Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 22:4 - Sinhala Revised Old Version

4 උන්වහන්සේ නුඹට තරවටුකර නුඹ සමඟ විනිශ්චයට පැමිණෙන්නේ නුඹේ භක්තිය නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 22:4
17 හුවමාරු යොමු  

එබඳු අයෙකු දෙස ඔබගේ ඇස් අරිනසේක්ද? මා ඔබ හමුවෙහි විනිශ්චයට පමුණුවනසේක්ද?


ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව; මක්නිසාද ජීවත්වන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය.


මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න.


එය ගින්නෙන් දවනලද්දේය, කපා දමනලද්දේය. ඔව්හු ඔබගේ මුහුණේ තර්ජනයෙන් විනාශවෙති.


යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ තරවටුකිරීමෙන් රථ සේනාව සහ අසරුවෝ බර නින්දට හෙළනු ලැබුවෝය.


ඔබ අයුතුකම නිසා තරවටුකිරීම්වලින් මනුෂ්‍යයාට දඬුවම්කරන කල කාවෙකු මෙන් ඔහුගේ අලංකාරය ක්ෂයකරවනසේක. සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵලකමය.


මක්නිසාද මනුෂ්‍යයෙක් දෙවියන් වහන්සේ වෙතට විනිශ්චයට පමුණුවන පිණිස, ඔහු ගැන වැඩි කල් කල්පනාකරන්ට උන්වහන්සේට ඕනෑ නැත.


කඩුවට භයවෙන්න; මක්නිසාද විනිශ්චයක් ඇති බව නුඹලා දැනගන්න පිණිස උදහස කඩුවේ දඬුවම පමුණුවන්නේයයි කීවේය.


එසේ කරන්නේ මනුෂ්‍ය පුත්‍රයෙක් තවත් මනුෂ්‍යයෙකුට යුක්තිය කරන්නාක්මෙන් දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි මනුෂ්‍යයෙකුට යුක්තිය කරන පිණිසය.


මක්නිසාද මා විසින් උන්වහන්සේට උත්තරදෙන්ටත්, මා උන්වහන්සේ සමඟ විනිශ්චයට පැමිණෙන්ටත් පුළුවන්වන ලෙස, උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයෙක් නොවේය,


ශක්තිය ගැන කථාකරමු නම් එය ඇත්තේ උන්වහන්සේටය; විනිශ්චය ගැන නම් මට කාලයක් නියමකරන්නේ කවරෙක්ද?


ඔබ මට විරුද්ධව මුර තබන්නේ මම මුහුදක්ද? නොහොත් තල්මසෙක්ද?


මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.


නුඹ ධර්මිෂ්ඨව සිටියත් සර්වපරාක්‍රමයාණන්ට එයින් කිසි සතුටක් ඇද්ද? නුඹ නුඹේ මාර්ග සම්පූර්ණකරගත්තත් එයින් උන්වහන්සේට කිසි ලාභයක් ඇද්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්