Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 14:22 - Sinhala New Revised Version

22 වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 වර්ෂාව වස්වන කෙනෙක් ජාතීන්ගේ නිෂ්ඵල දෙවිවරුන් අතරේ ඇද්ද? නොහොත් වැහිවලා දෙන්ට අහසට පුළුවන්ද? අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ දේ කරන්නේ ඔබ නොවේද? එබැවින් අපි ඔබ ගැන බලා සිටින්නෙමුව; මක්නිසාද ඔබම මේ සියල්ල කළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 14:22
39 හුවමාරු යොමු  

සියොන් වැසියෙනි, ප්‍රීති වන්න. ඔබේ දෙවි සමිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්න. එතුමාණෝ, ඔබට ශරත් කාලයේ නිසි තරමට වැසි ද ශීත කාලයේ මහා වැසි ද වසන්ත කාලයේ පෙර මෙන් වැසි ද වස්වන සේක.


‘සරත් කාලයේ දී ද වසන්ත කාලයේ දී ද නියම කලට වැසි දෙන, ගොයම් කැපීමට නියම සති අපට සලසා දෙන අපේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය ඇති ව සිටිමු’යි මේ සෙනඟ වන නුඹලා තමන් සිත් තුළ නොකීවහු ය.


එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක; වර්ෂාව සඳහා විදුලිය හටගන්වන සේක; සිය ගබඩාවලින් සුළඟ නික්මවන සේක;


ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස සමිඳාණන් වහන්සේ වර්ෂාව එවන සේක. උන් වහන්සේ ඔබට සාරවත් මහා අස්වැන්නක් දෙන සේක. ඔබේ ගවයන්ට ගොදුරු පිණිස විශාල තණ බිම් ඇති වන්නේ ය.


බොරු දෙවිවරුන් නිසා ඔව්හු මා කුපිත කළහ. එවැනි නිසරු දෙයින් මා උදහස් කළහ. එබැවින් වැදගැම්මක් නැති ජාතියක් ලවා මම ඔවුන් කුපිත කරවමි. අනුවණ සෙනඟක් ලවා මම ඔවුන් උදහස් කරවමි.


එතුමන්ගේ අණින් අහසේ ජල ඝෝෂාවක් ඇති වන්නේ ය. එතුමාණෝ පොළොවේ සීමාවලින් වලාකුළු නැඟී එන්නට සලසන සේක; වර්ෂාව සඳහා විදිලි කෙටීම් ඇති කරන සේක; සිය ගබඩාවලින් සුළඟ හමවන සේක.


සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.


ඒවා නොවටින නිසරු වැඩ වෙයි. දඬුවම් කිරීමට සමිඳුන් පැමිණි විට ඒවා විනාශ කරදමනු ඇත.


මේ දෙවිවරුන් සියලු දෙනාගෙන් වැඩක් නැත. ඔවුන්ට කිසිවක් කළ නොහැකි ය. ඔවුන්ගේ පිළිම හිස් රූකඩ ය.”


මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි. එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි.


සත්‍යය හා අවංකකම මාගේ රැකවරණ වේ වා! මාගේ බලාපොරොත්තුව ඔබ ය.


මන්ද, දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘සමිඳාණන් මිහි පිට වැස්ස එවන දවස දක්වා පිටි බඳුන ඉවර වන්නේ නැත; තෙල් කුලාව අඩු වන්නේ නැතැ’ “යි කීවේ ය.


ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.


උන් වහන්සේ තම ඉසුරු බර අහස් ගබඩා විවෘත කොට, නිසි කලට කෙත්වතුවලට වැසි වස්වන සේක. ඔබ කරන වැඩකටයුතු සියල්ලට ආශීර්වාද කරන සේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන්නහු ය; ණයට ඉල්ලා නොගන්නහු ය.


එහෙත්, මම සමිඳාණන් වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීම වන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන්නෙමි. මාගේ දෙවියන් වහන්සේ මට සවන් දෙන සේක.


“ගොයම් කැපීමට තුන් මසකට කලින්, වැස්ස ඕනෑ ම කරන දවස්වල මම එය වළක්වාලීමි. එක නුවරකට වහින්න සැලැස්සූ අතර තවත් නුවරකට වැස්ස නොදී ඇරියෙමි. එක වෙල්යායකට වැස්සේ ය, වැස්ස නොලැබූ වෙල්යාය වියළී ගියේ ය.


