ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 92:12 - Sinhala New Revised Version

දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය; ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය; ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ධර්මිෂ්ඨයා තාල වෘක්ෂය මෙන් සශ්‍රීක වන්නේය. ඔහු ලෙබනොන්හි කිහිරි ගසක්මෙන් වැඩෙන්නේය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 92:12
17 හුවමාරු යොමු  

ඔහු ලෙබනොන් දේශයෙහි තිබෙන කිහිරි ගහ පටන් බිත්තියේ හටගන්න හිසොප් ගහ දක්වා වෘක්ෂලතා ගැන කතා කෙළේ ය. ඔහු මෘගයන් ද පක්ෂීන් ද උරගයන් ද මත්ස්‍යයන් ද ගැනත් කතා කෙළේ ය.


වටකර ඇතුළෙනුත්, පිටිනුත් මාලිගාවේ සියලු බිත්තිවල ඔහු කෙරුබ් රූප ද තාල වර්ගයේ ගස් ද පිපුණු මල් ද කොටා කැටයම් වැඩ කෙළේ ය.


එබැවින් ජුදෙව්වරු තමන්ගේ සියලු සතුරන්ට කඩුවෙන් පහර දී මරා විනාශ කළෝ ය. ඔව්හු සිය සතුරන්ට තමන්ගේ කැමැත්තේ හැටියට කළෝ ය.


ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ.


සමිඳුන් ම පැළ කරවූ ලෙබනොන්හි කිහිරි ගස්, සමිඳුන්ගේ ම ඒ ගස් බොහෝ වතුර ලබයි.


කඳු හා හෙල් සියල්ලෙනි, පල දෙන ගස් හා කිහිරි රුක් සියල්ලෙනි,


සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමන්ගේ අණපණත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමන් ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත.


මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි. දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි.


එතුමන් සමයෙහි දමිටු බව දියුණු වේ වා! ඉර හඳ පවතින තෙක් සාමය පැතිරේ වා!


දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.


කටු ගස් වෙනුවට දේවදාර ගස් ද ගොකටු වෙනුවට මරඳ ගස් ද හටගනියි. මෙය සමිඳුන්ගේ නමට සදහට පවතින සලකුණක් වන්නේ ය. එතුමන්ට මැකී නොයන සිහිවටනයක් වන්නේ ය.”


ඔවුන් ගෙවල් ගොඩනඟා ගත් විට, අන් අය ඒවායේ වාසය කරන්නේ වත්, මිදි වතු වවා ගත් විට, අන් අය ඒවායේ පලදාව භුක්ති විඳින්නේ වත් නැත. වෘක්ෂයන් බොහෝ කල් පවතින්නාක් මෙන් මාගේ සෙනඟ බොහෝ කල් ජීවත් වෙති. මාගේ තෝරාගත් සෙනඟ තමන්ගේ අත්වලින් උපයාගත් දේ භුක්ති විඳින්නෝ ය.


ඔහු, ගං ඉවුරේ සිටුවා ඇති, ගඟට ම මුල් ඇද ඇති; ගිම්හානයට කිසි බියක් නැති; කොළ පර වී යාමක් නැති; නියඟ කාලය ගැන කරදර නැති; නොනැවතී දිගට ම පලදාවක් ඇති ගසක් හා සමාන වේ.


“එහෙත්, කිහිරි ගස් මෙන් උස, කළුවර ගස් මෙන් ශක්තිමත් අමෝරිවරුන් ඔවුන් උදෙසා සහමුලින් ම විනාශ කරදැම්මේ මම ය.


“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කොහේ දැ”යි අසා මට සරදම් කළ මාගේ සතුරන් එය දැක ලජ්ජාවට පත් වනු ඇත. ඔවුන්ගේ පරාජයත්, වීථිවල මඩ මෙන් ඔවුන් පාගනු ලැබීමත් මාගේ ඇස්වලින් දකින්නෙමි.


ඒවා දුරට පැතිර විහිදෙන මිටියාවත් මෙනි, ගඟබඩ උයන් මෙනි; සමිඳුන් රෝපණය කළ අගරු ගස් මෙනි; ගං තෙර කිහිරි ගස් මෙනි.