යෙරෙමියා 23:9 - Sinhala New Revised Version මේ දිවැසිවරුන් පිළිබඳ ව මාගේ සිත බිඳී මාගේ ඇටකටු සැලෙනු ඇත. සමිඳාණන් වහන්සේ නිසාත්, උන් වහන්සේගේ ශුද්ධ වචනය නිසාත් මම මත් වී සිටින්නෙකු වැනි ය; මුද්‍රික පානයෙන් වෙරිමත් වී සිටින්නෙකු වැනි ය. Sinhala New Revised Version 2018 මේ දිවැසිවරුන් පිළිබඳ ව මාගේ සිත බිඳී මාගේ ඇටකටු සැලෙනු ඇත. සමිඳාණන් වහන්සේ නිසාත්, උන් වහන්සේගේ ශුද්ධ වචනය නිසාත් මම මත් වී සිටින්නෙකු වැනි ය; මුද්‍රික පානයෙන් වෙරිමත් වී සිටින්නෙකු වැනි ය. Sinhala Revised Old Version ප්‍රොපේතවරුන් ගැනය. මාගේ සිත මා තුළ බිඳී, මාගේ සියලු ඇට චංචලවී තිබේ; ස්වාමීන්වහන්සේ නිසාත් උන්වහන්සේගේ ශුද්ධවූ වචන නිසාත් මම මත්වී සිටින්නෙක්ද මුද්‍රිකපානයට යටවී සිටින මනුෂ්‍යයෙක්ද මෙන් වෙමි. |
නින්දාව නිසා මාගේ සිත බිඳී ගොස් මම ශෝකයෙන් පිරී සිටිමි. සනසන්නෙකු සෙවුවෙමි; එවැන්නෙක් නො වී ය. අස්වසන්නෙකු සෙවුවෙමි; කිසිවෙක් සම්බ නො වී ය.
ඉශ්රායෙල් රාජ්‍යයට වන විපතක මහත! ඔවුන්ගේ උඩඟු හිස්වල තේජාලංකාරය මල් කිරුළු මෙන් පරවී යන්නේ ය. එහෙත්, ඔව්හු හොඳට ම වෙරි වී වැතිර සිටිති.
ඉබාගාතේ ඇවිද ක්ලාන්ත වන්න; සැප විඳ අන්ධ වන්න; මඳක් වත් මිදියුස නොබී මත් වන්න; බිඳක් වත් නොබී වැනි වැනී යන්න.
එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”
‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.
තවද, ඔව්හු ඒ සියලු වචන අසා, බියපත් වී, එකිනෙකා දෙසට හැරී, “අප ඇසූ මේ සියලු වචන අපි සැබැවින් රජුට දන්වන්නෙමු”යි බාරුක්ට කීවෝ ය.
දිවැසිවරු සත්‍යය කතා නොකරති; පූජකයෝ සිය මතයෙන් ආණ්ඩු කරති; මාගේ සෙනඟ මේවාට ප්‍රිය කරති. එහෙත්, මේ සියල්ල අවසානයේ දී ඔව්හු කුමක් කරත් ද?”
අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය.
“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේක. කිසිවක් නොදැක, තමන්ගේ ම හැඟීම් අනුව දිවැස් කියන මෝඩ දිවැසිවරුන්ට වන විපතක මහත!
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නගරය මුළුල්ලෙහි එනම්, ජෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලමින්, කෙඳිරිගාන මිනිසුන්ගේ නළල්වල ලකුණක් තබන්නැ”යි වදාළ සේක.
මාගේ ශුද්ධස්ථානයෙන් පටන්ගෙන මහල්ලන් ද තරුණයන් ද තරුණියන් ද බාලයන් ද ස්ත්‍රීන් ද මරා විනාශ කර දමන්න. එහෙත්, නළලේ ලකුණ ඇති කිසිවෙකුට අත නොගසන්නැ”යි වදාළ සේක. එවිට ඔව්හු දේව මාලිගාවේ සිටි මහලු අයගෙන් එසේ විනාශ කිරීමට පටන්ගත්තෝ ය.
එවිට දානියෙල් නම් මම ක්ලාන්ත වී, දවස් ගණනක් අසනීප ව සිටියෙමි. ඉන්පසු මම නැඟිට රාජ සේවය කෙළෙමි. මම දර්ශනය ගැන පුදුමයෙන් පුදුමයට පත් ව සිටියෙමි. කිසිවෙකුට එය තේරුම් ගත නොහැකි විය.
මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි.
නීතිය නොදැන මා ජීවත් වූ කාලයක් විය. එහෙත් මට ආඥාව දැනගන්න ලැබුණු කල, පාපය වහා ම පණ ලැබී ය.