මෙසේ වන්නේ, ඔහු දරුවන් නැති ස්ත්‍රියට පීඩා කොට, වැන්දඹුවට කරුණාව නොදැක්වූ හෙයිනි.
දරුවන් බිහිනොකරන වඳ ස්ත්‍රියට ඔහු පීඩාකරයි; වැන්දඹුවට යහපත කරන්නෙත් නැත.
ඔබ කණවැන්දුමියන් හිස් අතින් යන්නට හැරියෙහි ය. අනාථ දරුවන් හට කුරිරුකම් කෙළෙහි ය.
සමහරු අනාථයන්ගේ කොටළුවන් සොරා ගනිති; වැන්දඹුවක ණය ගෙවන තුරු ඇගේ ගොනා තබා ගනිති.
දැඩි විපතට පත් අය මට ආසිරි පැතූ හ; මම වැන්දඹුවන්ගේ සිත ප්‍රීතියෙන් පිනා යාමට සැලැසීමි.
සමිඳාණෝ උඩඟු වූවන්ගේ ගේදොර වනසන සේක; වැන්දඹුවගේ ගෙවතු සීමා ආරක්ෂා කරන සේක.