ගීතාවලිය 73:18 - Sinhala New Revised Version ඇත්තට ම ඔබ ඔවුන් විනාශයට පත් කරන සේක. පාතාල ලෝකයට ඔවුන් හෙළාදමන සේක. Sinhala New Revised Version 2018 ඇත්තට ම ඔබ ඔවුන් විනාශයට පත් කරන සේක. පාතාල ලෝකයට ඔවුන් හෙළාදමන සේක. Sinhala Revised Old Version සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවනසේක. ඔබ ඔවුන් විනාශයට හෙළනසේක. |
දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.
දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.
එතුමාණෝ ඔවුන්ගේ අදමිටුකමට දඬුවම් කරන සේක. ඔවුන්ගේ නපුරුකම නිසා ඔවුන් නසා වනසාලන සේක. අපේ දෙවි සමිඳාණෝ ඔවුන් විනාශ කරන සේක.
ඔවුන්ගේ මාර්ග අඳුරේ දී ලිස්සන සුළු ඒවා මෙන් වේ. ඔව්හු ඒවාට පන්නාදමනු ලැබ එහි වැටෙන්නෝ ය. ඔවුන්ට දඬුවම් කිරීමේ කාලය පැමිණි විට මම ඔවුන් පිට විපත් පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
ඔවුන් වැරදි පියවරක් ගන්න විට පළිගැනීම හා ප්‍රතිඵල දීම මාගේ ය. ඔවුන්ගේ විපත්ති දවස ළඟ ය; ඔවුන්ගේ ඉරණම වහා පැමිණේ.
ඔව්හු සමිඳාණන් වහන්සේගේ අභිමුඛයෙන් ද, උන් වහන්සේගේ තේජාන්විත ප්‍රතාපයෙන් ද ඉවත් කරනු ලැබ, සදාතන විනාශයේ දඬුවම විඳින්නෝ ය.