එවිට සලමොන් කතා කොට මෙසේ කීවේ ය: “සමිඳුනි, ඔබ අහස් තලයෙහි සූර්යයා තැබූ සේක; එහෙත්, විසීමට අඳුරු වලාකුළු තෝරාගත් සේක.
යෝබ් 26:9 - Sinhala New Revised Version එතුමාණෝ සඳ මඬල ආවරණය කරන සේක; එය මත වලාකුළු විහිදුවන සේක. Sinhala New Revised Version 2018 එතුමාණෝ සඳ මඬල ආවරණය කරන සේක; එය මත වලාකුළු විහිදුවන සේක. Sinhala Revised Old Version උන්වහන්සේ තමන් වලාකුළ අතුරා, සිංහාසනය නොපෙනෙන ලෙස වසනසේක. |
එවිට සලමොන් කතා කොට මෙසේ කීවේ ය: “සමිඳුනි, ඔබ අහස් තලයෙහි සූර්යයා තැබූ සේක; එහෙත්, විසීමට අඳුරු වලාකුළු තෝරාගත් සේක.
මිහිතල නිම් වළල්ල මත ඔබමොබ සැරිසරන විට, ඝන වලාකුළු නිසා එතුමාණන්ට දෑස විදහා බැලිය හැකි ද?
සමිඳාණෝ සිය සෙනඟට ආවරණයක් ලෙස වලාකුළක් විහිදා හැරිය සේක. රෑ කාලයේ එළිය දෙන පිණිස ගින්නක් ද දුන් සේක.
වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.
කිසි මනුෂ්‍යයෙකු නුඹ සමඟ උඩට නො ආ යුතු ය. කන්දේ කිසි තැනක කිසි මනුෂ්‍යයෙකු දක්නා නොලැබිය යුතුයි. එළු බැටළු පට්ටි හෝ ගව පට්ටි කිසිවක් හෝ කන්ද ඉදිරියෙහි තණ නො කෑ යුතු ය”යි වදාළ සේක.
උන් වහන්සේ පමණක් අමරණීය ය. කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයෙහි උන් වහන්සේ වසන සේක. කිසිවෙක් කිසි කලෙක උන් වහන්සේ දැක නැත; දකින්නටත් බැරි ය. උන් වහන්සේට ගෞරවයත්, සදාතන පරාක්‍රමයත් වේ වා! ආමෙන්.