යෝබ් 38:26 - Sinhala New Revised Version මිනිසුන් නැති දේශයකට, කිසිවෙකු නැති මරුකතරකට වැසි වස්වන්නේ කවරෙක් ද? Sinhala New Revised Version 2018 මිනිසුන් නැති දේශයකට, කිසිවෙකු නැති මරුකතරකට වැසි වස්වන්නේ කවරෙක් ද? Sinhala Revised Old Version වනයද පාළු තැන්ද සනහා, තෘණ වැවෙන්ට සැලැස්වීමට, |
දඬුවමක් වශයෙන් හෝ පොළොව සරුසාර වන පිණිස හෝ දිව්‍ය කරුණාවේ ලකුණක් වශයෙන් හෝ මේ සියල්ල සිදු වෙයි.
කඩා වැටෙන වර්ෂාවට දිය අගලක් කැපුවේ කවරෙක් ද? අකුණු කොටන අහස් තලයට මං පෑදුවේ කවරෙක් ද?
එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක; වර්ෂාව සඳහා විදුලිය හටගන්වන සේක; සිය ගබඩාවලින් සුළඟ නික්මවන සේක;
සමිඳුන්ගේ අණින් අහස් ජලය ගිගුරුම් දෙයි; පොළෝ සීමාවලින් මීදුම සෑදී නැඟී එයි; එතුමාණෝ, වර්ෂාව සඳහා විදිලි කෙටීම් ඇති කරන සේක; එතුමාණෝ සිය ගබඩාවලින් සුළඟ ගෙනෙන සේක.
වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”