යෝබ් 22:4 - Sinhala New Revised Version එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය. Sinhala New Revised Version 2018 එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය. Sinhala Revised Old Version උන්වහන්සේ නුඹට තරවටුකර නුඹ සමඟ විනිශ්චයට පැමිණෙන්නේ නුඹේ භක්තිය නිසාද? |
මිනිසා දෙවිඳුන් සමඟ ද මිනිසා මිනිසා සමඟ ද ඉටු කළ යුතු යුක්තිය එතුමාණෝ ආරක්ෂා කරන සේක් වා!
කඩුපතට බිය වන්න; මන්ද, කඩුපත කෝපයේ ප්‍රතිඵලයකි. එවිට විනිශ්චයයක් ඇති බව ඔබ දැනගන්නහු ය.”
ඔබ දැහැමි ව සිටියත්, සව් බලැති දෙවිඳුන්ට එය සතුටක් වේ ද? ඔබ නිදොස් ව හැසුරුණත් ඉන් එතුමන්ට ලාභයක් ඇද් ද?
ශක්තිය ගැන සිතමු නම්, එය ඇත්තේ එතුමන්ට ය. මා ගැන යුක්තිය විසඳීම උදෙසා එතුමන් කැඳවීමට සමතා කවරෙක් ද?
එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත. එතුමාණෝ මා වැනි මිනිසෙක් නොවන සේක.
ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක; කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක. මිනිසා නම්, සුළං රොදක් පමණ ය.
මා ප්‍රේම කරන සියල්ලන්ට තරවටු කර මම ඔවුන් හික්මවමි. එබැවින් උද්‍යෝගිමත් ව, පසුතැවී සිත් හරවා ගන්න.