දෙවිඳාණෝ, මිනිසාට ලෙඩ රෝග එවීමෙන් ද ඔහුගේ ඇඟපතට වේදනා ඇති කිරීමෙන් ද ඔහු යහ මඟ යවන සේක.
යෝබ් 4:14 - Sinhala New Revised Version මා සිරුරෙහි ඇටකටු සැලෙන්නට විය. භීතිය හා කැළඹීම ද මට ඇති විය. Sinhala New Revised Version 2018 මා සිරුරෙහි ඇටකටු සැලෙන්නට විය. භීතිය හා කැළඹීම ද මට ඇති විය. Sinhala Revised Old Version මාගේ සියලුම ඇට වෙවුලෙවුවාවූ භීතියක්ද චංචලයක්ද මට පැමුණුණේය. |
දෙවිඳාණෝ, මිනිසාට ලෙඩ රෝග එවීමෙන් ද ඔහුගේ ඇඟපතට වේදනා ඇති කිරීමෙන් ද ඔහු යහ මඟ යවන සේක.
එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”
“ඔහු මට කතා කොට, ‘විශේෂයෙන් තෝරාගනු ලැබූ මනුෂ්‍යයෙකු වන දානියෙල්, මා නුඹට කියන්නට යන වචනවලට සවන් දී, නැඟිට කෙළින් සිටින්න. මන්ද, නුඹ වෙත මම එවන ලද්දෙමි’යි කී ය. ඔහු ඒ වචන මට කී විට මම වෙවුලමින් සිටගත්තෙමි.
මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි.
උන් වහන්සේ දුටු කල, මම මළ තැනැත්තෙකු මෙන් උන් වහන්සේ පාමුල වැටුණෙමි. උන් වහන්සේ සිය දකුණත මා පිට තබා මෙසේ වදාළ සේක: “බිය නොවන්න. මම පළමුවැන්නා සහ අන්තිමයා ය,