ගීතාවලිය 119:42 - Sinhala New Revised Version එවිට මට නින්දා කරන්නාට දිය යුතු පිළිතුරක් මට ඇති වන්නේ ය. මන්ද, මම ඔබේ වචනය විශ්වාස කරමි. Sinhala New Revised Version 2018 එවිට මට නින්දා කරන්නාට දිය යුතු පිළිතුරක් මට ඇති වන්නේ ය. මන්ද, මම ඔබේ වචනය විශ්වාස කරමි. Sinhala Revised Old Version එවිට මට නින්දාකරන්නාට දිය යුතු උත්තරයක් මට ඇතිවන්නේය; මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි විශ්වාසකරමි. |
ඔබේ මෙහෙකරුවා වන මට ඔබ දුන් පොරොන්දුව සිහිකළ මැනව. ඔබ එය ගැන බලාපොරොත්තුව මා තුළ ඇතිකළ සේක.
ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය. මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.
මාගේ සතුරෝ, ‘ඔබේ දෙවියෝ කොහේ දැ’යි නිරතුරු කියමින්, කඩුපතින් ඇන මාගේ ඉල ඇට කඩන්නාක් මෙන් නිගා කරති.
මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?
“ස්වාමීනි, ඒ වංචාකාරයා ජීවත් ව සිටිය දී, ‘මම තුන් දවසකට පසු මරණින් උත්ථාන වන්නෙමි’යි කී බව අපට මතක ය.
එබැවින්, භවතුනි, ධෛර්යවත් වන්න. මන්ද, මම දෙවියන් වහන්සේ විශ්වාස කරමි; මට කී ලෙස ම සිද්ධ වන්නේ යයි විශ්වාස කරමි.