ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 65:3 - Sinhala New Revised Version

අපේ පව්කම් අපට ඉසිලිය නොහැකි ය; ඔබ තුමාණන් ඒවාට කමා වුව මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අපේ පව්කම් අපට ඉසිලිය නොහැකි ය; ඔබ තුමාණන් ඒවාට කමා වුව මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අයුතුකම් මාගෙන් ජයගනියි. ඔබ වනාහි අපේ අපරාධ පහකර දමනසේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 65:3
21 හුවමාරු යොමු  

උන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසුවෙමි. නුඹ ගොඩනැඟුවාවූ මේ මාලිගාවෙහි මාගේ නාමය සදහට ම පවතින පිණිස එය විශුද්ධ කෙළෙමි. මාගේ නෙත ද සිත ද නිරන්තරයෙන් මෙයට යොමු වී තිබෙන්‍නේ ය.


එවිට ආමොස්ගේ පුත් යෙසායා හෙසකියාට මෙසේ කියා යැවී ය: “ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: අසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ මට කළ යාච්ඤාව මම ඇසීමි.


“නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියා වන හෙසකියාට මෙසේ කියන්න: ‘නුඹේ පියා වූ දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුළු දිටිමි. බලන්න, මම නුඹ සුවපත් කරන්නෙමි. තුන් වන දින නුඹ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන්නෙහි ය.


මාගේ අයුතුකම් මාගේ හිසටත් උඩින් නැඟී ඇත; ඒවා දැරිය නොහැකි බරක් වී ඇත.


මම දහස් ගණන් උවදුරින් වට වී සිටිමි. හිස එසවීමට බැරි තරම් මාගේ පව් මා පිට පැමිණ ඇත. ඒවා මාගේ හිසකේවලට වඩා වැඩි ය. මාගේ සිතට දිරියක් නැත.


ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.


අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව; ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව.


එය මාගේ මුඛයෙහි තවරා, “මෙය නුඹේ තොල්වල තැවරුණේ ය; මෙසේ නුඹේ අපරාධය පහ කරන ලද්දේ ය; නුඹේ පාපය කමා කරන ලද්දේ ය”යි කී ය.


හැම අමාවක් දිනක් හා සබත් දිනක් පාසා ම මට නමස්කාර කරන්න සියලු මනුෂ්‍යයෝ පැමිණෙන්නෝ ය.


සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය.


පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!


මන්ද, මාංසික තෘෂ්ණා ආත්මයාණන් වහන්සේට විරුද්ධ ය. ආත්මයාණන් වහන්සේ ද මාංසික තෘෂ්ණාවලට විරුද්ධ ය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා, ඔබ කැමැති දේ ඔබට කළ නොහැකි ය.


එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?


මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.