Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 4:33 - Sinhala New Revised Version

33 ඔහු ලෙබනොන් දේශයෙහි තිබෙන කිහිරි ගහ පටන් බිත්තියේ හටගන්න හිසොප් ගහ දක්වා වෘක්ෂලතා ගැන කතා කෙළේ ය. ඔහු මෘගයන් ද පක්ෂීන් ද උරගයන් ද මත්ස්‍යයන් ද ගැනත් කතා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ඔහු ලෙබනොන් දේශයෙහි තිබෙන කිහිරි ගහ පටන් බිත්තියේ හටගන්න හිසොප් ගහ දක්වා වෘක්ෂලතා ගැන කතා කෙළේ ය. ඔහු මෘගයන් ද පක්ෂීන් ද උරගයන් ද මත්ස්‍යයන් ද ගැනත් කතා කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 ඔහු ලෙබනොන්හි තිබෙන කිහිරි ගස පටන් භිත්තියෙන් හටගන්න හිසොප් ගහ දක්වා ගස් ගැන කථාකෙළේය. ඔහු මෘගයන්ද පක්ෂීන්ද බඩගා යන සතුන්ද මත්ස්‍යයන්ද ගැනත් කථාකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 4:33
13 හුවමාරු යොමු  

දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය; ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝ ය.


ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.


නුඹේ දූතයන් ලවා නුඹ සමිඳාණන් වහන්සේට නින්දා කරවා කතා කොට, මාගේ රථ සමූහය හා සමඟ මම කඳු මුදුනට එනම්, ලෙබනොන්හි ඈත ප්‍රදේශවලට නැඟුණෙමි. එහි උස් වූ කිහිරි ගස් ද අනර්ඝ දේවදාර ගස් ද කපාදමා, එහි දුරස්තර නිවාසවලටත්, උයනක් වැනි එහි වනයටත් ඇතුළු වන්නෙමි.


මන්ද, මෝසෙස් ව්‍යවස්ථාව අනුව මුළු ජනතාවට සියලු ආඥා කියා දුන් පසු, වස්සන්ගේත්, එළුවන්ගේත් ලේ සමඟ වතුර ද රතු ලොම් ද හිසොප් ද ගෙන:


ඒවා දුරට පැතිර විහිදෙන මිටියාවත් මෙනි, ගඟබඩ උයන් මෙනි; සමිඳුන් රෝපණය කළ අගරු ගස් මෙනි; ගං තෙර කිහිරි ගස් මෙනි.


ඉන්පසු පවිත්‍ර යයි සැලකෙන යමෙකු, හිසොප් කිනිත්තක් ගෙන, වතුරේ පොඟවා කූඩාරමට ද එහි බඳුන් සියල්ලට ද එහි සිටි සියල්ලන්ට ද ඇටකටුවක් හෝ මරණ ලද කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළ තැනැත්තාට ද ඉසිය යුතු ය.


ඉන්පසු හිසොප් කිනිත්තක් ගෙන තලියේ ඇති ලේවල එය ගල්වා, උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණු දෙකෙහි තලියේ ඇති ලේ තවරන්න. උදය වන තෙක් ඔබගෙන් කිසිවකු තම ගෙයි දොරින් පිටතට නො යා යුතු ය.


පිරිසිදු වතුරේ මැරූ පක්ෂියාගේ ලේවල කිහිරි ලී කෑල්ල ද හිසොප් පැළය ද දම් පාට රෙදි කඩ හා පණපිටින් සිටින පක්ෂියා ද දමා ඒ ගෘහයට හත්වරක් ඉසිය යුතු ය.


ඔහු උපදේශ වාක්‍ය තුන්දහසක් කීවේ ය. ඔහුගේ ගීතිකා එක්දාස් පහකි.


විවිධ ජාතීහු සලමොන්ගේ ප්‍රඥාව ඇසීමට පැමිණියෝ ය. ඔහුගේ ප්‍රඥාව ගැන ඇසූ පොළොවේ භූපතීන්ගෙන් ඔහු තෑගිබෝග ලැබුවේ ය.


මාගේ මනාලිය, ලෙබනොන් සිට, එසේ ය, ලෙබනොන් සිට මා සමඟ එන්න සිංහයන්ගේ ගුහා වන, අඳුන් දිවියන්ගේ කඳු වන සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුනෙන් ද අමානා කඳු මුදුනෙන් ද බලන්න.


ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු වැනි ය. ඔහුගේ ස්වරූපය ලෙබනොන් කඳු මෙන් තේජාන්විත ය. කිහිරි ගස් මෙන් අසමසම ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්