තවද, ආබ්‍රහම් ඒ ස්ථානයට “ජෙහොවා-ජීරේ” යන නාමය තැබී ය. මීට අද දක්වා “සමිඳාණන් වහන්සේගේ කන්දේදී සපයන ලදී” යන කීම ව්‍යවහාර වේ.
ගීතාවලිය 119:126 - Sinhala New Revised Version සමිඳුනි, ඔබට ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන් පැමිණ ඇත. සෙනඟ ඔබේ ව්‍යවස්ථාව කඩකර ඇත. Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබට ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන් පැමිණ ඇත. සෙනඟ ඔබේ ව්‍යවස්ථාව කඩකර ඇත. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ විසින් ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන්ය; මක්නිසාද ඔව්හු ඔබගේ ව්‍යවස්ථාව කඩකළෝය. |
තවද, ආබ්‍රහම් ඒ ස්ථානයට “ජෙහොවා-ජීරේ” යන නාමය තැබී ය. මීට අද දක්වා “සමිඳාණන් වහන්සේගේ කන්දේදී සපයන ලදී” යන කීම ව්‍යවහාර වේ.
ඔහු පිළිතුරු දෙමින්, “මම සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා බොහෝ උද්‍යෝගයෙන් සේවය කෙළෙමි. කුමක්හෙයින් ද, ඉශ්රායෙල් ජනයා ඔබේ ගිවිසුම අත්හැර, ඔබේ පූජාසන කඩාදමා, ඔබේ දිවැසිවරුන් ද කඩුවෙන් මැරුවෝ ය. ඉතුරු ව සිටින්නේ මම පමණක් ය. ඔව්හු මාගේ ප්‍රාණයත් නැති කරන්න සොයති”යි කී ය.
ඔබ පිබිද සියොන්ට කරුණා කරන සේක. ඊට අනුකම්පා කළ යුතු කාලය දැන් ය; නියම කාලය පැමිණ තිබේ.
වඩිනු මැනව සමිඳුනි, ඔබට එරෙහි ව නැඟිටින්නට මිනිසාට ඉඩ නුදුන මැනව. ජාතීහු ඔබ අබිමුව විනිශ්චය කරනු ලබත් වා!
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බොහෝ කල් නිශ්ශබ්ද ව මාගේ සෙනඟට පිළිතුරු නොදී සිටියෙමි. ප්‍රසව වේදනා ඇති ස්ත්‍රියක මෙන් හතිදමමින්, සුසුම්ලමින් දැන් මහා හඬින් කෑගසමි.
‘අපි ප්‍රඥාවන්තයෝ ය; සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේ ය’යි නුඹලා කියන්නේ කොහොම ද? බලන්න, වංක විනයධරයන් ව්‍යවස්ථාව බොරු කර ඇත.
නීතිය දුර්වල වී ඇත. යුක්තිය කිසි කලෙක ඉටු නොවේ. දුෂ්ටයන් ධර්මිෂ්ඨයන් යටපත් කර ඇත. යුක්තිය නොපිට පෙරළා ඇත.
“එහෙත්, පූජකයන් වන නුඹලා හරි මාර්ගයෙන් පිට ගොස් ඇත. නුඹලාගේ ඉගැන්වීම් නිසා බොහෝ දෙනෙකු වරදට වැටී ඇත. ලෙවී සමඟ මා කළ ගිවිසුම නුඹලා කඩ කර ඇත.
පියාට ගෞරව කිරීමට ඔහු බැඳී නැතැ යි ඔබ කියන්නහු ය. මෙසේ ඔබ තමන්ගේ පරම්පරාගත සම්ප්‍රදාය නිසා දෙවියන් වහන්සේගේ ආඥා අවලංගු කළහු ය.
එසේ නම් ඇදහිල්ල අවධාරණය කිරීමෙන් අපි ව්‍යවස්ථාව අවලංගු කරමු ද? කොහෙත් ම නැත. අපි ව්‍යවස්ථාව වඩාත් තහවුරු කරමු.
ඒ උරුමය හිමි වන්නේ නීතිය පිළිපදින අයට පමණක් නම්, ඇදහිල්ල නිරර්ථක ය, පොරොන්දුව නිෂ්ඵල ය.
තම ජනයාගේ බලය නැති වූ බව, දාසයා ද නිර්දාසයා ද නැති බව, සමිඳාණෝ දැක; සිය සෙනඟට යුක්තිය ඉටු කරන සේක; ඔවුන්ට අනුකම්පා කරන සේක.