සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි.
ගීතාවලිය 119:114 - Sinhala New Revised Version ඔබ මාගේ රක්ෂාස්ථානය වේ, මාගේ පලිහ වේ. ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි. Sinhala New Revised Version 2018 ඔබ මාගේ රක්ෂාස්ථානය වේ, මාගේ පලිහ වේ. ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි. Sinhala Revised Old Version ඔබ මාගේ සැඟවෙන ඉඩමත් පලිහත්ය. ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවෙමි. |
සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි.
ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය. මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.
සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.
ඔව්හු, සුළඟින් වැළකෙන්න රැකවරණයක් මෙන් ද කුණාටුවෙන් සැඟවෙන්න ස්ථානයක් මෙන් ද වියළි බිමේ ගලා යන දිය පාරවල් මෙන් ද පාළු පෙදෙසක සෙවණ ගෙන දෙන විශාල පර්වතයක් මෙන් ද වන්නෝ ය.