Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 2:28 - Sinhala New Revised Version

28 එහෙත්, රහස් එළිදරව් කරන දෙවි කෙනෙක් ස්වර්ගයෙහි සිටින සේක. උන් වහන්සේ අනාගතයේ දී සිදු වන්න යන දේ නෙබුකද්නෙශර් රජුට හෙළි කර තිබේ. ඔබ යහනෙහි සැතපී සිටින විට ඔබේ හිසට නැඟුණු ස්වප්නය හා දර්ශනය මෙසේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 නුමුත් රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි සිටිනසේක, උන්වහන්සේ මතු දවස්වල සිද්ධවෙන්ට තිබෙන කාරණා නෙබුකද්නෙශර් රජුට දන්වා තිබේ. ඔබගේ ස්වප්නයද ඔබගේ යහනේදී පැමුණුණ ඔබගේ හිසේ දර්ශනද මෙසේය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 2:28
32 හුවමාරු යොමු  

ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, “අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, “තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය.


උන් වහන්සේ වනාහි, කඳු සාදන, සුළං මවන, සිය සිතුවිලි මිනිසා හට පාන, උදයත් රැයත් දෙක ම මවන, මුළු ලොවට ම අධිපති වන තැනැන් වහන්සේ ය. උන් වහන්සේගේ ගරු නාමය සියලු බලැති දෙවි සමිඳු ය.


දැන් මා මෙහි පැමිණ සිටින්නේ, මතු දවස නුඹේ සෙනඟට සිදු වන්නට යන දේ තේරුම් කර දෙන පිණිස ය. මේ දර්ශනය අනාගතය පිළිබඳ ව ය.’ “


ගැඹුරු වූ අබිරහස් වූ දේ එළි කරන්නේත්, අඳුරේ ඇති දේ දන්නේත් එතුමාණෝ ය. ආලෝකය උන් වහන්සේ සිසාරා ඇත.


ජාකොබ් තම පුතුන්ට කතා කොට මෙසේ කීවේ ය: “මතු දවස නුඹලාට පැමිණෙන්නට යන දේ ගැන, මා නුඹලා හට ප්‍රකාශ කරන පිණිස එකට රැස් වන්න.


මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.


ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය.


මෙය පළමුකොට දැනගන්න; අන්තිම දවස්වල දී තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන, ඔබට සරදම් කරන ගරහන්නන් පැමිණ මෙසේ කියනු ඇත.


එහෙයින් මෙසේ යාච්ඤා කරන්න: ‘ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,


ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.


එසේ සිටිය දී මා තැති ගැන්වූ ස්වප්නයක් දුටුවෙමි. මා යහනේ සිටිය දී මට ඇති වූ සිතිවිලි හා හිසට නැඟුණු දර්ශන මා බිය ගැන්වී ය.


ඔවුන් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයින් සමග විනාශ නො වන පිණිස, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කොට, ඒ අබිරහස දන්වන ලෙස අයැදින්නට කීවේ ය.


අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය; තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක.


දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක.


රජතුමා දානියෙල්ට කතා කොට, “නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය.


නුඹ, දේශය වසාගන්න වලාකුළක් මෙන් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට විරුද්ධ ව නැඟී එනු ඇත. එය මතු දවස්වල දී සිදු වන්නේ ය. එම්බා ගොග් රජ! මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන විජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ, මාගේ දේශයට විරුද්ධ ව පමුණුවන්නෙමි.’


සමිඳාණන් වහන්සේ තමන්ගේ සිතේ අදහස් ඉෂ්ට කරන තෙක් ද සම්පූර්ණ කරන තෙක් ද උන් වහන්සේගේ බලවත් උදහස පහ ව යන්නේ නැත. මතු දවස්වල දී සෙනඟ එය තේරුම්ගනු ඇත.


එබැවින් දැන් මේ ගීතය ලියා ඉශ්රායෙල් ජනයාට ඉගැන්විය යුතු ය. මේ ගීතය ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව මා වෙනුවෙන් සාක්ෂියක් වනු පිණිස එය ඔවුන්ට කටපාඩම් කරවන්න.


