ගීතාවලිය 65:6 - Sinhala New Revised Version ඔබ තුමාණෝ සවිය යොදා කඳු හෙල් පිහිටෙවු සේක; ඔබ බලපරාක්‍රමය නමැති ඉඟ පටියෙන් සැරසුණු සේක. Sinhala New Revised Version 2018 ඔබ තුමාණෝ සවිය යොදා කඳු හෙල් පිහිටෙවු සේක; ඔබ බලපරාක්‍රමය නමැති ඉඟ පටියෙන් සැරසුණු සේක. Sinhala Revised Old Version උන්වහන්සේ බලය නමැති ඉඟපටියෙන් සැරසුණුසේක්, තමන් ශක්තියෙන් කඳු ස්ථිරකොට පිහිටුවනසේක. |
සමිඳාණෝ රජකම් කරන සේක; ජයශ්‍රීය නමැති ඉඟ පටිය බැඳ මහිමාලංකාරයෙන් සැරසී සිටින සේක. සදහට ම නොසැලෙන සක්වළ පිහිටෙවු සේක.
බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.”
ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැළවීම ලබාගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.
සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?
ඒදොම්හි සිට රතු ලේ පැහැති ඇඳුම් ඇඳ, අලංකාර වස්ත්‍රවලින් සැරසී, මහා බලසම්පන්න ව ගමන් කරමින් බොශ්රාවෙන් එන මේ තැනැත්තා කවරෙක් ද? ඒ වනාහි, ජයග්‍රහණය ප්‍රකාශ කරන පිණිස ගැළවීම ගෙන දෙන්න බලවත් වන සමිඳාණෝ ය.
එම්බා කඳු! සමිඳාණන් වහන්සේගේ චෝදනාවට කන් දෙන්න. පොළොවේ ස්ථිර අත්තිවාරම්, මේ පැමිණිල්ල අසන්න. මන්ද, සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව කරන පැමිණිල්ලක් ඇත. උන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව චෝදනාවක් කරන්න යන සේක.
උන් වහන්සේ නවතින විට පොළොව කම්පා කරවන සේක; උන් වහන්සේ බලන විට ජාතීන් වෙවුළුවා හරින සේක. පුරාතන පර්වත දෙදරා යයි; සදාකාල කඳු කිඳා බසියි. උන් වහන්සේගේ ගමන් පුරාණයෙහි මෙන් ය.