ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 36:7 - Sinhala New Revised Version

එතුමාණෝ, දැහැමියන්ට රැකවරණය දෙන සේක; සිහසුන් අරා, නිරිඳුන් මෙන් ගෞරවයෙන් සැම දා රට පාලනය කරන්නට ඔවුන්ට ඉඩ දෙන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එතුමාණෝ, දැහැමියන්ට රැකවරණය දෙන සේක; සිහසුන් අරා, නිරිඳුන් මෙන් ගෞරවයෙන් සැම දා රට පාලනය කරන්නට ඔවුන්ට ඉඩ දෙන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ තමන් ඇස් ධර්මිෂ්ඨයන් වෙතින් අහක් නොකර, ඔවුන් උසස්වෙන හැටියට රජුන් සමඟ නිතරම සිංහාසනයෙහි සිටුවනසේක.

පරිච්ඡේදය බලන්න



යෝබ් 36:7
24 හුවමාරු යොමු  

“ස්වාමීනි අපට සවන් දෙනු මැනවි. ඔබ අප අතර බලසම්පන්න අධිපතියෙකි. අපේ සොහොන් ගෙවලින් ඉතා අගනා එකක ඔබේ මියගිය බිරිඳ වළලනු මැනවි. අප අතරෙන් කිසිවෙක්, මළ අය වැළලීම සඳහා, තමන්ට හිමි සොහොන් පොළක් ඔබට නො දී නොසිටින්නේ ය”යි කී හ.


මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි.


මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය.


ජුදෙව් ජාතික මොර්දෙකයි නිලයෙන් දෙ වන වූයේ, අහෂ්වේරොෂ් රජුට පමණකි. ජුදෙව්වරුන් අතරේ ඔහු උත්තමයෙක් විය. සිය සහෝදර සමූහයාට ප්‍රිය මනාප කෙනෙක් ද විය. ඔහු සිය සෙනඟගේ ශුභසිද්ධිය සොයමින්, තමාගේ මුළු වංශයේ සාමදානය උදෙසා ක්‍රියා කෙළේ ය.


සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.


එතුමාණෝ උඩඟු සිත් ඇති අය පහත හෙළ‍න සේක. යටහත් සිත් ඇති අය රැකගන්න සේක.


එතුමාණෝ මා යන එන තැන් බලා මාගේ හැම පියවරක් ම ගණන් නොකරන සේක් ද?


නිදොස් කෙනෙකු විපතට පත් වූ බව ඔබ අසා ඇද් ද? දැහැමි අය විනාශයට පත් වූ දවසක් ඔබට මතක ඇද් ද?


මෙසේ සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ මුල් කාලයට වඩා අවසාන කාලයට ආශීර්වාද කළ සේක. බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගොන්බාන් දහසක් ද කොටළු දෙනුන් දහසක් ද ඔහුට සිටියෝ ය.


එතුමාණෝ පහත් අය උසස් කරන සේක. ශෝක වන්නන්ට ප්‍රීතිය ගෙන දෙන සේක.


චතුරංගනි සේනා බලය නිසා ගැළවුණු රජෙක් නැත; තම වීර වික්‍රමයෙන් ගැළවීම සලසා ගත් රණ ශූරයෙක් නැත.


සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද


හිමි තුමන්ගේ දෙනෙත දමිටුන් දෙසට ද එතුමන්ගේ දෙසවන ඔවුන්ගේ කන්නලව්වට ද යොමා ඇත.


පව්කම් කරන අය පොළොවෙන් අමතක වී යන ලෙස හිමි තුමාණෝ ඔවුන්ට විරෝධය දක්වන සේක.


මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක.


මම සවිකළ ඇණයක් මෙන් ඔහු සිය තනතුරෙහි තිරසර ලෙස පිහිටුවන්නෙමි. ඔහුගේ මුළු වංශයට ඔහු ගෞරවයක් වන්නේ ය.


ඔබේ දෙවි සමිඳාණෝ ඔබ සමඟ ය; ඔබට ජය අත් කර දෙන සෙබළාණෝ ය. එතුමාණෝ ඔබ ගැන ප්‍රිය මනාප වන සේක; සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක; ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක;


එහෙත් සමිඳාණන් වහන්සේ විශ්වාසවන්ත ය. උන් වහන්සේ ඔබ ශක්තිමත් කොට නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක.


මන්ද, ස්වාමීන්ගේ දෙනෙත් දමිටුන් දෙසටත්, දෙසවන් ඔවුන්ගේ යැදුම් දෙසටත් යොමා ඇත. එහෙත් ස්වාමීන්ගේ වත දුදනන්ට එරෙහි ව ඇත.”


අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.