ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 14:2 - Sinhala New Revised Version

සමිඳාණෝ සුරලොව සිට බලන සේක; මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමිඳාණෝ සගලොව සිට බලන සේක; මිනිස් ලොවෙහි නැණවත් අය, දෙවිඳුන් වැඳ පුදන අය, ඇද්දැ යි විමසන සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුවණින් ක්‍රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍යපුත්‍රයන් දෙස බැලූසේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 14:2
29 හුවමාරු යොමු  

ඒ මිනිසුන් ගොඩනැගූ නගරය සහ කොත බැලීම සඳහා සමිඳාණන් වහන්සේ බැස වැඩිය සේක.


එබැවින් මම දැන් බැස ගොස් මා වෙත පමුණුවා ඇති චෝදනාවල ඇත්ත නැත්ත විභාග කරමි”යි වදාළ සේක.


දෙවියන් වහන්සේ ලෝකය දෙස බලා එය දූෂ්‍ය වී ඇති බව දුටු සේක. මිහි පිට මිනිසාගේ කල්ක්‍රියා දරුණු ලෙස දූෂ්‍ය වී තිබුණේ ය.


එසේ වුවත්, ඔබ දේශයෙන් අෂේරා කප් කණු පහකර දැමීම ද දෙවියන් වහන්සේ සෙවීමට ඔබේ සිත යොමු කිරීම ද යන යහපත් ක්‍රියා කර ඇත්තේ ය”යි කීවේ ය.


“ශුද්ධස්ථානයේ පවිත්‍ර කිරීම ලෙස පිරිසිදු නොවූ නමුත්, තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සොයන්න තමන්ගේ සිත් යොමු කරගෙන සිටින සියල්ලන්ට කරුණාවන්ත සමිඳාණන් වහන්සේ කමා වන සේක්වා”යි කීවේ ය.


පවට නැමුණු මිනිසාට සුපිරිසිදු කෙනෙකු විය හැකි ද? මව් කුසින් උපන් කවරෙකු කොතෙක් දැහැමි වනු ඇද් ද?


නුවණැත්තෝ මේ දේ සිතට ගනිත් වා! ඔව්හු සමිඳුන්ගේ තිර පෙම පිළිගනිත් වා!


හිමි තුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක. එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය. හිමි තුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක.


පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝ ය.


නියම දැනීමක් හා තේරුමක් නැති ව ඔව්හු අඳුරෙහි සැරිසරන්නෝ ය. පොළෝ පදනම් සියල්ල කම්පා වන්නේ ය.


මෝඩ මිනිසා මේ ගැන නොදන්නේ ය; අනුවණයන්ට මෙය තේරුම්ගත නොහැකි ය.


මෙසේ ඔබ, දැහැමිකම ද යුක්තිය ද සත්‍යවාදී බව ද යන සියලු යහ මඟ තේරුම්ගන්නෙහි ය.


අනුවණයෙනි, නුවණ ලබාගන්න, දැනුම්තේරුම් ඇති අය වන්න; මෝඩයෙනි, කල්පනාකාරී වන්න.


ඈ මෙසේ කියන්නී ය: “අනුවණ ජනයෙනි, මෙහි පිවිසෙන්න.” ඈ මෝඩ මිනිසුන්ට මෙසේ කියන්නී ය:


“අනුවණ ජනතාවෙනි, මෙහි පිවිසෙන්න.” මෝඩ මිනිසුන්ට ඈ මෙසේ කියන්නී ය:


ගස්වල අතු වියළී කැඩී ගොස් ඇත. ස්ත්‍රීහු ඒවා දරට එකතු කරති. සෙනඟ කිසිවක් තේරුම්ගෙන නැති නිසා, ඔවුන්ගේ මැවුම්කාර දෙවිඳුන් ඔවුන්ට අනුකම්පා කරන්නේ වත්, දයාවපාන්නේ වත් නැත.


හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න.


සමිඳුනි, ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබේ ශුද්ධ තේජාන්විත භවනයේ සිට බැලුව මැනව. අප කෙරේ සැලකිල්ල කොයි ද? ඔබේ බලය කොහි ද? ඔබේ ප්‍රේමයත්, අනුකම්පාවත් අපෙන් ඉවත් නොකළ මැනව.


ඔබ අහස පළාගෙන නොබසින්නේ මන් ද? එවිට කඳු ඔබ තුමාණන් දැක බියෙන් කම්පා වනු ඇත.


පල්හෑලි දොඩන, තොල් මතුරන අනවිනකාරයන්ගෙන් ද දෛවඥායන්ගෙන් ද ශාස්ත්‍ර අසන්න කියා සෙනඟ නුඹලාට කියනු ඇත. “ජීවතුන් උදෙසා මළවුන්ගෙන් ද දෙවි දේවතාවන්ගෙන් ද විචාරන්න යුතු ය”යි ඔවුන් කියනු ඇත.


සමිඳාණන් වහන්සේ කතා කොට, “මාගේ සෙනඟ අඥාන ය; ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවන් වැනි ය; ඔවුන්ට කිසි තේරුමක් නැත; නපුරු දේ කිරීමට ඔව්හු දක්ෂ ය, එහෙත්, යහපත කිරීමට ඔව්හු නොදනිති”යි වදාළ සේක.


ජෙරුසලම් ජනයෙනි, වීදිවල ඔබමොබ දුව ගොස් බලන්න; ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. යුක්තිය කරන, සත්‍යය සොයන එක ද මිනිසෙක් වත් ඇද්දැ යි සොයා බලන්න. එවැන්නෙක් ඇත්නම්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමට කමා වනු ඇත.


මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙයි.


බොහෝ දෙනෙක් තමන් ම ශුද්ධ පවිත්‍ර කරගෙන ධවල දීප්තියෙන් පිරිසිදු වන්නෝ ය. දුෂ්ටයෝ දුෂ්ටකමෙහි ම නියැලී සිටින්නෝ ය. ඔවුන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝ ය. එහෙත්, නුවණැති නායකයෝ පමණක් තේරුම්ගනිති.


මේ සෙනඟගේ සිත් අඳුරු ය; ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මම ද ඔවුන් සුවපත් කරමි’ යනු යි.


හරි දැනුම ඇති එක් කෙනෙක් වත් නැත; දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක් වත් නැත.


ඇදහිල්ල නැති ව උන් වහන්සේගේ ප්‍රසාදය දිනාගැනීමට පුළුවන්කමක් නැත. මන්ද, දෙවියන් වහන්සේ වෙත ළඟා වන්නා උන් වහන්සේ ජීවත් වන බවත්, උන් වහන්සේ සොයා එන්නවුන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතු ය.