සමිඳුන්ගේ අණින් අහස් ජලය ගිගුරුම් දෙයි; පොළෝ සීමාවලින් මීදුම සෑදී නැඟී එයි; එතුමාණෝ, වර්ෂාව සඳහා විදිලි කෙටීම් ඇති කරන සේක; එතුමාණෝ සිය ගබඩාවලින් සුළඟ ගෙනෙන සේක.


සමිඳාණෝ නුඹලාට කරුණාව පාන්නට බලා සිටින සේක. එතුමාණෝ සෑම වේලේ ම හරි දේ කරන බැවින් නුඹලාට දයාව දක්වන්න සූදානම් ව සිටින සේක. එතුමන් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය.


එතුමාණෝ වලාකුළුවලින් අහස ආවරණය කරන සේක; පොළොවට වැසි වස්වන සේක. කඳු මත තෘණ වැවෙන්නට සලසන සේක.


සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.


ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය.


දෙවි තුමාණෝ මහ පොළොවට වැසි වස්වන සේක; කෙත්වතු පිට දිය වගුරුවන සේක;


බොහෝ‍ කාලයකට පසු තුන් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේගේ පණිවුඩය එලියා වෙත පැමිණ, “නුඹ ගොස් ආහබ් ඉදිරියෙහි පෙනී සිටින්න. මම පොළොව පිට වැස්ස එවන්නෙමි”යි කීවේ ය.


ඔබ ස්වර්ගයේ සිට එය අසා, ඔවුන් යා යුතු යහපත් මාර්ගය ඔවුන්ට පෙන්නා දුන් කල, ඔබේ මෙහෙකරුවන්ගේත්, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේත් පාපයට කමා වී, උරුමයක් කොට ඔබේ සෙනඟට ඔබ දී තිබෙන ඔබේ දේශයට වර්ෂාව දුන මැනව.


මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ සිටින ඔබේ පියාණන් වහන්සේගේ පුත්‍රයෝ වන්නහු ය. කුමක් නිසා ද, උන් වහන්සේ දුදනන් හට හා සුදනන් හට තම හිරු එළිය උදා කරවන සේක; දමිටුන් හට හා අදමිටුන් හට වැසි වස්වන සේක.


සෙනඟ සමිඳාණන් වහන්සේ ගැන බොරු කියා, “උන් වහන්සේ ක්‍රියා නොකර සිටින සේක; අප පිට කිසි විපතක් නොපැමිණෙයි; කඩුව වත්, සාගතය වත් දකින්නට අපට සිදු නොවෙයි;


ජාතීන්ගේ චාරිත්‍ර නිෂ්ඵල ය. විජාතීන්ගේ කැපූ රූප පුහු දේවල් ය. ඒවා වනයේ ගසකින් කපාගත් ලී පමණකි. ලී කැටයම් කරුවෙක් ඒවා සිය ආයුධවලින් නෙළයි.


ඈ සිය පෙම්වතුන් පසුපස ගියත්, ඔවුන් වෙත පැමිණෙන්නේ නැත; ඔවුන් සොය සොයා ගියත්, ඔවුන් හමු වන්නේ නැත. එවිට ඈ මෙසේ කියනු ඇත: ‘මම මාගේ පළමු සැමියා වෙත හැරී යමි. මන්ද, අදට වඩා එදා යහපත් ව තිබිණි.’


වැසි වසින තැන් නියම කළ විටත්, මේඝගර්ජනා යා යුතු මඟ සලකුණු කළ විටත්,


සමිඳාණෝ සිය බලයෙන් පොළොව මැවූ සේක; සිය ඥානයෙන් ලෝකය පිහිටෙව් සේක; සිය නුවණින් අහස පැතිරෙව් සේක.


ඔව්හු සිය කඩුවලින් අසිරියන් රට ද කඩු තලයෙන් නිම්රොද් දේශය ද ජයගන්නෝ ය. අසිරියන්වරුන් අපේ දේශයට පැමිණි විට, අපේ සීමා බිඳ දමන විට, ඒ නායකයෝ ඔවුන් අතින් අප බේරා ගන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්