ගීතාවලිය 116:4 - Sinhala New Revised Version එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි. Sinhala New Revised Version 2018 එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි. Sinhala Revised Old Version එවිට මම ස්වාමීන්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: ස්වාමිනි, මාගේ ප්‍රාණය මිදුව මැනවයි කීයෙමි. |
මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමන් වෙත නැඟිණි.
හිමි තුමන්ට කන්නලව් කළ එක් අසරණයෙක් විය; එතුමාණෝ ඔහුගේ බස් අසා, සියලු දුක් ගැහැටවලින් ඔහු මිදූ සේක.
එහෙත් අයකැමියා ඈතින් සිට ස්වර්ගය දෙස ඇස් ඔසවා බලන්නට වත් නොසිතා, තමාගේ ළයට ගසාගනිමින්, ‘දෙවියන් වහන්ස, පව්කාර වූ මා හට කරුණා කළ මැනවැ’යි කී ය.