“එහෙත්, මේ ආකාරයෙන් ඔබට මේවා ඔප්පු කිරීමට පොහොසත් වූ මමත්, මාගේ සෙනඟත් කවුරු ද? මන්ද, සියල්ල ම පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබේ ම දෙයින් අපි ඔබට දුනිමු.
යෝබ් 35:7 - Sinhala New Revised Version ඔබ දැහැමි ව සිටීමෙන් දෙවිඳුන්ට කුමන ආධාරයක් දෙන්නෙහි ද? එයින් දෙවි තුමන්ට ලැබෙන වාසිය කුමක් ද? Sinhala New Revised Version 2018 ඔබ දැහැමි ව සිටීමෙන් දෙවිඳුන්ට කුමන ආධාරයක් දෙන්නෙහි ද? එයින් දෙවි තුමන්ට ලැබෙන වාසිය කුමක් ද? Sinhala Revised Old Version නුඹ ධර්මිෂ්ඨව සිටියත් නුඹ උන්වහන්සේට දෙන්නේ කුමක්ද? නොහොත් නුඹේ අතින් උන්වහන්සේට ලැබෙන්නේ කුමක්ද? |
“එහෙත්, මේ ආකාරයෙන් ඔබට මේවා ඔප්පු කිරීමට පොහොසත් වූ මමත්, මාගේ සෙනඟත් කවුරු ද? මන්ද, සියල්ල ම පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබේ ම දෙයින් අපි ඔබට දුනිමු.
ඔබේ දුෂ්ටකමින් අවැඩක් වන්නේ ඔබ වැනි මිනිසුන්ට පමණකි. ඔබේ දැහැමිකමින් මුළු මිනිස් වර්ගයාට වැඩක් වනු ඇත.
මම මෙසේ කීමි: “සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.”
ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.
එසේ ම ඔබත් ඔබට අණ කළ සියල්ල කළ පසු, ‘අපි දාසයෝ ය, ස්තුතියක් අපට හිමි නැත, කළ යුතු දෙය පමණක් අපි කෙළෙමු’යි කියන්නැ”යි වදාළ සේක.