දුක් කරදර ඔබට පැමිණෙන විට, අවසානයේ දී වත් ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී, උන් වහන්සේගේ හඬට අවනත වන්නහු නම්,


මෙය හිතට ගන්න: අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි.


බොහෝ දවස් ගත වූ පසු, මතු අවුරුදුවල නුඹ යුද්ධයෙන් දිනාගත් මේ දේශයට විරුද්ධ ව සටන් කරනු ඇත. බොහෝ කාලයක් පාළු ව තිබුණ ඉශ්රායෙල් කඳුවලට ඔවුන් මරණයෙන් බේරී, නොයෙක් දේශවලින් එක්රැස් කරනු ලැබූ බැවින්, එහි වැසියෝ සෙසු සියලු සෙනඟගෙන් ඈත් වී හිරිහැරයක් නැති ව විසුවෝ වෙති.


එහෙත්, මතු දවස්වල දී මම මෝවබ්ට සමෘද්ධිය යළි ඇති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. මෝවබ් ගැන විනිශ්චය මෙය වේ.”


බලන්න, මම දැන් මගේ සෙනඟ වෙත යමි. එහෙත්, මින් ඉදිරියට මේ සෙනඟ ඔබේ සෙනඟට කරන දේ කල්තියා දන්වන්නට යමි”යි කීවේ ය.


දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ එළිදරව්ව මේ ය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදු වන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිස ය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක.


එවිට ජෝසෙප් පාරාවෝට කතා කොට, “පාරාවෝ දුටු සිහිනවල ඇත්තේ එක ම තේරුමකි. දෙවියන් වහන්සේ කරන්න යන දෙය පාරාවෝට පෙන්වා දුන් සේක.


ජාතීන්ගේ නිරිඳාණෙනි, ඔබට බිය නොවන්නේ කවරේ ද? බිය විය යුත්තේ ඔබට පමණ ය. ජාතීන් අතර ද සියලු රාජ්‍යයන්හි ද සියලු පැණවතුන් අතර ද ඔබට සම කිසිවෙක් නැත.


නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවන්ත ය යි ද නුඹෙන් කිසි රහසක් සඟවන්නට බැරි ය යි ද නුඹ සිතන්නෙහි ය.


එබැවින් ඔව්හු රාජ සේවයට ඇතුළත් කරන ලද හ. තේරුම් පැහැදුම් ඇති ව විමසිය යුතු යම් යම් කරුණු සම්බන්ධයෙන් රජතුමා ඔවුන්ගෙන් විමසූ විට, මුළු රාජ්‍යයේ සිටි සියලු මන්ත්‍රකාරයන්ටත්, අනවිනකාරයන්ටත් වඩා දස ගුණයකින් ඔවුන් සමත් බව එතුමාට පෙනී ගියේ ය.


ඒ රජවරුන්ගේ කාලවල දී ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසි කලෙක නැති නොවන රාජ්‍යයක් පිහිටුවන සේක. ඒ රාජ්‍යය අන් ජාතියකට යටත් නොවන්නේ ය. එය සියලු රාජ්‍යයන් සුණු විසුණු කරදමනු ඇත. එය ද සදාකාලයට ම පවතින්නේ ය.


අතින් නොකැපූ ගලක් කන්දෙන් ගැලවී අවුත් යකඩ ද ලෝකඩ ද මැටි ද රිදී ද රත්රන් ද පොඩි කරදමනු ඔබ දුටු ලෙස, එය ඒ සියලු රාජ්‍යයන් පොඩි කර නැති කරන්නේ ය. ඔබ දුටු දර්ශනයේ තේරුම එය වේ. මහෝත්තම දෙවියන් වහන්සේ මතු සිද්ධ වන්නට යන දේ රජුට දන්වා තිබේ. ස්වප්නය සැබෑ ය. එහි තේරුම නොඅනුමාන ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්