක.


“උන් වහන්සේ තවදුරටත් මට කතා කොට, ‘මම මේ සෙනඟ දැන අඳුනමි. ඔවුන් මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.


එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සාර භූමිය ඔබට අයිති කර දෙනුයේ ඔබේ දැහැමිකම නිසා නොවන බව තේරුම්ගන්න. මන්ද, ඔබ වනාහි මුරණ්ඩු සෙනඟකි.”


ඉන්පසු ඔහු කතා කොට, “සමිඳුනි, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම්, මාගේ සමිඳුන් වන ඔබ අප සමඟ වඩින ලෙස මම අයැද සිටිමි. මේ සෙනඟ නම් මුරණ්ඩු ය. අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේ ම උරුමය වශයෙන් ගත මැනව”යි කී ය.


“අප කෙරෙහි අධිපතියෙකු හා විනිශ්චයකාරයෙකු ලෙස පත් කරන ලද්දේත්, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේත් මේ මෝසෙස් ය. එහෙත් පඳුරෙහි දර්ශනය වූ දේව දූතයා මඟින් අධිපතියෙකු හා මිදුම්කාරයෙකු ද වන පිණිස දෙවියන් වහන්සේ විසින් යවන ලද්දේත් මොහු ම ය.


මන්ද, නුඹලා දෙදෙන ශීන් නම් පාළුකරයේ දී මගේ අණට විරුද්ධ ව කැරලි ගැසුවහු ය. මෙරිබාහී දී මුළු ජනතාව මැසිවිලි කියද්දී නුඹලා දෙදෙන ඔවුන් ඉදිරියෙහි මාගේ බල මහිමය පිළිගැනීමට අකමැති වූවාහු ය”යි වදාළ සේක. (මෙරිබා වනාහි ශීන් පාළුකරයේ කාදේශ්හි ඇති උල්පතකි.)


එහෙත්, ඔව්හු සවන් නො දී, තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නොඇදහු ඔවුන්ගේ පියවරුන් මුරණ්ඩු වූ ලෙස තමන්ගේ මුරණ්ඩුකම් වැඩිකරගෙන,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්