ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 68:34 - Sinhala New Revised Version

දෙවිඳුන්ගේ බලය ප්‍රකාශ කරන්න. එතුමන්ගේ මහිමය ඉශ්රායෙල් කෙරෙහි ය; එතුමන්ගේ බලය අහස් කුස ඇත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දෙවිඳුන්ගේ බලය ප්‍රකාශ කරන්න. එතුමාණන්ගේ මහිමය ඉශ්රායෙල් කෙරෙහි ය; එතුමාණන්ගේ බලය අහස් කුස ඇත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බලය දෙවියන්වහන්සේට අයිති බව කියව්. උන්වහන්සේගේ උතුම්කම ඉශ්‍රායෙල් කෙරෙහිය, උන්වහන්සේගේ ශක්තිය ආකාශයන්හිය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 68:34
9 හුවමාරු යොමු  

සමිඳුන් පසසන්න. දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමන් පසසන්න. එතුමන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමන් පසසන්න.


සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.


ඉශ්රායෙල් දෙවිඳුන්ට සම අන් කෙනෙක් නැත. එතුමාණෝ ඔබට සහාය වනු වස් අහස පීරා වලාකුළු අරා තෙද මහිමයෙන් වඩිනා සේක.


සදාතන දෙවිඳාණෝ ඔබේ සරණය වේ! එතුමන් සදාතන බාහු බලය ඔබ ආධාරය වේ. එතුමාණෝ ඔබ ඉදිරියෙන් සතුරන් පලවා හරින සේක. ‘ඔව්හු වැනසෙත් වා!’යි අණ දෙන සේක.


“මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝ ය; මොහු කෙරෙහි මම ප්‍රසන්න ව සිටිමි” කියන හඬක් උත්කෘෂ්ට තේජසින් උන් වහන්සේ කරා පහළ වූ කල්හි දෙවි පියාණන් වහන්සේගේ ගෞරවයත් මහිමයත් උන් වහන්සේ ලැබූ සේක.


එවිට විශාල ජන සමූහයකගේ ඝෝෂාව මෙන් ද, සමුද්‍ර ඝෝෂාවක් මෙන් ද, බලවත් හෙන හඬක් මෙන් ද ශබ්දයක් මට ඇසිණි. ඒ හඬ මෙසේ කී ය: “අලේලූයා! අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ රජකම් කිරීමට පටන්ගෙන ඇත.