Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 35:7 - Sinhala Revised Old Version

7 නුඹ ධර්මිෂ්ඨව සිටියත් නුඹ උන්වහන්සේට දෙන්නේ කුමක්ද? නොහොත් නුඹේ අතින් උන්වහන්සේට ලැබෙන්නේ කුමක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔබ දැහැමි ව සිටීමෙන් දෙවිඳුන්ට කුමන ආධාරයක් දෙන්නෙහි ද? එයින් දෙවි තුමන්ට ලැබෙන වාසිය කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔබ දැහැමි ව සිටීමෙන් දෙවිඳුන්ට කුමන ආධාරයක් දෙන්නෙහි ද? එයින් දෙවි තුමන්ට ලැබෙන වාසිය කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 35:7
7 හුවමාරු යොමු  

නොහොත් පළමුවෙන් උන්වහන්සේට යමක් දුන්නේ කවුද? දුන්නා නම් ඔහුට ප්‍රතිඵල ලැබේ.


එසේම නුඹලාත් නුඹලාට අණකළ සියල්ල කළ පසු: අපි නිෂ්ප්‍රයෝජන දාසයෝය; අප විසින් කටයුතුව තිබුණු දේ කළෙමුයයි කියන්නැයි කීසේක.


නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය. නුඹ නින්දාකරන්නෙහි නම්, නුඹම එය ඉවසන්නෙහිය.


ඔබ මාගේ ස්වාමීන්වහන්සේය, ඔබ හැර යහපතක් මට නැතැයි ස්වාමීන්ට කීමි.


නුමුත් මේ ආකාරයෙන් ඔබට ඔප්පුකිරීමට පොහොසත් වූ මමත් මාගේ සෙනඟත් කවුරුද? මක්නිසාද සියල්ලම පැමිණෙන්නේ ඔබගෙන්ය, ඔබගේම දෙයින් අපි ඔබට දුනිමුව.


නුඹේ දුෂ්ටකමෙන් නුඹ වැනි මනුෂ්‍යයෙකුට නපුරක් පැමිණෙන්ට පුළුවන; එසේම නුඹේ ධර්මිෂ්ඨකමෙන් මනුෂ්‍ය පුත්‍රයෙකුට ප්‍රයෝජනයක් වෙන්ටත් පුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්