ඉතින් අපේ නපුරු ක්‍රියා හා අපරාධකාරකම ද නිසා අපට පැමිණි සියල්ලට පසුව, අපේ දෙවි වන ඔබ, අපේ අයුතුකම්වල තරමට අපට දඬුවම් නොකර, මෙලෙස ගැළවී සිටින්නට අපට ඉඩ සලසා දී තිබිය දී,
යෝබ් 11:6 - Sinhala New Revised Version එවිට එතුමාණන් තමන් ප්‍රඥාව නන් වැදෑරුම් බවත්, මිනිස් මනසින් දත නොහැකි ගැඹුරු දේ තිබෙන බවත් ඔබට පෙන්වනු ඇත. දෙවියන් වහන්සේ ඔබට දී ඇත්තේ දිය යුතු දඬුවමට අඩුවෙන් බව දැනගන්න. Sinhala New Revised Version 2018 එවිට එතුමාණන් තමන් ප්‍රඥාව නන් වැදෑරුම් බවත්, මිනිස් මනසින් දත නොහැකි ගැඹුරු දේ තිබෙන බවත් ඔබට පෙන්වනු ඇත. දෙවියන් වහන්සේ ඔබට දී ඇත්තේ දිය යුතු දඬුවමට අඩුවෙන් බව දැනගන්න. Sinhala Revised Old Version ප්‍රඥාවේ රහස්ද උන්වහන්සේගේ ඥානය නානාප්‍රකාර බවද නුඹට පෙන්වනසේක්වා! එබැවින් දෙවියන්වහන්සේ නුඹේ සියලු අයුතුකම්වල ප්‍රමාණයට වඩා අඩුවෙන් නුඹට දඬුවම්කරන බව දැනගන්න. |
ඉතින් අපේ නපුරු ක්‍රියා හා අපරාධකාරකම ද නිසා අපට පැමිණි සියල්ලට පසුව, අපේ දෙවි වන ඔබ, අපේ අයුතුකම්වල තරමට අපට දඬුවම් නොකර, මෙලෙස ගැළවී සිටින්නට අපට ඉඩ සලසා දී තිබිය දී,
දෙවිඳුන්ගේ රහස් මන්ත්‍රණවලට ඔබ සවන් දී ඇද් ද? මිනිස් ප්‍රඥාව ඇත්තේ ඔබට පමණකැ යි සිතන්නෙහි ද?
එතුමාණෝ මිනිසාට මෙසේ වදාළ සේක: ‘දෙවිඳුන්ට ගරුබිය දැක්වීම ප්‍රඥාව වේ. නපුරෙන් වැළකී සිටීම නැණ නුවණ වේ.’ “
එතුමාණෝ අපේ පාපවලට සරිලන ලෙස අපට දඬුවම් නොදෙන සේක; අපේ අයුතුකම්වලට සැසඳෙන ලෙස ප්‍රතිවිපාක නොදෙන සේක.
හිමි තුමන්ගේ රහස් සැලැස්ම එතුමාණන් කෙරේ ගරුබිය දක්වන අයට පෙන්වා ඇත; එතුමාණන් ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වා ඇත.
එහෙත්, රහස් එළිදරව් කරන දෙවි කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක. උන් වහන්සේ අනාගතයේ දී සිදු වන්න යන දේ නෙබුකද්නෙශර් රජුට හෙළි කර තිබේ. ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබේ හිසට නැඟුණු ස්වප්නය හා දර්ශනය මෙසේ ය:
රජතුමා දානියෙල්ට කතා කොට, “නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය.
මෙසේ වූයේ: “මම උපමා මඟින් කතා කරමි, ලෝකයේ මුල සිට ම රහස් ව තිබුණු දේ හෙළි කරන්නෙමි”යි දිවැසිවරයන් ලවා පවසන ලද කරුණු ඉටු වන පිණිස ය.
ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ ප්‍රේරිතයනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත.
“අබිරහස් දේ අපේ දෙවි සමිඳාණන් වහන්සේට අයිති ය. එහෙත්, මේ නීතියේ කරුණු අපටත්, අපේ දරුවන්ටත්, ප්‍රකාශ කර ඇත්තේ අප ඒවා සදහට ම පිළිපදින පිණිස ය.”