ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 13:11 - Sinhala New Revised Version

මුළු ඉශ්රායෙල් ජනයා මේ දේ ගැන ඇසූ කල, ඔවුන් බිය වී ඔබ අතර මෙවැනි දුෂ්ටකමක් මින්පසු නොකරනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මුළු ඉශ්රායෙල් ජනයා මේ දේ ගැන ඇසූ කල, ඔවුන් බිය වී ඔබ අතර මෙවැනි දුෂ්ටකමක් මින්පසු නොකරනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සියලු ඉශ්‍රායෙල්වරු ඒ අසා භයවී එබඳු දුෂ්ටකමක් නුඹලා අතරෙහි තවත් නොකර සිටින්නාහුය.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 13:11
11 හුවමාරු යොමු  

මෝසෙස් සෙනඟට කතා කොට මෙසේ කී ය: “ඔබ, වහල්කමේ නිවාසය වූ මිසරයෙන් පිටතට පැමිණි මේ දවස සිහි කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සිය බාහු බලයෙන් ඔබ එතැනින් පිටතට ගෙනා හෙයිනි. එබැවින් ඔබ මුහුන් රොටි නො කෑ යුතු ය.


උඩඟු මිනිසාට තළන්න, අනුවණයා නැණවත් වන්නේ එවිට ය. තේරුම් ඇත්තාට ඔවා බස් දෙන්න, ඔහු දැනුම ලබන්නේ එවිට ය.


උඩඟු මිනිසාට තළන්න, එවිට නූගතා ගුරුකම් ලබයි. නැණවතාට ඔවා බස් දෙන්න, එවිට ඔහු වැඩියෙනුත් දැනුම ලබයි.


“නැවත ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතරෙන් යමෙකු හෝ ඉශ්රායෙල් ජනයා අතර වසන විදේශිකයෙකු හෝ තම දරුවෙකු මොලෙක් නම් දේවතාවා හට බිලි කළොත්, සෙනඟ ඔහුට ගල් ගසා ඔහු මරණයට පත් කළ යුතු ය.


උන් වහන්සේ මෝසෙස් අමතා, “සෙනඟ අතර නායක සියල්ලන් කැඳවන්න, සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් කෙරෙන් පහවී යන පිණිස, ප්‍රසිද්ධියේ ඔවුන් එල්ලා මරන්නැ”යි වදාළ සේක.


“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පදිංචි වීමට දුන් යම්කිසි නගරයක


එවිට සියලු සෙනඟ මේ ගැන අසා, බිය වී තවත් හිතුවක්කාරකම් නොකරනු ඇත.”


සෙසු අය ද මේ ගැන අසා, බිය වී, මෙවැනි නපුරුකම් ඔබ අතර තවදුරටත් නොකරන්නෝ ය.


එවිට නගරයේ සියලු ම මිනිස්සු ඔහුට ගල් ගසා මරණයට පත් කරන්නෝ ය. මෙලෙස ඔබ අතරෙන් නපුර පහකළ යුතු වේ. මුළු ඉශ්රායෙල් ජනතාව මෙය ගැන ඇසූ විට බිය වනු ඇත.”


අන් අය භය වන පිණිස පව් කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටු කරන්න.


ජෝෂුවා කතා කොට, “ඔබ අප පිට මේ විපත්තිය පැමිණෙව්වේ මන් ද? සමිඳාණන් වහන්සේ අද ඔබ පිට විපත්තිය පමුණුවන සේකැ”යි කීවේ ය. එවිට සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගැසූ හ. ඔව්හු ඔවුන්ට ගල් ගසා ගින්නෙන් පුළුස්සාදැමුවෝ ය.