Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:126 - Sinhala Revised Old Version

126 ස්වාමීන්වහන්සේ විසින් ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන්ය; මක්නිසාද ඔව්හු ඔබගේ ව්‍යවස්ථාව කඩකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

126 සමිඳුනි, ඔබට ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන් පැමිණ ඇත. සෙනඟ ඔබේ ව්‍යවස්ථාව කඩකර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

126 සමිඳුනි, ඔබට ක්‍රියා කිරීමට සුදුසු කාලය දැන් පැමිණ ඇත. සෙනඟ ඔබේ ව්‍යවස්ථාව කඩකර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:126
14 හුවමාරු යොමු  

අපි ප්‍රඥාවන්තයෝය, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව අප වෙත ඇත්තේයයි නුඹලා කියන්නේ කොහොමද? එහෙත්, බලව, ලියන්නන්ගේ බොරු පන්හිඳ ඒ ව්‍යවස්ථාව බොරුවක් කර තිබේ.


එබැවින් ව්‍යවස්ථාව බෙලහීනවී, විනිශ්චය කවදාවත් නොනික්මෙයි. මක්නිසාද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයා වටකරති; ඒ නිසා විපරීත විනිශ්චයක් සැලසේ.


මෙසේ නුඹලා නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකළහුය.


එහෙත් නුඹලා මාර්ගයෙන් ඉවත්ව ගොස්, ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනෙකු පැකිලෙන්ට සැලැස්වූහුය; නුඹලා ලෙවීගේ ගිවිසුම බිඳදැමුවහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ව්‍යවස්ථාවෙහි වූවෝ උරුමක්කාරයෝ නම් ඇදහිල්ල අවලංගුවේ, පොරොන්දුවද නිෂ්ඵලවී තිබේ.


එසේවී නම් අපි ඇදහිල්ල කරණකොටගෙන ව්‍යවස්ථාව අවලංගුකරමුද? එසේ නොවේවා. අපි ව්‍යවස්ථාව ස්ථිරකරමුව.


ස්වාමිනි, නැගුටුණ මැනව; මනුෂ්‍යයා ජය නොගනීවා. ජාතීහු ඔබ ඉදිරියේ විනිශ්චයකරනු ලබත්වා.


මම බොහෝ කල් නිශ්ශබ්දව සිටියෙමි; නිශ්චලව කථා නොකර සිටියෙමි. දැන් විළිරුජා ඇති ස්ත්‍රියෙකු මෙන් කෑගසන්නෙමි; එකවිටම කට ඇර හතිදමන්නෙමි.


ඔබ නැගිට සියොන්ට කරුණාකරනසේක. ඊට අනුකම්පාකළ යුතු කාලය දැන්ය, එසේය, නියම කාලය පැමිණ තිබේ.


එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.


ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා-යිරෙ යන නාමය තැබුවේය. මෙසේ: ස්වාමීන්වහන්සේගේ කන්දේදී සපයා දෙනුලබන්නේයයි අද දක්වා කියති.


ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක්හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයත් නැතිකරන්ට සොයතියි කීවේය.


මක්නිසාද ඔබගේ මෙහෙකරුවෝ එහි ගල්වලට ප්‍රියවෙති, එහි දූවිල්ලට අනුකම්පාකෙරෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්